මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගයෙන් විදුලි සංඥා නොතකා ධාවනය කළ පාසල් ළමයින් පිරිසක් රැගත් බස් රථයක් මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුමිරියේ නොගැටී අද උදේ අනුනවයෙන් බේරුණ බව දුම්රිය මගීහු පවසති. බස් රථයේ ගමන් කළ ළමයින් අධ්‍යාපන චාරිකාවට සහභාගී වෙමින් සිටි බව ද බසයේ 65 දෙනකු පමණ සිටි බව ද කියයි.
දුම්රිය ගේට්ටුව වැසෙනවාත් සමගම බසය ගේට්ටුවට සිරවී ඇත. මේ බව දුර සිටම දුටු දුම්රිය රියැදුරා මීටර් 50ක් පමණ ඈතින් දුම්රිය නවතා ගෙන ඇති අතර ඒසැණින් බස් රථයේ රියැදුරා දුම්රිය ගේට්ටුව කඩා ගෙනම බස් රථ ඉදිරියට ධාවනය කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් මොනවා කියවනවද? වඳින්න ඕනෑ දුම්රිය රියදුරු දෙවියාට (නි)
කොහොමත් ගේට්ටුව වහන කෙනා පොඩ්ඩක් පාර බලල වහනවානම් තමයි ඇඟට ගුණ... මම අනන්ත දැකල තියෙනවා වාහන යන වෙලාවට වහල ඒවායේ වැදිලා ගේට්ටු කැඩෙනවා... මොකද අපේ රියදුරු මහත්තුරු වාහනේ නවත්තන්නේ ගේට්ටුව වැහුවොත් විතරයි.. විදුලි සංඥා සත පහකටවත් ගණන් ගන්නේ නෑ..(බ)
අතපය කඩන්න ඕනේ බස් රියදුරාගේ, දුම්රිය හරස් මාර්ග ගේට්ටු එක පාර වැහෙන්නේ නෑ. බොහොම හෙමින් වැහෙන්නේ, අනික සීනුවකුත් නාද වෙනවා වැහෙන්න විනාඩි ගානකට කලින් ඉඳන්, රතු පාට විදුලි පහන් දෙකක් දැල් වෙනවා, ඔය එකක් වත් ඔය මිනිහට පෙනුනේ නැද්ද. පින් දෙන්න ඕන දුම්රියේ රියදුරාට එච්චර ලොකු වාහනයක් නවත්තල රටේ අනාගත මල් කැකුළු ටික බේරුවට. ඇස් කන් තියෙන බලධරයනි, බස් රියදුරාගේ රියදුරු බලපත වහාම අවලංගු කරන්න. (බ)
ඉතිහාසයේ පළමු වතාවට රථවාහන අනතුරකට මරණ දඬුවම දීලා වැඩි කාලයක් යන්නත් පෙර එවැනිම වරදක් කරන්න තරම් මේ රියදුරා මෝඩද?? මෙවැනි අයට කිසිදිනෙක රිය පදවන්න නොහැකි වෙන ආකාරයේ දඬුවමක් දිය යුතුයි. (බ)
මෝඩ කතා කියන්න එපා සම්පත් (නි)
සම්පත් ස්ථානෝචිත ප්‍රංඥාව කියන එක ඔය දන්නේ නෑ. (අ)
මේකට ඩයිවර්ලට බැනල වැඩක් නැහැ. මේක රේල්ලුවේ තියන ගොන් සිග්නල් ලයිට් ක්‍රමයේ වැරද්දක් හින්දයි වෙන්නේ. රේල්ලුවේ සිග්නල් ලයිටේ ක්‍රමය හැටියට පාරේ අයිනේ පැත්තකින් රතුපාට විතරක් නිවෙන පත්තු වෙන විදියටයි තියෙන්නේ. එක පාරේ වාහන එළවන් යන මෙලෝ යකෙක්ට පෙන්නේ නැහැ. එක්කෝ ඉස්සර තිබ්බ විදියට (හතරමන් හන්දිවල තියන විදියට) පාට තුනේ ලයිටේ ක්‍රමය දැමිය යුතුයි. (බ)
