පාසල් නිල ඇඳුම් වවුචර වෙනුවට නිල ඇඳුම් රෙදි සිසුන්ට බෙදා හැරියේයැයි කියන මහනුවර බදුර්දීන් බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනියගේ වැඩ අධ්‍යාපන ලේකම් විසින් තහනම් කරනු ලැබීය.
අධ්‍යාපන අමාත්‍යංශය වවුචර බෙදා දෙන්නේ එම වවුචර මගින් සිසුන්ට කැමති තැනකින් නිල ඇඳුම් රෙදි මිලදී ගත හැකි පරිදිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ආණ්ඩුව කළා වගේ රෙදි දෙන්නයි තියෙන්නේ. වවුචර් වලින් ලැබෙන ගණන රෙදි ගන්නත් මදි. මැහුම් කුලිය ගොඩක් යනවා. අමතර රෙදිවලට ගෙවන්නත් ඕනෑ. වවුචර් ක්‍රමය ප්‍රායෝගික නැහැ. අපේ පන්සලෙන් වවුචර් ප්රශ්නය නිසා දුක් විඳින පාසල් ළමයින්ට උදව් කරනවා මුදලින්. (නි)
කොහොම උනත් කියන විදිහට වැඩේ කළානම් ඉවරයිනේ. (ර)
හොද වැඩක් කරලා තියෙන්නේ.පාසල් නිවාඩු දෙන දවසට රෙදි දුන්නනම් කිසිම කරදරයක් නැහැ .කාට කියන්නද මෙව්වා (බ)
අපේ රටේ හොරකම දුෂණය පිටුදැකීම සිහිනයක් පමණි.පුළුවන් හැම එකාම තම තමන්ගේ මල්ල පුරවා ගැනීම තමයි කරගන්නේ. රටකට ගිය කලක්.! (බ)
මෙම ක්‍රියාව දේශපාලන ඇසින් නොබලා කටයුතු කරනවානම් ඉතා වැදගත්. (ර)
හුගක් අය කොමෙන්ට් දාන්නේ තමන්ගේ දේශපාලනික ඇදහිලි මනසේ තබාගෙන. මේ වවුචර් ක්‍රමයට මමත් මුලින් අකැමැති වුණා. නමුත් භාවිතයේදී මෙය ඉතා ලේසියි. ටේලර් ෂොප් ඒකට ගිහින් දීම පමණමයි කළ යුත්තේ. රෙදි ගන්න සල්ලි මදි කියන හිමි නමගේ වෙළදපල දැනුම මදි.(සමාවෙන්න අපේ හාමුදුරුවනේ). පෙර දුන්නෙත් එක කිට් එකකට රෙදි දැන් දෙන්නෙත් එක කිට් එකකට රෙදි. වෙනස තියෙන්නේ දැන් වවුචරයක් උසුලාගෙන යාමත් පෙර රෙදි කැබලි උසුලාගෙන යාමත් පමණයි. (බ)