විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අනවසර ඉදිකිරීම් කර නැති බවත්, ඉදි කිරීම් කර ඇත්තේ ඉන් ඔබ්බෙන් පිහිටි අභය භූමියේ බවත්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසරයකින් තොරව අභයභූමියක ඉදි කිරීම් කළ නොහැති බවත් විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
හිටපු පරිසර ඇමැතිවරයකු ලෙස විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන කීමට ඇත්තේ කුමක්දැයි මාධ්‍යවේදියකු ඇමැතිවරයාගෙන් විමසීය.
‘විල්පත්තුව ජාතික උද්‍යානයක්. ඊට සැතපුමක වගේ පෝෂක ප්‍රදේශයකුත් අයිතියි. එම ප්‍රදේශයේ කිසිම සංවර්ධනයක් හෝ පදිංචි කිරීමක් හෝ කරන්න බැහැ. විල්පත්තුවේ ඉදිකිරීම් කරනවා කියන්නේ බරපතල තත්ත්වයක්. වාර්තාකරණයේ දී පොඩ්ඩක් සැලකිලිමත් විය යුතුයි.
යුද්ධයෙන් පසු විල්පත්තුව විවෘත කළේ මමයි. එම ප්‍රදේශ ගැසට් කළේ මමයි. විල්පත්තුවේ හැම තැනම ගිහින් තියන පුද්ගලයකු ලෙස කියන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කිසිම ඉඳි කිරීමක් කර නැහැ.
මේ කියන ඉදි කිරීම් කර තිබෙන්නේ අභය භූමි ප්‍රදේශයේ. යම් යම් අවස්ථාවල ජනාවාසය සඳහා අභය භූමි ප්‍රදේශ ලබා දෙනවා. ඒ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසර ඇතිව. අම්පාර නගරය තියෙන්නෙත් අභය භූමියක තමයි. බොරලැස්ගමුව, හම්බන්තොට ආදී නගරත් තිබෙන්නේ අභයභූමියක් ලෙස ප්‍රකාශ කළ පැතිවල.
අභය භූමියක ඉදි කිරීමක් කරනවා නම් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අවසර ගත යුතුයි. දේශපාලනඥයන්ටයි, දිසාපතිටයි ඕන විදියට ඉදිකිරීම් කරන්න දෙන්න බැහැ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චම්පිකත් සල්ලිවලට යටවෙලාද ? (නදී)
දැන් මේකට අපිට කොහෙන්ද හිනාවෙන්න කියන්නෙ. ලෙඩා මලත් අවුලක් නෑනෙ, බඩ සුද්දයි නෙ. පද්මේන්, මොන මුඛෙන් ද ඔය කතා කරන්නෙ.(නදී)
අනේ මේවගේ අවස්ථාවදී අය (අ)
ඔබතුමා විල්පත්තුවට ගිහින් බැලුවොත් නේද හොඳ?(හේ)
මටත් ඔය කොහේ හරි අභය භූමියකින් අක්කරයක විතර පොඩි ඉඩම් කෑල්ලක් අරගන්න පුලුවන්ද ??(හේ)
දීකිරට බළල්ලුත් සාක්කි.(හේ)
විල්පත්තුවේ සිදු වී ඇති විනාශය බලන්නම යන්න ඕනේ.(හේ)
මෙයාව සිංහල වීරයෝ කරපු මිනිස්සුන්ට මඩු වලිගෙන් තලන්න ඕන .(අ)
ඊළගට ඡන්දය ඉල්ලන්නේ එ් පැත්තෙන්ද (බ)
චම්පික මහතාණෙනි, විල්පත්තුටුවට ආසන්නයේ ඇති කල්ලාරු පෝෂක වන්නන්තරේ මේ එළිකරන්නේ. චන්ද්‍රික ඡායා රූපවල එක හොදට පැහැදිලිව පේනවා. (හේ)
