(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය කිරංචි වලෙයිප්පාඩු ප්‍රදේශවාසීන් සිය පාසල්වලට සිංහල ගුරුවරුන් ලබා දෙන ලෙස උතුරු පළාත් මහඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා කිරංචි වලෙයිප්පාඩු ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමට ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන් මෙම ඉල්ලීම කර ඇත.
දෙමළ ගුරුවරුන් විසින් සිංහල විෂය උගන්වනු ලැබුවද එය සාර්ථක නොවන බව ඔවුන් ඇමතිවරයාට පවසා තිබේ.
එක් සිංහල ගුරුවරුයෙක් ලබා දුනහොත් ගුරුවරයා තනියම සිටීමට නොහැකි හෙයින් ස්ථාන මාරු ලබගන්නා බවත් එම නිසා ගුරුවරුන් දෙදෙනකුවත් ලබා දෙන ලෙසත් එහිදී ප්‍රදේශවාසිහු ඉල්ලූහ.
එම ඉල්ලීම අහක දැමීමට නොහැකි බවත් එය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී විසඳුමක් ලබා දෙන බවත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී කිවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න ඕනෙ වුණාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ ඕකයි! අනිත් සිංහල මිනිස්සුන්ව පන්නන්න කතා කරනවා, ගුරුවරු විතරක් ඕන වෙලා!
ඒ පළාතේ හිටිය සිංහල මිනිස්සුත් ඉවත්කර දමලා... දැනට ඉන්න ටිකත් යවන්න උත්සාහ කරමින්, සිංහල ගුරුවරු ඉල්ලන්නේ කොහොමද දන්නේ නැහැ....
මරු......ප්‍රෞඩ සිංහල ජාතියට ගිය කල....!!
මා හට සිංහල හා දෙමල භාෂාව හොදින් හැසිරවිය හැක. ලීවීමට, කියවීමට පුළුවන. අවස්ථාවක් තිබේ නම් දෙනුම්දෙන්න.