ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවත් එය ජාතික ක්‍රීඩාව වශයෙන් පිළිගැනීමට තමන් සූදානම් නැතැයි ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. දේශීය වශයෙන් බිහිවූ ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව විය යුතුයයි ක්‍රීඩා ඇමතිවරයා අද (1 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පැවසීය.
එල්ලේ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වශයෙන් ගැසට් නිවේදනයකින් තහවුරු කර නැතැයිද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම දයාසිරි හරි. මම හිතන හැටියට අපේ ජාතික ක්‍රීඩාව විය යුත්තේ කඹ ඇදීමයි. අපේ රටේ හොඳින්ම කෙරෙන ක්‍රීඩාවත් එයයි. ජාතික ප්‍රශ්න වලදී ආණ්ඩු පක්ෂයයි - විපක්ෂයි කඹ අදිනවා. සම්මුති ආණ්ඩුවේ පාර්ශව දෙක කඹ අදිනවා, ඇමතිවරු - නිලාධාරින් එක්ක කඹ අදිනවා, දොස්තරලා - සෞඛ්‍ය ඇමති සහ නිලධාරින් එක්ක කඹ අදිනවා, ක්‍රීඩකයෝ - ක්‍රීඩා පාලකයෝ එක්ක කඹ අදිනවා. හැම තැනකදීම වැඩ කිරීමට වඩා කෙරෙන්නේ කඹ ඇදීමයි (නි)
අර හම්බන්තොට වරායේ ගල තවම තිබෙනවද? (නි)
එල්ලේ ක්‍රීඩාවත් ටිකක් බේස්බෝල් ගතියක් තියෙන නිසා වලකජු ගැසීම ජාතික ක්‍රීඩාව ලෙස නම්කරන මෙන් යෝජනා කරමි. (නි)
අපේ ජාතික ක්‍රීඩාවට හොඳම ක්‍රීඩාව තමයි පක්ෂෙන් පක්ෂෙට පැනීම. ඊට අමතරව හැකි නම් මහාපරිමාණ ගැහිල්ල තෝරාගන්නත් පුළුවන්. එ්කට අපේ දියවන්නාවේ ඉන්න ගොඩක් දෙනෙකුට හසල අත්දැකීම් එහෙමත් තිබෙනවානේ. (නි)
අංගොඩ ලාල්, එය එසේනම් ඔබ කියන කඹ ඇදීමට වඩා හොඳම ක්‍රීඩාව තමයි දැනට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල්. මොකද කිසිකෙනෙක් පන්දුව බාරනොගෙන අනෙකාට පාස් කරන එක සමාජගතවී තිබෙන අතරම ජනතා ප්‍රශ්න වැනි පන්දු පැවති ආණ්ඩු පවතින ආණ්ඩුවටත් පවතින ආණ්ඩුව පැවති ආණ්ඩුවටත් පාස් කිරීම ගැන දේශපාලකයින් විශේෂඥයින් බව හැමෝම දන්නා දෙයක්නේ (නි)
කොට්ටා පොර ජාතික ක්‍රීඩාවක් ලෙස ගෙනෙන්න පුළුවන්. දැනටමත් කොට්ට පොර ක්‍රීඩා සම්මේලනය පිහිටුවා අවසන් බව සඳහන් වෙනවා. මෙය ජනතා අාකර්ෂණය වැඩි ක්‍රීඩාවක්. (නි)
කාලෙන් කාලෙට ගැළපෙන දෙයක් දාන්නකෝ. මේ කාලෙට, "පෙළපාලි යාම සහ උද්ඝෝෂණය කිරීම" යන දෙකෙන් එකෙන් එකක් තෝරාගත්තොත් හොඳයි. (නි)
කොට්ටාපොර ක්‍රීඩාව, ක්‍රීඩා සම්මේලනයක් ලෙස ක්‍රියාත්මකයි නේද. මේ පිළිබඳවත් අමාත්‍යතුමාගේ අවදානය යොමුවේවා! (නි)
ඇයි හිතුමතේ වාහන පැදවිල්ල? එ්කත් අපිටම උරුමවූ අපේම රටේ එකක්නේ (නි)
දැනට අවුරුදු 3 විතර පෙර ඔබතුමාට සෑහෙන පිරිසක් හිටියා. ලංකාදීපේ ඔබතුමා සම්බන්ධ මොකක්හරි ප්‍රවෘත්තියක් පළවුණ ගමන් පැය 3-4 ඇතුළත අඩුමතරමේ අදහස් 100 වත් වැටුනා. මින් 90% ඔබතුමාගේ ක්‍රියාව හෝ ප්‍රකාශය අගයමින් කළ ප්‍රකාශ. දැන් 90% ක්ම ඔබට විරුද්ධ ප්‍රකාශ. අනේ ඔබතුමාට වුණ නස්පැත්තියක්? (නි)
මම නම් කැමතියි ' එකිනෙකාට බෝලය පාස්කරන එක' ජාතික ක්‍රීඩාව කරනවා නම්. (නි)
කොට්ටපොර සුපිරියි. සිංහල,දෙමල,මුස්ලිම්,බර්ගර් ඕනෑම අයෙක් අාසම ක්‍රීඩාවක්. එන විදේශිකයොත් අාසම ක්‍රීඩාව කොට්ට පොර. (නි)
