විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පසුගිය කාලයේ හානි සිදුව ඇති බවට ඇතැම් පරිසරවේදින් යැයි කියා ගන්නා පිරිස් සිදුකර ඇත්තේ මාධ්‍ය සංදර්ශණයක් බව ලංකා සොබා සාමුහිකයේ සභාපති තිලක් කාරියවසම් මහතා පවසයි.
තිලක් කාරියවසම් මහතා මේ බව පවසා සිටියේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ කර ඇති නැවත පදිංචි කිරිම් තුළින් විල්පත්තුවට හානියක් සිදුව ඇතිද යන්න සොයා බැලිමට පුරවැසි බලය සම කැදවුම්කරුවන් වන සමන් රත්න ප්‍රිය , ගාමිණි වියන්ගොඩ මහත්වරුන් හා සෞඛ්‍ය , වරාය, දුම්රිය ,රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය , ඇතුළු වෘත්තිය සමිති එකමුතුවේ ක්‍රියාකාරින් සමග විල්පත්තුවේ කළ සංචාරයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙම සංචාරයේදී ලංකා සොබා සාමුහිකයේ තිලක් කාරියවසම් මහතා විසින් සංචාරයට එක්ව සිටි වෘත්තිය නියෝජිතයින් ට පවසා සිටියේ ඇතැම් මාධ්‍ය මගින් හා පරිසරවේදින් සමග භික්ෂුන් වහන්සේලා පිරිසක් දිගින් දිගටම රිෂාඩ් බදුර්දින් ඇමතිවරයාට පහර ගැසිමේ අරමුනින් විල්පත්තුවට හානි කර ඇති බවට ප්‍රචාර ගෙනයන බවයි.
එසේ ඇතමුන් කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් පැවසු තිලක් කාරියවසම් මහතා මේ වන විට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට කිසිම ආකාරයකින් හානියක් වි නොමැති බවට තමන්ට සහතිකයක් දිය හැකි බවයි. තමන් මෙම ප්‍රදේශ වල ඉන්දියන් හමුදා පැමිනි කාලයේ සිට නිතර පැමිනි බවත් එල්.ටි.ටි.ඊ . සංවිධානය මුස්ලිම් වරුන් එලවා දැමිමේන් පසු නැවත පැමිනේන විට එම ප්‍රදේශ දැවැන්ත වන ගහණයකින් වැසි තිබු බවත් එවා එළි පෙහෙළි කිරිමේදි ඇතැම් පිරිස් වන විනාශයක් ලෙස සලකා විල්පත්තුව විනාශ කරන බවට හඩ නගන බවත් තිලක් කාරියවසම් මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තුව රටේ පොදු වන සම්පතකි. එයට අත නොතබනු! (නි)
කැලේ තියෙන පැත්තෙන් ගිහින් කියනවා හානි වෙලා නැහැ කියලා. සිංහල ජාතිය ආරම්භවුණ හැටි ගැනත් අමුතු අර්ථකථන දක්වපු කෙනෙකුත් ඔය අතර ඉන්නවනේ. ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
මෙට පෙනෙන්නේ මෙතුමලා මාධ්‍ය සංදර්ශනයක් කරනවා වගෙයි. ඕකේ පැටලැවිලා ඉන්න අනෙක් අය ගැන නම් කියන්න ඕනෑ නැහැනේ. ලංකාවේ අය විතරක් නොවෙයි, ලෝකෙම අය දන්නවා ඔය අය ගැන. (නි)
