(ප්‍රේමතිලක පෙරමුණ)
වැලිපැන්න ලිහිනියාව හල වල් කැලය ප්‍රදේශයේ දී අද (28) රුපියල් ලක්ෂ දහයක මංකොල්ලයක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.
පෞද්ගලික මූල්‍ය ආයතනයක නිලධාරියෙකු විසින් මෙම ප්‍රදේශයේ ණය දෙන සමිතියක මුදල් එකතුකර ආපසු රැගෙන යමින් සිටියදී අවි ගත් නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු විසින් රුපියල් ලක්ෂ දහයක් සහිත මුදල් බෑගය පැහැරගෙන ඇසල ඇති කැලෑවට ඇතුළු වී පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
මතුගම පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ වැලිපැන්න පොලිසිය සහ පොලිස් සොකෝ අංශය පරීක්ෂණ පවත්වන අතර හොරණ පොලිස් නිල සුනඛ ඔලි ද විමර්ශන කටයුතු සඳහා කැඳවා තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිපැන්න කොහෙද? ලිහිණියව කොහෙද? පොලිස් වසම් දෙකක්...
භාරකාර ආණ්ඩුව නම් අතට ගත්තා. ඡන්දෙට කලින් හදිසි නීතිය ඇඳිරි නිතිය එහෙමත් එයි... වගේ මේ ඊයේ පෙරේදා ඉඳලා රටේ වෙන දේවල් දිහා බලපුවාම....