විනාශය වෙලා ඉවරයි.(හේ)
ඔබතුමාත් එහෙම කියනවා එහෙනම්.....? (නි)
වන සම්පත අයිති අපිට නෙමෙයි අනගත පරපුරට අහිංසක සත්තුන්ට ගහ කොළට අත තියන්න කටවත් අයිතියක් නෑ.(හේ)
මෙයාව වීරයෝ කළ මිනිසුන්ට විතරක් නෙමෙයි චමිලා, මෙයාලටත් මඩු වලිගෙන් තලන්න ඕනෑ (නි)
මේ ඉතින් බලය වෙනුවෙන් මොන දේ වුණත් දන්දෙන්න ලැහැස්ති වෙස්සන්තර පුතාලානේ. ඉතින් කොහෙවත් තියෙන රක්ෂිතයක් කියන්නේ කජ්ජක්ද? (නි)
මේවා කාට කියන්නද ? (බ)
මෙයාට මොකක් හරි තියෙනවා වගේ! (අ)
ඇට නැති දිවනේ..හැරෙන හැරෙන පැත්තට කතා කරනවා..මෙයා මෙහෙමයි කියල නම් අපි හිතුවේම නැහැ. (අ)
මමත් චම්පික රණවක කියන්නේ නියම මහත්මයෙක් කියල හිතාගෙන හිටිය කාලයක් තිබුන..එත් දැන්නම් තේරෙනවා චම්පික කියන්නේ ඉතිහාසයේ සිංහල ජාතිය නියමෙටම පාවාදුන්නෙක් කියල..බලමු ඊලග ඡන්දෙදි (අ)
මෙතන කොහෙවත් කියලා නැහැ කැලේ කපන එක හරි කියලා. මං දන්නා තරමිනුත් විල්පත්තුව වටා තිබෙන කැලැ තමයි අනවසරයෙන් අල්ලාගෙන තියෙන්නේ. මේ කතාවෙ තියෙන්නෙ ඒකත් වැරදියි කියලා. කටට ආ පළියට ඒ මනුස්සයාට බනින්න කලින් බලන්න කියලා තියෙන්නෙ මොනවද කියලා. (නි)
වසන්ත, කිසි කෙනෙකුට කියලා වැඩක් නැහැ.(හේ)
දිව නැමෙන නැමෙන පැත්තට හෝයියා .(හේ)
ඔතන සිංහල සහ දෙමළ මිනිස්සුත් පදිංචි කළා නම් ඔය ප්‍රශ්නය ඔය තරම් දුර දිග යන්නේ නැහැ.(හේ)
ඔබතුමා විල්පත්තුවට ගිහින් බලන්න එහි සිදු වී තිබෙන විනාශය.(හේ)
ලංකාවෙ රෙදි නොඅදින මිනිස්සුත් ඉන්නවා එහෙනම්. (නදී)
දවසින් දවස එක එක කතා.අනේ මන්දා.(හේ)
මෙයාට ඊළඟ මැතිවරණයෙදී මේවාට පිළිතුරු ජනතාව විසින්ම ලබාදෙනු ඇත.(හේ)
ඒ මොකක්ද ඒ කතාව.(හේ)
ඇස් දෙකින්ම දැක්ක දේවල් බොරු කියලා කියන්නේ කොහොමද?(හේ)
මේ විදියට ගත්තම ඕනෑම කැලයක් මැද වුණත් නගරයක් හදන්න පුළුවන්.අවශ්‍ය වෙන්නේ අභය භූමියක් කියලා ගැසට් කරන එක. එත් කොහොමද සතුන්ට මේක කියලා දෙන්නේ.(හේ)
උතුරේ පදිංචිව හිටපු සිංහල , ජනතාවට එහි පදිංචිවීමේ අයිතිය තහවුරු කළ යුතුයි,, එහෙම වුනාම මේ වගේ යටින් වැඩ කරන්න දෙන්න ඕනේ නැ (හේ)
විහිළු කතා . මේක හරියට දන හිසට හානියක් නෑ ඊට ඔබ්බෙන් කකුල කපල විතරයි වගේ කතාවක්. නමෙන් වැඩක් නෑ. විල්පත්තුව හරි වැව් පත්තුව හරි අභය භුමියක් වනසල. කතාව ඒකයි. (නදී)
ඕන් අායිමත් විහිළු කරන්න පටන් ගත්තා (නදී)