කාගෙවත් අවදානයට යොමුනොවුණ පැත්තක් (නි)
එ්ක ඇත්ත. අපිත් පිටරට වලදී උත්සව කාලෙට අාසාවෙන් කරන ක්‍රීඩාවක්. මෙය ක්‍රීඩාවක් ලෙස දියුණු කළයුතුයි. හොඳ වැඩක් (නි)
සුපිරියි. ඇත්තටම හිතන්න ඕනෑ වැඩක්. ඇයි අපිට ඕක මතක්වුණේ නැත්තේ. කොට්ට පොර ක්‍රීඩාවක් ලෙස ඉදිරියට ගෙනායුතුය. (නි)
ඇත්ත. කොට්ට පොර හොඳ ක්‍රීඩාවක් (නි)
ජාතික ක්‍රීඩාව වියයුත්තේ එම රටින්ම බිහිවූ එකක්ම නොවෙයි. එල්ලේත් 1960 ගණන්වල බේස් බෝල් ක්‍රීඩාව ඇසුරෙන් නිර්මාණය කළ එකක්. හැබැයි ජනප්‍රිය වුණේ නැහැ. ක්‍රිකට් බිහිවුණේ එංගලන්තයේ වුණාට ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රීඩාව එයයි. ජනප්‍රියත්වය අනුව ලංකාවෙත් වොලිබෝල් වලට වඩා ක්‍රිකට් තෝරාගත්තොත් හොඳ නැද්ද? (නි)
ඇමති තුමනි, කාලෙකින් හොද අදහසක්, ක්‍රියාත්මක කිරීම ඔබ සතුයි. කොට්ට පොර පිළිගත් ක්‍රීඩාවක් නොවූනත් අනෙක් ක්‍රීඩා වලට වඩා අපේ දෙයක් ලෙස ශ්‍රී ලාංකියන් තුල ජනප්‍රියයි. හොද ක්‍රීඩාවක්. (ර)
කොට්ටා පොර ක්‍රීඩාවක් ලෙස ඉතාමත්ම හොඳයි. අපිත් එයට එකඟයි. මේ පිළිබඳ අවදානය යොමුවේවා! (නි)
ඔබ හරි. කොට්ටා පොර ඉතාමත්ම හොඳ ක්‍රීඩාවක්. අවාසනාවට මේ පිළිබඳ අමාත්‍යංශයේ ඇස් ඇරිලා නැහැ (නි)
නියමයි. අපි හැමෝම කැමති අපේම ක්‍රීඩාවක්. එ්ක පිටරට වලත් අපේ උත්සව වල ක්‍රීඩා කරනවා. හැමෝම අාසා ක්‍රීඩාවක්. ඇමතිතුමා මේ පිළිබඳ සොයාබලත්වා! (නි)
එකඟයි. කොට්ට පොර අපේම ක්‍රීඩාවක්. සම්මේලනයක් තියෙන බව සඳහන්. ඔවුන් දිරිමත් කළයුතුයි. (නි)
වොලිබෝල් කවුද ජාතික ක්‍රීඩාව කළේ. විදේශිකයෙක් ඇහුවම මොකක්ද ජාතික ක්‍රීඩාව කියලා, අපිත් ලැජ්ජා නැතුව කිව්වා වොලිබෝල් කියලා. මට පුදුම ප්‍රශ්නයක් තිබුනේ ලංකාවේ ජනප්රියවත් නැති, ඉතිහාසයේ අහන්නේවත් නැති ක්‍රීඩාවකට ඇයි අපි ජාතික ක්‍රීඩාව කියලා කියන්න ඕනෑ කියලා. (නි)
මරුනේ,කොට්ට පොර වලට මාර ඉල්ලුමක් නේ තියෙන්නේ.එල වැඩක් ..(බ)
ඉතාමත්ම වටිනවා ඔවුන් දරන උත්සාහය. එය අගය කළයුතුයි. කොට්ට පොර ඉතාමත්ම ලස්සන ජවසම්පන්න ක්‍රීඩාවක්. මේ පිළිබඳ සොයා බලත්වා! (නි)
කොට්ට පොර සම්මේලනය පිළිබඳවත් සළකා බලන්න (නි)
ශ්‍රී ලංකා කොට්ට පොර සම්මේලනය පිළිබඳ තොරතුරු වෙබ් එකේ තියෙනවා. ඔවුන් ඉදිරියට ගෙන ඒම අප සැමගේ යුතුකමක් (නි)
එල්ලේ තමයි හොඳම ජාතික ක්‍රීඩාවට (නි)
කොට්ටා පොර ක්‍රීඩකයන් විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා.වෙනත් රටවලත් තමන්ගේ දේශීය ක්‍රීඩාවන් තමයි ජාත්‍යන්තරයට ගෙන ගියේ. අපි තාමත් එක තැන. ඇයි අපට මේ පිළිබඳ කතිකාවක් ගොඩනගන්න බැරි. (නි)
පක්ෂෙ න් පක්ෂෙ ට පැනීම ජාතක ක්‍රීඩාව කෙරුවනම් ඇමති තුමාටත් සෙල්ලම් කන්න තිබුන (බ)
වොලි බෝල් කොහොමද අපේ ජාතික ක්‍රීඩාව වෙන්නේ? රජ කාලේ ඔය සෙල්ලම තිබුනා නම් ගෝටයිම්බර යෝධයා ගහවි, බෝලය ඉන්දියාවට වැටෙන්න! අපේ ජාතික ක්‍රීඩාව හැටියට පගා ගැහිල්ල, එකට ආප්ප කාලා බෙලි කැපිල්ල , කොමිස් ගැහිල්ල, වගේ එකක් තෝරගත්ත නම් තමයි වඩාත් හොඳ! (බ)
ඔබ හරි ....(බ)