දොලපිදේනි අරන් මේ රටේ පරිසරය විනාශ කරන්න උදවුදෙන අයත් අපි අතරම සමහර වෙලාවන්හිදී ඉන්න බව අපි දන්නවා (නි)
අනේ මොකටද මගේ කට? (නි)
බලනකොට අපි නිකන්නේ මේ කලබලවෙලා තියෙන්නේ (නි)
මෙයාලා තවම දන්නේ නැතුව ඇති මිනිසුන්ට තාක්ෂණය භාවිතා කරලා ගූගල් අර්ත් වගේ දෙයකින් මේවා බලන්න පුළුවන් කියලා. මෙයාලා හිතන තරම් මිනිස්සු දැන් මෝඩ නැහැ (නි)
අනේ අම්මපා මෙහෙමත් රටක්! කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා උඩ ඉන්න දෙවියෝ තමා දන්නේ. (නි)
ඔය මිනිස්සු පදිංචි කරන්න ලංකාවේ වෙන තැනක් ඇත්තෙම නැද්ද? මේක කරන්න පුළුවන් විල්පත්තුව අස්සෙම විතරද? කරුණාකර දියුණු රටවල කරන විදිහට ප්‍රමිතියකට තට්ටු නිවාස ඉදිකර ජනතාව පදිංචි කරවන්න. ජනතාව පදිංචි කරන්න නගරාසන්නයේ. ඔය අලි ඉන්න වනාන්තර අස්සේ මිනිස්සු පදිංචි කළාම අලි සහ මිනිස්සු එකිනෙකා මරාගන්නා නිසා රජයට හැමදාම වෙන්නේ ඔය කරදර බේර බේරා ඉන්න. කවදද ලංකාවේ ඉන්න දේශපාලකයෝ මේවා තේරුම් ගන්නේ? (නි)
සමන් රත්නප්‍රියලා, ගාමිණී වියන්ගොඩල ඩොලර් කුට්ටි වලට සිංහලයට ද්‍රෝහිකම් කරන හැටිත්, පුරවැසි බලය යනු හුදෙක් ඩොලර් වලට කහින නිහින එන්ජීඕවක් පමණක් මිසක් කිසිදු 'පුරවැසි ' නියෝජනයක් නොමැති බවත් දැන්වත් 62 ලක්ෂයක් තණකොළ, ක්‍රෝටන්, කොස් කොළ කන උදවියට තේරුම් ගියොත් හොඳයි. (බ)
තමන්ට වාසි වෙනවා නම් අම්මා අප්පා වුණත් විකුණන උන් තමයි දැන් ඉන්නේ (ම)
හිතාගෙන ඉන්නේ රට පාලනය කරන්නේ මෙයාල කියල..කියන හැම බොරුවක්ම අපි පිලිගන්නවා කියල..තව කඩේ යන්න.. (ම)
ආ ඇත්තද? එහෙනම් ඉතින් හොඳයිනේ! (නි)
ඈත අතීතයේදීත් බඩගෝස්තරයට සිංහලයාට ද්‍රෝහිකම් කළවුන් සිටියේය. අද එදාට වඩා වැඩියෙන් සිටිති. සිංහලයාට විනකරන කරවන හැම කෙනෙකුටම ශාප වේවා! (නි)
ඇස් දෙකෙන්ම බලලලුනේ මේ කියන්නේ (නි)
මෙවැනි අයවලුන්ගෙන් මිටවඩා වෙනස් ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය නොහැක (නි)
ඔක්කොම එකයි. මේ ගැන තීරණයකට බහින්න මොවුන්ට තියන බලය කුමක්ද. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාධකයි, රටට අවශ්‍ය වන්නේ. (නි)
පුරවැසි බලය යනු හොඳ අරමුණකින් පටන්ගත් සංවිධානයක් වුවත් අද බඩගෝස්තරවාදීන් එයට අරක්ගෙන ඇත. පරෙස්සම් වන්න! (නි)
