තමාගේ මැදිහත්වීමෙන් විල්පත්තු අභය භූමියේ ජනතාව පදිංචි කර ඇතැයි යමකු ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (7) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී කීවේය.
මෙවැනි චෝදනා මගින් උත්සාහ කරන්නේ ආණ්ඩුව බිඳ වැට්ටීම බවද ඇමැතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා උඩ ඉන්න දෙවියොම බලාගන්න ඕනෑ (නි)
මහින්ද ගියාට පස්සෙත් වැඩ වෙන්නෙ මහින්දගෙ පිළිවෙළටම නම් යහපාලනයෙන් ඇති වැඩක් නැහැ ඉතින් (නි)
සිංහලයන්ගේ ඡන්ද අරගෙන සිංහලයන්ට නොසළකන එක හරිද? (නි)
අස්වෙන්න අස්වෙන්න... ඒක හොඳයි (නි)
ඉඩම් කැබැල්ලක් නැති මිනිස්සු මේ රටේ කොපමණ ඉන්නවද? මෙහෙම තමන්ගේ කෙනෙකුට ඉඩම් කෑල්ලක් දෙන එක වැරදිද? (නි)
අපිට නම් දැන් කතා අහලම එපාවෙලා (නි)
ඔව් ඇල්ලුවේ නැහැ තමයි. හැබැයි අර ඩෝසර් කළා කියන කතාව මොකක්ද එතකොට? (නි)
හිතාගෙන ඉන්නේ අස්වුණොත් ලංකාව කොට උඩ කියලා. අමාත්‍ය කෙනෙක් නැති තරමට හොඳයි. (නි)
අනේ අපි නොදන්නා ඉල්ලා අස්වීම්! (නි)
අනේ කමල් ඔයාල ජීවත් වෙන්නේ මුණු පොතේ මිසක් මේ ලංකා පොළොවේ නෙමේ ඉඩම් නැති හැමෝම ගිහින් වන සුද්ද කරලා ඉඩම් ගන්න එතකොට මේ රට කාන්තාරයක් කරලා තෙලුත් හම්බ වෙන නිසා අරාබියේ කොලනියක් කරන්න පුළුවන්නේ ඔයාටත් ඇමති කමක් හම්බවෙයි (බ)
මොනවා කරන්නද මමත් ඡන්දේ දුන්නනේ.(හේ)
මේ ඇමතිවරයාට මොනතරම් චෝදනා තිබුනද පහුගිය කාලේ? අධිකරණයට අපහාස කළා, ගල් ගැහුවා කියල කලුකෝට්කරුවන් ලෝකය පෙරලුවා මතකයි ඒ දවස් වල .අනේ යහපාලනයට ගිය ගමන් දැන් කිසි චෝදනාවක් නැහැ.සත්ගුණවත් ඇමති කෙනෙක් වෙලා.ඔහොම යමු ..ඔහොම යමු.යහපාලානය ගෙනාවේ මෙයාලානේ.ඒ හින්ද කළගුණ සළාකාගෙන ඇස්කන් පියාගෙන ඉන්න.. (නි)
එතකොට දැන් කවුද වැරැද්ද කරලා තියෙන්නෙ? (නි)
කවුද මේ ප්‍රියන්ත? මෙයාට විල්පතුවේ වටිනාකම තේරෙන්නේ නැහැ. විල්පතුව හෝ වෙනත් වනාන්තර තියෙන්නේ මිනිස්සු පදිංචිකරන්න නොවේ (නි)
තමාගේ දැනුමක් ඇතුව ඇල්ලුවේ නැත්නම් හොඳයි. දැන් තියෙන්නේ විල්පත්තුවේ බලෙන් පදිංචිවී ඉන්න සේරම ජාති ආගම් බේදයකින් තොරව ඉවත්කිරීම. (නි)
මගේ ඇස්දෙකෙන් දැක්කා කැලේ කප කපා ගෙවල් හදනවා.(හේ)
එතකොට කවුද ඕව බෙදල දුන්නේ..අර නාලිකාවක කියන්නේ අහිංසක මනුස්සයෙක් මෙතුමා ගෙවල් හදන්න ඉඩමක් මෙන්ම රුපියල් ලක්ෂයක මුදලකුත් දුන්න කියල..(බ)
දේශපාලන බල ලෝබයට මුළු සිංහල ජාතියම බිල්ලට දෙන්න එපා (නි)
හැමෝම එකක් මතක තියාගෙන අදහස් දාන්න. මේක සිංහල දමිල මුස්ලිම් හැමෝටම අයිති රටක්. ගෙවල් නැති නම් මේ විදියට හරි ගෙවල් හදල දෙන්න ඕනි. ට්‍රින්කෝ නේවී කෑම්ප් එක වෙනස් කලා. ඔක්කොම කීවානේ ