(සනත් ගමගේ)
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාය යෑමේ අවදානම් ප්‍රදේශවලින් පවුල් 58 ක් අනීවාර්යෙන්ම ඉවත් කළ යුතු බව වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් එන්.ආර් විතානගේ මහතා පවසයි.
සපුතන්ත්‍රි කන්ද අවට ප්‍රදේශයේ පවුල් 22 ක් ද, රම්මල කන්ද ප්‍රදේශයෙන් පවුල් 12 ක් ද,වීදිකන්ද ආශ්‍රිතව පවුල් 24 ක් ද ඉවත් කළ යුතු බව ගෙඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් දන්වා ඇතැයි ලේකම්වරයා කියයි.
මෙම පවුල් වලින් ඇතැම් අය එම ස්ථානවලින් ඉවත් විමට අකමැත්තක් දක්වන බවත් දැනට සිටින ස්ථානයේම කැඩි ගිය නිවාස තනා ගැනීමට ඉල්ලා ඇති බවද ඒ මහතා කියයි
මෙම පවුල් සඳහා නිවාස සෑදිමට සුදුසු ඉඩම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සොයාබලන ලෙසටත් එසේ නොමැතිනම් ආසන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් හෝ අත්පත් කර ගැනිමට වහා පියවර ගන්නැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා උපදෙස් ලබා දුන් බවද කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපදා කළමනාකරණ ඇමතිතුමනි, අපට හැඟෙන විදිහට මෙවැනි විපත් සෑම අවුරුද්දකම පාහේ මැයි මාසයේ ඇතිවීමට පුළුවනි. පහත විසඳුම් ඔබගේ අවධානය සදහා යොමුකරමි. 1. එම ප්‍රදේශ වල තට්ටු ගෙවල් සැදීමට උපකාර කිරීම.. අවම වශයෙන් කොන්ක්‍රීට් ස්ලැබ් වලින් වහලය සකස් කිරීම්. මෙමගින් ඔවුන්ගේ වටිනා බඩු යම්කිසි දුරකට ආරක්ෂා කර ගත හැකි අතර ජීවිතද ආරක්ෂා වේ. 2. ගංගාවල වැලි ගොඩ දැමීම පාලනය මගින් ගංගා ගොඩවී ඉතා සුළු වැස්සකදී පවා ගංවතුර ඇතිවේ. මෙය පිළිබඳව සමීක්ෂණයක් කර නිවැරදි තීරණයක් ගන්න. 3. ගං වතුරකදී බෝට්ටු හානිය මෙන්ම මිනිසුන්ගේ තුවාල වීම් අවම කිරීම සඳහා එම ප්‍රදේශවල ගේට්ටු වලට උල් සවිකිරීමට අවසර නොදීම.. 4. සියලුම පාසල් ළමුන් සහ තරුණයක් සඳහා පිහිනුම් ඉගැන්වීම මෙන්ම සියලුම පුද්ගලයන් සඳහා මෙවැනි අවස්ථාවකදී ජිවිත බේරා ගැනීමේ ආකාරය පිළිබඳව වැඩමුළු පැවැත්වීම.. 5. කාලගුණ අනාවැකි පුළුවන් තරඟ නිවැරදිව කිරීමට අවශ්‍ය පහසුම්කම් සැපයීම සහ එමගින් ලැබෙන ජනතා විශ්වාශය මත ඔවුන්ව ඉතා පහසුවෙන් අනතුරකට කලින් ඉවත් කරගත හැක..