දුම්රිය ගේට්ටුව කඩාගෙන යන්න කලින් බස් රියදුරාගේ මීහරක් මොලයට තේරුනේ නැද්ද දන්නේ නැහැ ගේට්ටුව වැහෙන්නේ දුම්රිය එනකොට කියල . (නදී)
වටිනා මිනිස් ජීවීතත් එක්ක මේ මිනිසු සෙල්ලම් කරනවාද (දිල්)
බසය පදවලා තියෙන්නේ මොනවගේ කෙනෙක්ද? නිකමට මේ අහන්නේ!(දිල්)
ගේට්ටුවක් වැහෙන්න පටන් ගන්න කලින් බෙල් එක වදිනවනේ විනාඩි ගණනක්. එහෙම නම් කොහොමද ගේට්ටුවට බස් එක හිර උනේ. නොසැලකිලිමත් ලෙස කල වරදක් නේද මේ ? (නදී)
පාලිත ගේ අදහස් වල ඇත්තක් තියෙනවා. සාපරාදී වරදක් කිරීමට තැත් කිරීම සම්බන්දයෙන් බසයේ රියදුරා නීතිය හමුවට ගෙන ආ යුතුයි. (නදී)
සම්පත් වගේ තව 4 දෙනෙක් අපේ රටේ හිටිය නම් හරි අගෙයි. (නදී)
සමහරවිට බස් එකේ රියදුරු මහත්තයා දන්නේ නැතුව ඇති බෙල් එක වදින්නේ මොකටද කියලා. ඒ වගේ කට්ටිය තමයි අද කාලේ බස් එළවන්නේ. හැමෝමත් නෙමෙයි. එහෙත් ගොඩක් අය. නීතියක් දැම්මොත් හොඳයි බස් එළවන්න ටිකක් උගත් හෝ බුද්ධිමත් මිනිස්සු පත්කරන්න. (නි)
දරුවන්ගේ පිනකට මේ භයානක අනතුර වැලකී ගියා කියන්න පුළුවන්. බසයේ රියදුරා හිටියේ කුඩු ගහලද, බී මතින්ද කියලා පරික්ෂා කරල, එයාට විරුද්ධව ජීවිත රැසක් හානි කිරීමට තැත් කිරීමේ වරදට උපරිම දඬුවම් ලබා දිය යුතුය. එවැනි දඬුවමක් අනිත් අයටත් පාඩමක් වේවි !!!! (අ)
මේ බස් රියැදුරාට උපරිම දඬුවම් දෙන්න (අ)
මෙතන සිග්නල් තිබෙන විදියට අනතුරු නොවීම පුදුමයක්. දුම්රිය දෙපාර්තමේන්තුව සුදුසු විදියට සකස්කළ යුතුයි (නි)
සීල හරි , මෙය සාපරාදී මිනි මැරීමකට තැත් කිරීමක් . මොහුට නඩු දාල රියදුරු බලපත ජිවිත කාලයටම තහනම් කරන්න .(හේ)
මම හිතන්නේ රියදුරන් දෙදෙනාම තමන්ගේ ස්ථානෝචිත ප්‍රංඥාව පාවිච්චිකරලා අහිංසක දරුවන් පිරිසගේ ජීවිත බේරාගෙන තියනවා. නැත්නම් අද අපිවගේ අම්මල තාත්තල කී දෙනෙක් නම් පොළොවේ පස්කනවා ඇද්ද? වැරැද්ද නිවැරැද්ද නෙවෙයි මේ වගේ අවස්ථාවක ප්‍රතිපලයයි වැදගත්. (නදී)
ලයිසන් එක තහනම් කලත්, හිරේ දැම්මත් මොන සෙල්ලම දාලා හරි බස් එලවනවා. මොකද බස් මුදලාලිලා මාර කැමතියි මේ ජාතියේ අයට (නදී)
අද බස් රථ රියදුරන්ගෙ මොළයේ තියෙන්නෙ මොනවද කියලා මට හිතෙනවා. ඔච්චරම ඔය රියදුරාට තේරුනේ නැද්ද කලර් ලයිට් තියෙද්දි පාර හරහ දාන්නෙ? කෝච්චියක් එද්දි කලර් ලයිට් වගේම සයිරන් එකත් ඇහෙනවනෙ. (නි)
මෙහෙම මිනිසුන්ටද පාසල් දරුවන් විනෝද චාරිකා යන්න බාරදෙන්නේ? (නි)