(ජයරත්න වික්‍රමාරච්චි සහ එච්.චන්දන)
විල්පත්තුව ජාතික උද්‍යානයේ පල්ලිවාසම්කුලම් ප්‍රදේශයේ ඓතිහාසික නටඹුන් පිහිටි ස්ථානයක නිදන් හාරමින් සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු සහ ඒ සඳහා යොදාගත් ජල මෝටරයක්, ඇතුළු උපකරණ තොගයක් අත් අඩංගුවට ගත් බව එළුවන්කුලම වනජීවී කාර්යාලය කියයි.
එළුවන්කුලම ප්‍රදේශයේ සිට කිළෝ මිටර් 20ක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානය වටලන විටත් එහි 15 ක පමණ පිරිසක් සිට ඇති නමුත් දෙදෙනෙකු හැර සෙසු සැකකරුවන් පිරිස පළාගොස් ඇත.
සැකකරුවන් පිරිස අදාළ ස්ථානයේ අඩි 20ක පමණ ගැඹුරු සහ අඩි 10ක පමණ විශ්කම්භයකින් යුත් වලක් හාරා තිබී ඇති බවත් වනජීවී කාර්යාලය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තුවේ අක්කර ලක්ෂ ගණන් කැලේ කපමින්, පුරාණ පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරමින් සමහරු ඩෙගා නටද්දීනම් නිදි හැබැයි පොලිසිය, වනජීවී කාර්යාල ඔක්කොම!
නිලධාරීන්ට තව ටික කාලෙකින් සුන්බුන් එකතු කරන්න වෙන්නේ