IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වලව සුපර්ක්‍රොස්’ ජූලි 7 දා

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘වලව සුපර්ක්‍රොස්’ තරගාවලිය ජූලි මස 07 වැනිදා උදෑසන 9.00 සිට උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

දක්ෂතම මෝටර් රථ රියදුරා සහ දක්ෂතම යතුරුපැදි ධාවකයා තෝරා ගැනීම සඳහා වන තරගද ඇතුළත්ව තරග ඉසව් 25 කින් සමන්විත වන මෙවර තරගාවලියට යතුරුපැදි තරග 13 සහ මෝටර් රථ තරග 12 ඇතුළත්වේ.

තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයන් වශයෙන් කෝස්වේ පේන්ට්ස් ආයතනය ඉදිරිපත් වී සිටින අතර සම අනුග‍්‍රහකයන් ලෙස ඞීමෝ ආයතනය, මහජන බැංකුව, හොණ්ඩා සමාගම සහ සියැට් ආයතනය කටයුතු කරති. තරගාවලියේ ආහාර පාන සඳහා අනුග‍්‍රාහය සපයන්නේ කාගීල්ස් සමාගම සහ කොකාකෝලා සමාගම විසිනි.

 

(ඡයාරූපය : සුමින්ද සුදර්ශන පතිරණ)

 

 

 

 

 

 

 

 

 

 

 

කෝස්වේ පේන්ට්ස් ආයතනය නියෝජනය කළ කිරිදරන් මහතා විසින් තරගාවලියේ අනුග‍්‍රාහක චෙක්පත කර්නල් දුමින්ද සිරිනාග මහතාට ප‍්‍රදානය කළ අයුරු.....
 

 



අදහස් (0)

වලව සුපර්ක්‍රොස්’ ජූලි 7 දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site