දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පහසුකම් සපයන වැලිපැන්න භෝජනශාලා වලින් අත්අඩංගුවට ගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු පාන් අයිස්කී‍්‍රම් ඇතුළු ආහාර තොගය විනාශ කිරිමටත් වරද පිළිගත් සැකකරුවන් තිදෙනාට රුපියල් 19,000 ක දඩය ගෙවන ලෙසත් මතුගම අතිරේක මහේස්ත‍්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළේය.
එම මධ්‍යස්ථානයේ පීසා බොජුන්හලේ බාලසුබ‍්‍රමනියම් අරුල්ඛාන් හා මැක්රින් පේස්ටි‍්‍ර කොෆි ෂොප්හි වින්සන් ෆ‍්‍රැන්සිස් හා ඇක්ස්කුජි ආපනශාලාවේ අනගිපුර පියුමි නයනා මදුරංගි වරද පිළිගත්හ. මුල් දෙදෙනාට රුපියල් 8000 බැගින් හා තුන්වැනි සැකකාරියට රුපියල් 3000 ක් දඩ නියම විය.
ඉකුත් 19 වෙනි දා රාති‍්‍ර දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධීක්‍ෂණ කටයුතු වල යෙදී සිටි මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන් පිරිසක් මෙහි භෝජන ශාලාවකින් ආහාරයට ගත් මාළු පාන් වලින් හමා ආ දුර්ගන්ධය පිළිබඳව විමසිලිමත් වී ඒවා ආහාරයට නොගෙන මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සෞඛ්‍ය නිලධරයෝ අධිකරණය හමුවේ පැවසුහ.
මාළු පාන් තොගයක් හා මස් නිෂ්පාදන අයිස්කි‍්‍රම් එකම ශීතකරණයක නුසුදුසු ලෙස ගබඩා කර තිබිණි.
මතුගම මහජන සෞඛ්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂක ජී.ඩී.ලයනල් මහතා මතුගම නවුත්තුඩුව කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්‍ෂක දිනේෂ් වෙල්ලාල හා කටුහේන මහජන සෞඛ්‍ය පරික්‍ෂක මංජුල ප‍්‍රභාත් මුදලිගේ යන මහත්වරු පැමිණිල්ල ඉදිරිපත් කළහ.
රුපියල් 70,000 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස්කී‍්‍රම් , මස්, බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර තොගයක අධිකරණ රෙජිස්ටාර්වරයාගේ අධික්‍ෂණය මත විනාශ කිරීමට මහේස්ත‍්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රාජකාරිය සඳහා මීට වඩා සේවක සංඛ්‍යාවක් බඳවාගෙන, සියලුම ආපනශාලා නිතර නිතර පරීක්ශාවට ලක් කළ යුතුයි (බ)
දඩේ ගහල ආය කඩේ බාරදීලා ද කරගෙන යන්න .. ඒ ගැන විස්තරයක් නැනේ .. (බ)
අපි හිතුව සුපිරි මාර්ගයේ තියෙන නිසා කෑමත් ඒ විදියට ඇති කියල. මදැයි? (බ)
පාරිභෝගිකයින්ට ලබාදෙන සැකසු ආහාර මිනිස් පරිභෝජනයට සුදුසුද නැත්ද යන්න ශ්‍රී ලංකාවේ මුදලාලිලාට තෝරන්න අපහසුයි මේ ගැන නිතරම සොයා බලන්න නිලධාරීන් යෙදවිය යුතුය (ම)
මෙතැන සුපිරි කඩ පමණි කෑම මෙලෝ රහක් නෑ (ම)
සුපිරි ජරාවක් (ම)
මාතර . තංගල්ල වගේ දුර ගමන් බස් කෑමට නතර කරන්නේ කොයිතරම් අපිරිසිදු තැන්වලද අැයි ඒ්ව ගැන බලන්නේ නැත්තේ. මිල ගනන් වැඩියි ඒ්ව ගැන පැමිණිළි කළාට අැයි බලන්නැත්තේ. මිනිසුන්ට මොන ජරාව හරි දීල මුදල් උපයන ලෝකයක් මේක. මොනව වුනත් මේවගේ දේවල් අපි අගය කරනව. (බ)
බලනකොට හැමතැනම තියෙන්නේ ජරා කෑමනේ (නි)