මේක පුදුම කතාවක්නේ හැබෑටම? (නි)
අනේ මොකටද මගේ කට! (නි)
සොබා සාමුහිකයේ සභාපතිගේ ප්‍රකාශය හොදින් පරීක්ෂා කර බැලුවොත් එතුමා කවරකු වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න සොයා ගත හැක. මෙතුමාට එම පරිසර පද්ධතිය පරීක්ෂා කිරීමෙන් ඒ පිළිබද මතවාද ඉදිරිපත් කළ හැක. නමුත් ඔය කියන ඇමතිවරයා සම්බන්ධ චෝදනා අසත්‍ය සහ එම චෝදනා ඉදිරිපත් කරන පාර්ශවයන් විවේචනය කිරීමේ බලයක් මෙතුමාට නැත. (නි)
ලොකු පලු ගස් කී දාහක් විනාස කරලා තියෙනවද.පාරේ ගියාම ඇති විනාසය බලාගන්න.2013 ගිහිල්ල දැන් අපහු ගියාම වෙනස තේරෙනවා (ම)
මේකේ ලියන කී දෙනෙක් විල්ල්පත්තු ගිහින් අස්දෙකින් ඕක දැක්කද? (ම)
ගූගල අර්ත් එකට ගිහින් බලන්න වන විනාශයේ තරම.(ම)
කැඩීගිය ගෙවල් පල්ලිය සාදාගෙන පදිංචි වෙන්න පුළුවන් නමුත් ගූගල් මැප් එක බැලුවම පෙනෙනවා වෙච්ච අපරාදය මුදලට රට පවා දෙන උන් ඉතිහාසයේ ලංකාවේ හිටියා (ම)
පුදුම රටක්. එක පලකයෙක්ටවත් මෙවැනි දේවල වටිනාකමක් නැතුව වගෙයි. මොන තරම් සම්පත් තිබුනත් හරිම අවාසනාවන්ත රටක් අපි නිසි පාලකයෙක් නොලබන්න.. (ර)
අපේම අය අපටම වල කපනවා...සහතික ඇත්ත . (ම)
ගම්බද ප්‍රදේශයකින් අවුරුදු 30 ක් යම් භූමි ප්‍රමාණයක් අතහැර දැමුවොත් මොනතරම් ගස් වැවේද. මෙතන අදහස් දාලා තියෙන කෙනෙකුට මෙවැනි දේපල අහිමිවීමක් වුණොත්? (නි)
ගූගල් එකේ පෙන්වන්නේ හොර සිතියමක් වෙන්න ඇති. එහෙනම් මේක ඇමරිකාවත් හවුලේ කරන ජාවාරමක් (නි)
එතකොට ගුවන් ඡායාරූප වලින් පෙන්වන කැලෑ කැපිල්ල බොරුද? (නි)
අැයි මේගොල්ලන්ට ඇත්ත පෙනෙන්නෙ නැත්තේ? ගස් කපලා තියෙන්නේ එහෙනම් වෙන කැලේකද? (නි)
සනත්, විල්ල්පත්තුව ගිහින් අැස්දෙකින් දකින්න ඕනෑ නැත. අපි සෙනසුරු ග්‍රහයාගේ විස්තර දැනගත්තේ සෙනසුරුට ගිහින් නොවෙයි. දොස්තරවරු මිනිසුන්ගේ හදවත් ගැන කතාකරන්නේ හදවත අතට අරන් බලලා නොවෙයි. මෝඩ තර්ක දන්නා එපා. අපට උගන්වා තිබෙන්නේ ගුවන් ඡායාරූප වල ප්‍රයෝජන වලින් එකක් තමයි වන විනාශය බලාගැනීම (නි)
ඊටත් ඉස්සර ඉදන් වන සත්තු හිටපු තැන් ඔක්කොම ආයෙත් වන සත්තුන්ටම දෙනවද එහෙනම්? (බ)
ගූගල් අර්ත් බැලුවනං තේරෙයි.(බ)
මේ .අයට ඇත්ත පෙන්නේ නෑ ඔය කලින් මුස්ලිම් වරු හිටපු ප්‍රදේශයක්. අපි ජාතිවාදී වෙන්නේ මොකටද. (බ)
තිලක් කාරයා බදුර්දීන්ගේ ලොකු කුට්ටියක් ගිලලා තමයි මේ කඩේ යන්නේ (බ)
