රෝවන් පෙරේරා
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දඩයමේ යෙදී සිටී පුද්ගලයින් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව විනජීවි නිලධාරීහු පවසති.
ඔවුන් සතුව තිබූ සමග ගිනි අවි 02ක්, පිහි 02ක්, ගිනි අවි සඳහා භාවිතා කරන පතුරන් 02ක්, වායු රයිපල් 01 ක් ඒ සඳහා යොදා ගන්නා උන්ඩ 100ක්, විදුලිපන්දම් එකක්, දඩයම් කර පිසින ලඳ මස් ඇතිලියක් ද ඔවුන් බාරයට ගෙන ඇති අතර වනජීවි වෘක්ෂලතා ආඥා පනතේ ආරක්ෂිත පක්ෂියකු වූ අලු කොබෙයියෙකු ද දඩයම් කර තිබියදී ඔවුන් බාරයට ගත් බව එලුවන්කුලම විල්පත්තුව වනජීවී උප කාර්‍යාලයේ නිළධාරීන් කියයි.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පොම්පරිප්පුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් සහා නඩු භාණ්ඩ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවද වනජීවී නිළධාරීහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී නිලධාරීන්ට මාගේ ප්‍රණාමය අහිංසක සතුන් හට කරන අපරාධ වලට දැඩි දඬුවම් දිය යුතුයි.
අලි යන කපොලු තිබියදී කූඹි යන හිල් වහනව කියන්නේ ඔන්න ඕවට තමයි. අරෙහේ විල්පත්තුව කෑලි වෙන්න කපල සත්තු දාස් ගානක් මරන එක සහජීවනේ නිසා අවුලක් නෑ ඉතින්. මේවත් වලක්වන්න ඕනේ, මේ අයට දඬුවම් කරන්න ඕනේ. කැලේ එලි කරන එක විතරක් නම් මදෑ. පකිස්තාන් සරණාගතයන් පදිංචි කරවල අන්තවාදී කොලනි හදන එකනේ වැඩේ.
වන ජීවී නිලදාරීන් ප්‍රමාණය දෙගුණයකින් වැඩි කරන ලෙස ඉල්ලමි. වනජීවියේ සියල්ලන්ටම මගේ ප්‍රණාමය. මොවුන්ට ලොකු දඩ සහ හිර දඬුවම් ලැබුනොත් හොඳයි.