(සනත් ගමගේ)
වලවේ ගඟ උතුරා යෑම හේතුවෙන් අද (23) අම්බලන්තොට ප්‍ර දේශයේ ගම් රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති බව හම්බන්තොට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
අම්බලන්තොට වලවේ ගඟ පිහිටි ගංඉවුර දෙපස පහත් බිම් මෙලෙස ජලයෙන් යටවි ඇත. බෝලාන දකුණ, මැලේ කොළණිය, වැටිය, පල්ලේරොට, මාමඩල, ජංසගම, වාඳුරුප්ප, ලියන්ගස්තොට, ඇතුළු පහත්බිම් පිහිටි ගම් රැසක ජනතාව ගඟ පිට ආර ගැලීමෙන් පීඩාවට පත් වී සිටිති.
අම්බලන්තොට ථෙරපුත්ත ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් හා සනීපාරක්ෂක පද්ධතිය මුළුමනින්ම ජලයෙන් යටවී ඇත. ඒ හේතුවෙන් පාසල නිවාඩු දී ඇති බව විදුහල්පතිනි වින්ධ්‍යා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළාය.
ථෙරපුත්ත ජාතික පාසලේ ද පැමිණ සිටි සියළුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිවෙස් වෙත යැවීමට වහා පියවරගෙන පාසල වසා දැමීමට පියවර ගත් බව විදුහල් පතිවරයා සඳහන් කලේය.
අම්බලන්තොට රජයේ රෝහලටද ගංවතුර තර් ජනය එල්ල වීමේ අවදානමක්පවතින හෙයින් නේවාසික රෝගීන් හම්බන්තොට මහ රේාහලට මාරුකර යැවීමට පියවර ගනීමට කටයුතු කරන බවද එහි ප්‍රකාශකයෙක් කීය.
උඩවලව ජලාශයේ ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින හෙයින් ගඟ ඉහළධාර කොටස් වලට පවතින අධික වැසි හේතුවෙන් වලවේ ගඟ ජල මට්ටම ඉහළ ගොස් ඇත.



2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වලවේ ගඟ උතුරයි:පහත් බිම් යටවෙයි