(අකිල බද්දෙවිතාන,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
වැල්ලවත්ත සැවොයි අසල තට්ටු පහඩනැගිල්ලක් කඩා වැටී 21 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් හතර දෙනකු තවමත් අතුරුදන් බවත් පොලිසිය කියයි.


ගාලු පාරේ වැල්ලවත්ත ප්‍රදේශයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.
මේ මොහොතේ එම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නිසා බේරාගැනීමේ මෙහෙයුම්වලට බාධා පැමිණ ඇත.
ගිලන් රථ 10කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එම ස්ථානයට පැමිණ තිබේ.

බැංකෝ යන්ත්‍ර රැසක් එම ස්ථානයට පැමිණ ඇත.

වැල්ලවත්ත නගරයේ අධික රථ වාහන තදබදයක් ඇති වී තිබෙන අතර වර්ෂාව මධ්‍යයේ පොලිසියේ නිලධාරින් තුවාලකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.




කඩා වැටී තිබෙන්නේ සැවෝයි සිනමා හල පිටුපස තිබූ උත්සව ශාලාවක් බවට දැනගන්නට තිබේ.


මාධ්‍යවේදීන්ට එම ස්ථානයට යාමට අවසර නොමැති අතර ඩ්‍රෝන යානාවක් යැවූ රූපවාහීනි නාලිකාවක මාධ්‍යවේදීන් පිරිසකට පොලිසිය බැන වැදුණේය.
යළිත් එම ස්ථානයට තද වැසි ඇද හැලෙයි.

පාසල් සිසුන් ඇතුළු සාමාන්‍ය ජනතාව එම ස්ථානය නැරඹීමට පැමිණීමෙන් මෙහෙයුම් කටයුතුවලට බාධා වන බැවින් එසේ පැමිණීමෙන් වළකින්නැයි පොලිසිය කියයි.
27දෙනකු තුවාල ලබා ඇත.ඉදිකිරීම් වැඩ බිමේ සේවකයින් හා උත්සව ශාලාවේ සේවකයින් පිරිසක් තුවාලකරුවන් අතර වෙති.
තුන් දෙනකු සිරවී සිටින බව කියැවෙන අතර නව දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
ලොරියක් හා වෑන් රථයක් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී විනාශ වී ඇත.




(ඡායාරූප - අකිල බද්දේවිතාන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැවෝයි එකට පිටිපස්සේ තියෙන රිසෙප්ෂන් හෝල් එක ද
මේකත් මහින්දගේ වරදක් වේවිද මීතොටමුල්ල වගේ.
ලංකාවේ දක්ෂ ඉංජිනේරුවන්ගේ දක්ෂකම් තමයි මේ,, දැන් ඉතින් මේසන් බාස්ලට වරද පටවයි???
එල්ටීටිඊ සැමරුම් දිනවල දකුණේ මොනවා හෝ දෙයක් සිදුවෙමින් පවති... මෙය යම්කිසි සැලසුම් සහගත දෙයක් වීය හැක. බිලිපුජාවක් හෝ පලිගැනිමක්. පසුගිය දිනවලත් පරබාගේ ගුණ සමරන අවස්තාවල මෙවැනි දේවල් සිදුවුනා නේද.
ඉංජිනේරුවට වැරදී ඇත. නැතිනම් ඉංජිනේරු උපදෙස් වලට පිටින් කටයුතු කර ඇත. ලංකාවේ ඉංජිනේරු උපදේශක සමාගමක් නැතිවත් ඕනෑම කෙනෙකුට ඉදිකිරීම් කලහැක. අනුමැතිය මුදලට පමණි. මේවා වහාම නිවැරදි කර නීති සැකසිය යුතුය.
ගොඩනැගිලි හදනකොට ලෝබ කමට අඩු මුදලකින් හදන්න ගියාම මේවා සිද්ධ වෙනවා. මේකෙන් සිද්ධ වුනේ මිනිස් ජීවිත ගණනාවක් අහිමි වුන එකයි
සයිටම් වගේ එකකින් ආපු අවම ප්‍රමිතිය තියෙන ඉංජිනේරුවොද දන්නනෙ නෑ මේක හැදුවෙ.
ප්‍රීති. දන්නා දෙයක් කියන්න.මෙමෙ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ඉංජිනේරුවරුන්ගේ උපදෙස් ලබාගෙන නැත. මුළු ගොඩනැගිල්ලම ඉදිකර ඇත්තේ මේසන් බාස්වරු පමණි. කිසිදු ඉංජිනේරු සමාගමක සේවය ලබා ගෙන නැත. කඩන් වැටෙන එක පුදුමයක් නෙවෙයි. .
මේ ගොඩනැගිල්ල හදල තියෙන්නේ මැදට කොන්ක්‍රීට් කණු නොමැති වන පරිදි. උත්සව ශාලාවේ රූපගත කිරීම් කරදරයක් නොවන පරිදි ගැනීම සඳහා.
මුදලට ඕනෑම දෙයක් කල හැකි රටක බාල විදිහට හදපු ගොඩනැගිලි හැමතැනම.
රජයේ රෝහල වලට නම් අරන් යන්න සමහරු එපා කියයි කියල මම හිතුවෙ. ඒවගේ ඉන්නෙ කුහක දොස්තරලලුනෙ. ඒක නිසා ලෙඩ්ඩුන්ව සයිටම් අරන් ගියා නම් හරි. තුවාල වෙච්ච මිනිහව මෝචරියටම අරන් ගිහින් නවත්තයි.
ලංකාවනේ, ප්‍රමිතියක් නෑනෙ, වැදගත් සල්ලි විතරයි නේ, අනුමැතිය තට්ටු තුනකටනේ, හදමින් තිබ්බෙ හත්වෙනි තට්ටුවනෙ, සයිටම් වගේමයි නේ, දැං අපේ බදු වලින් වන්දි දෙමුනේ, වන්දි වලට මිනිස් ජීවිත ගන්න බෑ නේ!! තුවාල වුන අයට ඉක්මනින් සුව වේවා, මියගිය අයට නිවන්සුව ලැබේවා!!
ලංකාවෙ අයට මොන ප්‍රමිතියක් ද.. සල්ලිනෙ වැදගත්!! නගරසභාවේ ඇමතිතුමාත් ඉතිං අයිතිකාරයගෙ "තට්ටු බිල්ඩිං හීනෙ" හැබෑ වෙනවනෙ කියල අනුමත කරන්න ඇති ටක් ගාල. ඕකට විරුද්ධ උනානං කියයි ඒ අයගේ ඉරිසියාවට, ඉදිකිරීම් සංගමේ අයට ගාන නොදුන් නිසා තමයි විරුද්ධ වෙන්නෙ කියල. මොනව වුනත් අන්තිමට ඒකට වන්දි ගෙවන්න වුනේ අහිංසක මනුස්යෙක්ගෙ ජීවිතයකින්. තව කීයක් මැරිලද දන්නෙ නෑ. නැති වුන ජීවිතේ සල්ලිවලට ගන්න බෑනෙ කවුරු වන්දි දුන්නත් දැං. තමංගෙ කෙනෙක්ට මේක වෙනකල් මේ රටේ අයට ප්‍රමිතිය ගැන තේරුමක් නෑ.