IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැලිපැන්න සුපිරි මඟේ කඩවල ජරා කෑම වටලයි

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පහසුකම් සපයන වැලිපැන්න භෝජනශාලා වලින් අත්අඩංගුවට ගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු පාන් අයිස්කී‍්‍රම් ඇතුළු ආහාර තොගය විනාශ කිරිමටත් වරද පිළිගත් සැකකරුවන් තිදෙනාට රුපියල් 19,000 ක දඩය ගෙවන ලෙසත් මතුගම අතිරේක මහේස්ත‍්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළේය.

එම මධ්‍යස්ථානයේ පීසා බොජුන්හලේ බාලසුබ‍්‍රමනියම් අරුල්ඛාන් හා මැක්රින් පේස්ටි‍්‍ර කොෆි ෂොප්හි වින්සන් ෆ‍්‍රැන්සිස් හා ඇක්ස්කුජි ආපනශාලාවේ අනගිපුර පියුමි නයනා මදුරංගි වරද පිළිගත්හ. මුල් දෙදෙනාට රුපියල් 8000 බැගින් හා තුන්වැනි සැකකාරියට රුපියල් 3000 ක් දඩ නියම විය.

ඉකුත් 19 වෙනි දා රාති‍්‍ර දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධීක්‍ෂණ කටයුතු වල යෙදී සිටි මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන් පිරිසක් මෙහි භෝජන ශාලාවකින් ආහාරයට ගත් මාළු පාන් වලින් හමා ආ දුර්ගන්ධය පිළිබඳව විමසිලිමත් වී ඒවා ආහාරයට නොගෙන මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සෞඛ්‍ය නිලධරයෝ අධිකරණය හමුවේ පැවසුහ.

මාළු පාන් තොගයක් හා මස් නිෂ්පාදන අයිස්කි‍්‍රම් එකම ශීතකරණයක නුසුදුසු ලෙස ගබඩා කර තිබිණි.

මතුගම මහජන සෞඛ්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂක ජී.ඩී.ලයනල් මහතා මතුගම නවුත්තුඩුව කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්‍ෂක දිනේෂ් වෙල්ලාල හා කටුහේන මහජන සෞඛ්‍ය පරික්‍ෂක මංජුල ප‍්‍රභාත් මුදලිගේ යන මහත්වරු පැමිණිල්ල ඉදිරිපත් කළහ.

රුපියල් 70,000 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස්කී‍්‍රම් , මස්, බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර තොගයක අධිකරණ රෙජිස්ටාර්වරයාගේ අධික්‍ෂණය මත විනාශ කිරීමට මහේස්ත‍්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළාය.



අදහස් (0)

වැලිපැන්න සුපිරි මඟේ කඩවල ජරා කෑම වටලයි

ඩයස් Wednesday, 23 September 2015 07:14 AM

මේ රාජකාරිය සඳහා මීට වඩා සේවක සංඛ්‍යාවක් බඳවාගෙන, සියලුම ආපනශාලා නිතර නිතර පරීක්ශාවට ලක් කළ යුතුයි (බ)

:       0       0

බෙනට් Wednesday, 23 September 2015 07:24 AM

දඩේ ගහල ආය කඩේ බාරදීලා ද කරගෙන යන්න .. ඒ ගැන විස්තරයක් නැනේ .. (බ)

:       0       0

ලුම්බිණි Wednesday, 23 September 2015 07:26 AM

අපි හිතුව සුපිරි මාර්ගයේ තියෙන නිසා කෑමත් ඒ විදියට ඇති කියල. මදැයි? (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 23 September 2015 07:55 AM

පාරිභෝගිකයින්ට ලබාදෙන සැකසු ආහාර මිනිස් පරිභෝජනයට සුදුසුද නැත්ද යන්න ශ්‍රී ලංකාවේ මුදලාලිලාට තෝරන්න අපහසුයි මේ ගැන නිතරම සොයා බලන්න නිලධාරීන් යෙදවිය යුතුය (ම)

:       0       0

කුමාර් Wednesday, 23 September 2015 08:26 AM

මෙතැන සුපිරි කඩ පමණි කෑම මෙලෝ රහක් නෑ (ම)

:       0       0

දුමින්ද Wednesday, 23 September 2015 08:42 AM

සුපිරි ජරාවක් (ම)

:       0       0

හසිත Wednesday, 23 September 2015 09:11 AM

මාතර . තංගල්ල වගේ දුර ගමන් බස් කෑමට නතර කරන්නේ කොයිතරම් අපිරිසිදු තැන්වලද අැයි ඒ්ව ගැන බලන්නේ නැත්තේ. මිල ගනන් වැඩියි ඒ්ව ගැන පැමිණිළි කළාට අැයි බලන්නැත්තේ. මිනිසුන්ට මොන ජරාව හරි දීල මුදල් උපයන ලෝකයක් මේක. මොනව වුනත් මේවගේ දේවල් අපි අගය කරනව. (බ)

:       0       0

විජේතුංග Wednesday, 23 September 2015 09:10 PM

බලනකොට හැමතැනම තියෙන්නේ ජරා කෑමනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site