වෙඩි වැදි මාසයකට වැඩි කලක් අම්පාර හිමිදුරාව වැවේ සිටි අලියා වැව් ඉවුර කරා ළඟා වීම නිසා ප්‍රදේශයේ ධීවරයන් හා ගම් වැසියන් අලියා ගොඩට ගෙන ඒමට කටයුතු කළහ. වනජිවී දෙපාර්තමේන්තුවේ අලි පාලන අංශයේ නිලධාරින් ද එහි ගොස් අලි වෙඩි දමා අලියාව ගොඩ ගෙන ඒමේ මෙහෙයුමක් ඇරඹු බව වනජිවි දෙපාර්තුමේන්තුවේ නැගනහිර පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්ප කුමාර මහතා පවසයි.
ජලයේ බැස සිටින අලියාගේ තුවාල සුව කර බේරා ගැනිම සඳහා අවශ්‍ය පහසුකම් හා මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා දැන්වීය. අලියාට ප්‍රතිකාර කිරිම සඳහා වනජිවි දෙපාර්තමේන්තු ඌව පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි ඩබ්.ධර්මකිර්ති මහතා හට උපදෙස් දුන්නේය. මේ වන විට අලියාට ප්‍රතිකාර කිරිම සඳහා වෛද්‍යවරයා පිටත්ව ගොස් ඇති බවත් වනජිවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඡි.රත්නායක මහතා කියයි.
පශු වෛද්‍ය නිලධාරි ඩබ්.ධර්මකිර්ති මහතා පැවැසුයේ අලියාට ප්‍රතිජිවක ඖෂධ ලබා දුන් බවයි. තවමත් පිටේ ඇති තුවාල සුව නොවී ඇති බැවින් එකම පිළියම වන්නේ ජලයේ සිටිය දිම අවශ්‍ය ප්‍රතිඡිවක ඖෂධ ලබාදිම කළ හැකි හොඳම දේ බවයි.



![11667817_456991477806319_759528463_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11667817_456991477806319_759528463_n1.jpg)
![11720476_456991314473002_254114914_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11720476_456991314473002_254114914_n1.jpg)
![11721090_456991144473019_1914994275_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/11721090_456991144473019_1914994275_n1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තුර බලද්දී මටනම් පෙනෙන්නේ අලි දෙන්නෙක් ඉන්නවා වගෙයි. (ර)
අලියට ඉක්මණට බෙහෙත් කරන්න පින් සිද්ධ වෙයි..මහත්තයෝ ..? (ම)
ඉතාම හොඳ දෙයක්. (ර)
මේ සතා මාසයක්ම වතුරේ ඉන්නකන් මේවට වගකිවයුතු පිරිස් මොකද කලේ මෙච්චර දවසක්. පුදුමයි මේ සතා නොමැරී ඉන්න එකත්. (ර)
මිනිසුනේ අහිංසක සත්තුන්ට හිරිහැර කරන්න එපා, වනේ හිමිකාරයෝ එයාලා. (ර)
බොහොම ස්තුතිය ලංකාදිපයට මෙය පල කිරිමෙන් පසු අලියාට ප්‍රතිකාර කිරිම ඉක්මන් වුණා (ම)
සුමිත්, කොහෙද වනයක් ඉතුරු වෙලා තියෙන්නේ කියන්න?(ම)
පවු,! සත්තුන්ට හිරිහෙර කරන්න එපා. (ර)
මාසයක් මේ සතා වතුරේ හිටියට මේ අයට දඩුවම් කරන්න ඕනේ රාජකාරිය පැහැර හැරියට. (ර)
ඇහැරුනේ දැන්ද? (ර)
අලියා ගොඩ ! සුබ පෙර නිමිත්තක් .(ම)
අලියා ගොඩ ! සුබ පෙර නිමිත්තක් .(ම)
දලදා සමිදු ගෙන යන අලි පරපුරේ. එක අලියෙක් ඈත හිමිදුරාවේ. ගොඩ ගන්නට ජගතෙක් නෑත වනජීවියේ. මියදෙන්නට හරිමුද අලියා හිමිදුරාවේ. (ර)