අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව කැකිරාව ගලෙන්බිඳුණු වැව, හොරොව්පතාන, පදවිය වැනි පෙදස්වලට මාස පහක සිට වැසි නොලැබීම නිසා වැව් අමුණු සිඳී යන තත්ත්වය පත්වී ඇතැයි ගොවියෝ කියති.
පදවියේ ජල මට්ටම සියයට 26 දක්වා අඩු වී ඇත. මාන්නක්කට්ටිය වැව පැලි වළං පැලෙන තත්ත්වයට පත්වී ඇත.
රාජාංගනය, නුවර වැව, කලා වැව වැනි වැව්වලට මහවැලි ජලය ලැබීම නිසා එතරම් ප්‍රශ්නයක් නැතැයි නිලධරයෝ කියති.
එහෙත් වැස්ස දිගටම නොලැබුණහොත් වාරි හා පානීය ජල අර්බුදයක් හට ගනු ඇතැයි ඔවුහු කියති.
(ඡායාරූපය යූ තම්මිට)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd