විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලූම වන බිම් ද ඇතුළත් වන ආකාරයට වනජීවි කලාපයක් ප්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම විල්පත්තුව ඇතුළු සියලූ වනාන්තර නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට නිරන්තරයෙන්ම නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිවරයාඋපදෙස් දුන්නේය.
පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමඟ අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දුන්නේය.
කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර හෙළි කිරීම්වලට අදාළව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් ජනපති වැඩිදුරටත් ප්‍රකාශ කළේ වනාන්තර හෙළි කිරීම් සහ කැලෑ කැපීම්වලට එරෙහිව දැනට පවතින නීතිය තුළ ඇති දඩ මුදල හා සිර දඩුවම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස තමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කරනවා නම් වැඩ! (නි)
ඇයි විල්පත්තුවේ වන විනාශය කරපු අය එළිපිටම දකින්නට තියෙද්දී අත්අඩංගුවට ගන්න කියලා නියෝග දෙන්න පියවර නොගන්නේ. මේ කරන්නේත් ජනතාව රවටන එකද. (නි)
මොනතරම් වටිනවාද එහෙම කරනවා නම් (නි)
විල්පත්තු විනාශය වළක්වන්න ආණ්ඩු දෙකටම උවමනාවක් තිබුණේ නැහැ. මේ දෙගොල්ලොම ඡන්ද ටිකට පෙරේතකමේ කටපියාගන ඉන්නවා සිංහරාජ වනාන්තරේ කැපුවත්. කොහොමත් ජනාධිපතිතුමා නම් අවදිවෙන්නේ පත්තරේ ආවට පස්සෙනේ. (නි)
මොහොමඩ්, රෂීඩ්, ඔයාලා දෙන්නා හිතන දේ අපිට තේරෙනවා. වනාන්තර කියන්නේ අමිල සම්පතක්. එය රැකගැනීම ජාතික වගකීමක් (නි)
මුලින්ම මිනිසුන් ජීවත්වෙලා ඉන්න ඕනෑ. ඔය ප්‍රදේශවල ජීවත්වෙන ජනතාව ඉතා දුක්ඛිත ජීවිත ගතකරන්නේ. ඔය වනය විතරක්ද රටේ තියෙන්නේ. (නි)
කවුරු වනාන්තර හෙළිකළත් වරදක් නමුත්, ඔය විල්පත්තු අාශ්‍රිතව හිටපු අය කොටි විසින් පන්නලා යැව්වා. අද ඒ ඉඩම් වනාන්තර වෙලා. ඉතින් ඒවා ආපහු හෙළිකළාම දොස් කියනවා. (නි)
මේක මීට ඉස්සර අභයභුමියක් කිව්වේ රජයේ අනුදැනුම හා අනුමත කිරීම මත නොවෙයිද? (නි)
ඒ කියන්නේ කැලේ කපලා වනේ පදිංචිවුණ අයත් ගණන් ගන්නේ වන ජීවීන් හැටියටද? එ්කත් නරකම නැහැ. ඒ වුණාට මුළු රටම වනජීවී කලාපයක් බවට නම් කළොත් තමයි වඩා නිවැරදි (නි)
අපිට ඉන්නේ ‘මම දන්නේ නැහැ, එසේත් නැත්නම් මම දැනගෙන සිටියේ නැහැ‘ කියන බලධාරීන්ද? එසේත් නැත්නම් අනුන්ගේ පිහිටෙන් බලයට ආ අය පාලනය කරගන්න බැරි පාලකයින්ද. (නි)
කලාප හැදුවට මදි. වන විනාශය කරන අයට දඬුවම් දෙන්න. (නි)
නියමයි. ඒත් කෙළින්ම නියෝග කරන්නකෝ. ඒ වගේම නීතිරිති දැඞිකරලා කැළෑ කපලා ගස් අදින වාහන රාජසන්තක කරන්න. (නි)
අශ්වයාට පැනලා යන්න දීලා ඉස්තාලය වැහුවට වැඩක් වේවිද. (නි)
ඇත්තටම වනජීවී එකට අයත් වනාන්තර ටික විතරයි අද ආරක්ෂා වෙලා තියෙන්නේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිතිව තිබුන වනාන්තර බොහොමයක් අද විනාශවෙලා. ඒ නිසා ජනාධිපතිතුමාගේ තීරණය බොහොම අගය කළයුතුයි. වනාන්තර වන සතුන් සමඟ ආරක්ෂා කරගත යුතුයි (නි)
හොඳ තීරණයක්, පරක්කුවෙලා හරි. කාන්තාර අපිට එපා (නි)
තව ටිකක් කල් යනකොට ඕකේ ඉතුරු වෙන්න දෙයක් නැතිවෙයි (නි)
අශ්වයා රටෙනුත් පැන්නාට පස්සේ ඉස්තාලේ දොරට අගුලක් හයි කරන්න උපදෙස් දීලා වගෙයි!
කර ඇත්තේ මහා වන විනාශයකි. පවතින නීතිය අනුව කටයුතු කර වගකිවයුතු සියල්ල තරාතිරම නොබලා කටයුතු කර ඉදිරි වන විනාශ සදහා මහජන පෙළඹවීම් මර්දනයට අඩිතාලම නිමවමින් ගතයුතු අවැසි පියවර කඩිනමින්ම ගත්තනම් තම වඩාත් හොඳ! (නි)
නියමයි. ඒත් ඇයි මේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කරන්නේ? කෙලින්ම නියෝග කරන්නකෝ. ඒ වගේම නීතිරිති දැඩිකරලා කැළෑ කපලා ගස් අදින වාහන රාජසන්තක කරන්න. (නි)
තනිකරම මහා පරිමාණ විනාශයක් ඇතිවුණාට පස්සේ ඇහැරිලා තියෙන්නේ. දැන් කරලා තියන විනාශයට විරුද්ධව පියවරක් ගන්නේ නැද්ද? (නි)
ප්‍රමාදවෙලා හරි මේ තීරණය ගත් එක වටිනවා (නි)
අපිට නම් සුරංගනා කතා තමයි මේවා. විල්පත්තුවේ ඔච්චර එළිකිරීම් සිදුවෙද්දී සියල්ලෝම නිහඬව ඉන්නවා. මාධ්‍ය වලට නම් ලොකු කතා කියනවා. පරිසරය රකින්න රජයෙන් ගෙනියන ක්‍රියාමාර්ග හරිම ලිහිල්. උඩහින් කඳුකරයේ කැලෑ කපලා ගෙවල් හදනවා, පහළින් තියෙන කැලෑ එළිකරනවා. (නි)
අපිට සතුටුයි මේවා ඇහෙනකොටත් (නි)
අන්න නියම වැඩ! (නි)
ජනපතිතුමනි, මෙය ක්‍රියාත්මකවන්නේ නම් අකුරටම, ඔබට අපගේ උත්තම ප්‍රණාමය! (නි)
විල්පත්තුව ලංකාවේ පෙණහල්ල වගේ. විල්පත්තුව විනාශ කරන දේශද්‍රෝහීන්ට තනතුරු, පට්ටම්! ඒ වන විනාශය රටටම හෙළිකරපු අය හිරගෙදර! (නි)