(ඉන්දිකා  රාමනායක)

මිල කළ නොහැකි වාලම්පූරියක් අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු වාකරේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරුවන් මෙම වාලම්පුරිය වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී විශේෂ කාර්ය බළකා කඳවුරට ලද තොරතුරකට අනුව වාකරේ ඩයලොක්ගල  ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකින් වාලම්පූරිය සමඟ මෙම සැකකරු වන්නත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වාකරේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා වාකරේ   පොලිසියට භාරදී ඇත