අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දෙන නිල අඳුම් රෙදි වව්චර එකතු කර පාසලේ පොළක් පවත්වා නිල ඇඳුම් රෙදි බෙදා දුන් බව කියන කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය සම්බන්ධයෙන් කොළඹ කලාප කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ගුරුවරුන් ලවා රෙදි කප්පවා පාසලේ පොළක් පවත්වා වවුචරයට නිල ඇඳුම් රෙදි බෙදන බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කළ පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කර ඇතැයි කලාප කාර්යාලයයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙලස සිදු කිරීම නීති විරෝධී බවත්, විදුහල්පතිනිය සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් ගුරු සංගමයේ ලේකම් ස්ටාලින් මහතා කීවේය.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා කීවේ තමා ගොස් නිල ඇඳුම් බෙදීම නැවැත්වූ බවයි. කලාප අධ්‍යාපන කාර්යාලයයේ විමර්ශන වාර්තාව ලද වහාම විදුහල්පතිනියට එරෙහිව පියවර ගන්නා බව ද නෝනිස් මහතා සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් දෙමව්පියන් රස්තියාදු කරමින් අපහසුතාවට පත්කරන වැඩක්. (නි)