අනේ හැබෑටම මෙහෙමත් රටක්? (නි)
1985-2009 දක්වා කාලය තුළ ගූගල් අර්ත් බලන්න. ඉන්පසු වෙනදේ බලන්න. වනාන්තරයට වෙන දේ බලන්න ජාති භේදයක් අවශ්‍ය නැහැ. (නි)
මගේ ඇඟේ මාලු නටනවා (නි)
මෙවැනි නිවේදනයක් කිරීමට ඔහුට ඇති අයිතිය සහ බලය කුමක්ද? (නි)
හුඟක් හොඳ වැඩක්. ගොඩක් අයට මේක ජාතිවාදී ප්‍රශ්නයක් මිස පාරිසරික ගැටළුවක් නොවේ (නි)
මේ අයට මේ මොකද්ද වෙලා තියෙන්නේ? කැලේ කපපු පැත්තට අඩියවත් තියලා නැහැ. විලිලැජ්ජා නැතුව තාමත් කඩේ යනවා. (නි)
මෙය මාධ්‍ය සංදර්ශනයක් නම් මෙයින් රටේ නැවතත් ජාති භේදය අැවිස්සීමෙහි අරමුණෙන් කරන දෙයක් විය හැක. (නි)
මේ මුහුණු ටික දැක්කම හිතෙනවා ඔහොම කියන්න විල්පත්තු ගියේ මොකටද කොළඹ ඉඳන් කියන්න තිබුනනේ කියලා (නි)
ඇත්තට...... හොඳට ඇස් දෙක ඇරලා වනාන්තරය නැරඹුවද? (නි)
මරු සෙට් එක. ඔය ගිහින් ඉන්නේ මොකටද කියලා අපි දන්නවා (නි)
නැතුව නැතුව..... මොන හානිද? (නි)
එහෙමද? හා, එහෙනම් කමක් නැහැ (නි)
ඔලුවෙන් හිටගෙන වෙන්න ඇති විල්පත්තුව නරඹන්න ඇත්තේ. මේතරම් වන විනාශයක් වෙලත් මෙවැනි අසත්‍ය දේවල් ප්‍රචාරය කරනවනේ? (නි)
විල්පත්තුවේ හතර කොන මනින්න අපි දන්නේ නැහැ. එක එකා ඕන ඕන විදිහට මේකේ හතර කොන පෙන්න පෙන්න, මේ වන විනාශය සාධාරණය කරනවා. නමුත් ගස් කප කපා විනාශ කරන්නේ විල්පත්තුවද, විල්පත්තුව අවට තියෙන කැලයද, යාලද, කුමනද, මඩුද කියල අදාලම නැහැ. මුන්මේ විනාශ කරන්නේ විල්පත්තුව කියන නම නෙමෙයිනේ. විල්පත්තුව ඇතුළුව අනෙක් ඕනෑම වනාන්තරයක තිබෙන අන්තර්ගතය තමයි විනාශ කරන්නේ. ඒ කියන්නේ සතා සිව්පාව, ගස් කොළන්, පරිසර සාධක වගේ ස්වාභාවික දේවල්. මෙතැනදී බහුතර ජනතාව භාවිත කරන "විල්පත්තු වන විනාශය " කියන වචන වැරදි වෙන්න පුළුවන්, නමුත් රටේ බහුතර විරෝධය, වචන හරඹයකින් යටපත්කරන්න කපටි පාලකයෝ උත්සාහ ගන්නවා. නැවැත්විය යුතුවන්නේ සමස්ත වන විනාශය මිසක් "විල්පත්තුව " කියන නම නෙමෙයි. (බ)
මෙබඳු පුද්ගලයන්ගෙන් සාධාරණ සමාජයක් බලාපොරොත්තු විය හැකිද යන ප්රශ්නය අපට විමසීමට සිදු වේ. අදාළ 126 දෙනාගෙන් බහුතරයක් ගැන අපට එල්ල කළ හැකි කරුණු කාරණා චෝදනා රාශියක් ඇත. තිස් අවුරුද්දක් පුරා එල්. ටී. ටී. ඊ. සංවිධානය මෙහෙය වූ ත්‍රස්ත ව්‍යාපාරය පැවැති සමයේ මේ උත්තම පුරුෂයන් සිටියේ කොහේදැයි අපට තවත් ගැටලුවකි. (නි)
ගිලලා වගේ ලොකු ගුලියක්! (නි)