අභය භූමියක් කියන්නේ සතුන්ට භය නැතිව ඉන්න හදපු තැනක් නේද? මෙයාල කොහොමද භය නැතිව ඒවා කපන්නේ. මෙයාල ඔක්කොම හංගනවා.අපි හොයාගන්නම්කො ඇත්ත මොකක්ද කියල (නදී)
යන්නේ කොහෙද මල්ලේ පොල් (නදී)
කරුණාකර ජාතිවාදීව මේ ප්‍රශ්නය දිහා බලන්න එපා. මත්තල ගුවන් තොටුපොළවල් හදනකොටත් පාරිසරික ප්‍රශ්න තිබුනා. මිනිස්සු මේ ප්‍රශ්නය බලන්නේ වෙනස් විදිහට. විල්පත්තු වල මිනිස්සු තිස් අවුරුදු යුද්දෙකින් බැටකාල නිවාස හදාගෙන ඉන්න එක වැරද්දක් ද ? (නදී)
ඒක වෙන්න විදියක් නෑ.(හේ)
විල්පත්තුවට එහෙනම් අපමණ අගයක් ලැබෙන්න වගෙයි යන්නේ (නි)
අතිගරු ඇමතිතුමනි, තව වසර කීපයකදී වන අලි විසින් මෙම ගම්මාන වලට කඩාවදින විට, දිවියන් තුවක්කුවේ බලයෙන් විනාශවන විට විල්පත්ත්වේ බේරාගැනීමට කළහැකි දෙයක් නොවේ. එට අමතරව ඔබට ඡන්දය දුන් කෙනෙක් වශයෙන් දෙපාරක් නොසිතාම මෙවර ගෙදර යවන බව සහතිකවම ප්‍රකාශ කරමි. (නි)
කාල වරෙල්ලකෝ මාර කතාවක්නේ කියන්නේ? (නදී)
මුන්නාන්සේ මේ කතා කරන්නේ කොහොමද කියල හිතෙන්නේ මේ දේවල් දකිද්දී තමා(නදී)
නඩුත් -බඩුත් දෙකම හාමුදුරුවන්ගේ (නදී)
පාඨලී චම්පික මහත්තයෝ ඔබ තුමාට ඉතාම නුදුරු දිනයකදී මහ ඡන්දයක් එන බව අමතක උනාද? මේ හැම කතාවකටම සාර්ථක ප්‍රථිඵල ඒ ඡන්දෙන් ඔබ තුමාට ලබා ගන්න පුලුවන් වේවී. සුභ පැතුම් (නදී)
අසේල මහත්තයෝ ඔබගේ කතාවට මමත් එකගයි. (ර)
අහා මේ අර ඒ කාලේ හිටපු චම්පික මහත්තයමද ? මොකක් නමුත් වෙලා නම් තියනවා මෙතුමාට. හොඳයි හොඳයි අපි බලමුකෝ යහපාලනෙත් එහනම් ඔහොමයි කරන්නේ..(බ)
හිටපු එවුන් බාගෙට කෑව ඒ වුනාට රට හරි බේරා දුන්න. මුන් රටත් කලා ඉතිරි බාගේත් කාලා සිංහලයට ඉතිරිවෙන්නේ හපේ තමයි.(බ)
චම්පික මහත්තයෝ ඔයාගේ ඉස්සර තිබුන ගැම්ම දැන් කෝ? මොකද වුනේ? (බ)
මහත්තයාගේ ආල පලු ආර්ථික කතාව වගේ තමා .දුන්නේ ඔය නියම උත්තරයක්..අනේ රටකට ලැබුණු අපමණ අගයක තරම...මේක රිෂාර්ඩ්ලටම දුන්න නම් නරකද ..කැලේ කපන්න බැරි නම් ඕනේ දෙයක් කරන්න කියලා (බ)
බොරුවට හරි මේක විල්පත්තු රක්ෂිතය කියල කියනකම් අපි ඔබතුමාව අත්හරින්නෑ. මෙයට - මුස්ලිම් විරෝධියෙක් (බ)
මේ කතාවත් හරියට අර ග්රෑන්ඩ්පාස් ස්වර්ණ චෛත්‍ය පාරේ බෝ ගස වගේද?අඩුම වශයෙන් මෙතන ජනවාර්ගික මට්ටමෙන් ජනතාව පදිංචි කර ඇති බවවත් පෙන්නේන්නේ නැද්ද? මහා ලොකු සිංහල වීරයා වන්නට හදන ඔබට අවතැන්වූ සිංහලයන් ටික මෙහි තවම පදිංචි කර නැති බව වැටහුනේ නැද්ද?ඔබේ ම වචන වලින් කියනවානම් මෙතන ඉදි වන්නේ ඔටුලන්තයක් නේද?(බ)