ලංකාදිප මාධ්‍යවේදී වදාකඩ නවරත්න මහතා විසින් රවිත “වැල්ලේ ලේ මල් ” කෘතිය දොරට වැඩීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදි අද(5) පැවැත්විණි. ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩි.ඇස්.ගුණවර්ධන මහතාගේ ජිවන කථාව ඇසුරෙන් මෙම කෘතිය ලියා ඇති අතර යුග තුනක බිහිසුණු චරිත කථාවක් ලෙස එය කතුවරයා හඳුන්වා දෙයි. කෘතියේ මුල් පිටපත අමාත්‍යවරයා ජනාධිපතිතුමාට පිළිගැන්වීය. කෘතිය මිරිගම ආකර්ෂා ප්‍රකාශක සමාගමේ මුද්‍රණය කර ඇත.
“මට අද රාජකාරි ගොඩක් තියෙන දවසක් තව ටික වේලාවකින් විදෙස් ගත වෙන්නත් තියෙනවා. ඒත් අපේ ගුණවර්ධන මහත්තයයි ,වදාකඩ මහත්තයයි දෙන්නම වැඩක් නිසා මට මේ උත්සවය මඟ අරින්න බැරි වුණා. මොකද අපි තුන්දෙනාම එකම කුලකයේ. තුන්දෙනාම හද්දා පිටිසර ගමෙන් ආපු එක වාගේම තුන්දෙනෙක් ” යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබේරත්න - ටෝකියෝ, දැන් සමහරු නම් එල්ලෙන්න වැල් හොයනවා (නි)
නවරත්න මහතා හොඳ හිටිවන කවියෙක් නේද? (නි)
අපේ අලුත් ජනාධිපතිතුමාට බලයට එන්න සක්‍රීයවම දායකවූ කෙනෙක් ලෙස, මේ උත්සවයේදී එතුමාගේ මුවෙන් පිටවූ එක් වදනක් පිළිබඳ යමක් කිවයුතුයි. මා කවදත් අගය කරන ඒ වගේම ගරුකරන "ගැමි සුවඳ" ඔබ තිදෙනා ළඟින් වහනය වන බව සත්‍යයක් වුණත්, එය ඔප්නැංවීම සඳහා විදේශයන්හි වැඩිදුර අධ්‍යාපනය ලබා තම මව්බිමට සේවය කරන්න පැමිණෙන උදවිය නාගරික පොහොසත් පවුල් ගොඩට එකතුකර කළ ප්‍රකාශයෙන් ඔබ අවමානයට ලක් කළේ ලක්මාතාවගේ දු පුතුන් බව මගේ හැඟීමයි. එදත් අදත් අතර තිබෙන පරතරය නොතේරෙන්නේද? මව්රටෙන් හෝ විදෙස් රටකින් මොනම ආධාරයක්වත් නොලබා දුක්ගැහැට මැද ඉගෙනීම සම්පූර්ණකර ආපසු මව්බිමට සේවය කරන්න පැමිණි දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට අත්වූ ඉරණම ගැන කීමට ඇත්තේ කුමක්ද? ඔබට ජය! (නි)
මෙන්න නියම ඇමතිවරු! (නි)
මේ පොත ලබාගන්න පුලුවන් කොහෙන්ද? (නි)
පතිරණ, අඳුරේ අතපත ගානවා වගේ. (නි)
කුලකය එකක් බව -පෙනුනා පැන්න පිම්මෙන්ම (නදී)
සුභ පතනවා ඔබට (දී)
හැම කෙනෙක්ම කියැවිය යුතු කදිම පොතක් (නදී)
එයාට වැල්ලේ මල්. රටේ ජනතාවට එල්ලෙන්න වැල් නැතිව ඉන්නේ (නදී)
නුතන ඩීමන් ආනන්ද ගේ වැඩක් (බ)
වැල්ලේ ලේ මල් . මම එහෙම මලක් ගැන අහපු පළමු වතාව (බ)