(සන්ඩේ ටයිම්ස් ඇසුරිනි - 055)
හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුමේ කෙටුම්පත් ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. හම්බන්තොට වරායේ සියයට 80% කොටස්වලට හිමිකම් කීමට නියමිත ‘චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් කම්පැණි’ සමාගම වසර දහයකට පසු ආයෝජනයෙන් හතරෙන් එකක් ශ්‍රී ලංකා සමාගමකට පැවැරිය යුතු බවට වන වගන්තියක් ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත කෙටුම්පතට ඇතුළත් කර ඇතැයි දැගන්නට තිබේ.
අදාළ වගන්තිය සැකසෙමින් පවතින අවසන් කෙටුම්පතට ඇතුළත් කර ඇති ඇත්තේ මීට දින දහයකට පෙරය. ඒ හම්බන්තොට වරාය ගිවිසුමෙන් වැඩි ප්‍රමාණයකට චීන සමාගම හිමිකම් කියන බවට විවේචනය කරන පිරිස් සතුටු කිරීමේ අරමුණිනි.
‘චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් කම්පැණි’ සමාගමට සියයට 80% ක් වන පරිදිත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට 20% ක් වන පරිදිත් මුල් ගිවිසුම සකස් කර තිබිණි. එමෙන්ම වසර 99 ක් අවසානයේදී චීන සමාගම වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියට බරා දීමේ කොන්දේසිය ද එහි ඇතුළත්ය.
නව වගන්ති අනුව වසර දහයක් අවසානයේදී කොටස් හිමිකාරිත්වයෙන් 20% ක් චීන සමාගම ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය. “චීනයට ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඔවුන්ට බහුතර කොටස් හිමිකාරිත්වය බවත් එය 51% ක් වුවද කමක් නැති බවත් චීන තානාපතිවරයා ප්‍රසිද්ධියේම කියා සිටියා” යැයි වාර්තා විය.
කෙසේ නමුත් චීන සමාගම වසර දහයක් අවසානයේදී මුදා හරින 20 %ක කොටස් හිමිකාරිත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවිය යුතු යයි නව කොන්දේසිවල සඳහන් නොවේ. එහි සඳහන්ව ඇත්තේ එය ශ්‍රී ලංකාව හෝ ශ්‍රී ලංකා සමාගමට හිමිවිය යුතුයි යනුවෙනි. එම කොටසේ සියලු මෙහෙයුම් කටයුතු පවතින උපකරණ සහ පහසුකම් යටතේ එම කොටස ගන්නා පිරිස විසින් කළ යුතුව ඇති බවටත් එහි සඳහන් වේ.
“වරාය මෙහෙයුම් මට්ටමට ගෙන ඒමට චීන සමාගමට ඩොලර් මිලියන 700ත් 800ත් අතර මුදලක් වැය කිරීමට සිදුවෙනවා. ඔවුන්ට උපකරණ සහ පහසුකම් වෙනුවෙන් වියදම් කිරීමට සිදුවෙනවා. එම කටයුතු සිදු කිරීමෙන් පසු වරාය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්න පුළුවන්. සමාගම සියයට 2-0 ක් මුදාහරින්න කැමැතියි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට එම කොටස බාරගන්න පුළුවන්නම් වඩා හොඳයි. එසේ නොවූවොත් ශ්‍රී ලංකාවේ වෙනත් පාර්ශවයකට එම අවස්ථාවට හිමිකම් කියන්න පුළුවන්” යැයි ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
මෙම මාසය අවසානයේදී ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය. මේ අතර මෙම ප්‍රදේශයේ හමුදා ක්‍රියාකාරකම් සිදුකිරීම තහනම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලෙන ආංශික අධීක්ෂණ කමිටුවක් ද පත් කිරීමට නියමිතය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1529
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විවේචකයන් සතුටු කරන්න අලුත් කොන්දේසියක්
kumar (galf) Sunday, 19 March 2017 09:59 AM
අල්ලපු රටේ බුලි දාන ලොකු අය්යා මේ ගැන මොකද කියන්නේ ?
ධම්ම Sunday, 19 March 2017 02:02 PM
එයා මේක නොහදා හිටියා නම් මෙයා විකුණන්නේ ඉටිගෙඩියද.ඊළඟ කෙනාට විකුණන්න මෙයා ඉතිරි කරන්න හිතාගෙන ඉන්නේ මොන කෙංගෙඩියද.
[email protected] Sunday, 19 March 2017 07:05 PM
අවුරුදු 99 කට පස්සේ. යකඩ දොෙරක් සහ විශාල මුදලක් වියදම් වෙන වාරයක් ශ්‍රී ලංකාවට ලැබේ.
siri Sunday, 19 March 2017 07:36 PM
"කෑමෙන් හොද කෑම.......[විකුණගෙන කෑම]"කළු ගලක් කියා කියා බැන බැන ඉදල එකත් විකුණගෙන කන්නයි ලෑස්තිය.
dinuka Monday, 20 March 2017 05:02 AM
එතකොට අපේ රටේ භූමියේ සහ අන්තර්ජාතික නැව් මාර්ගයේ පිහිටීමට වටිනාකම සීයට විස්සද?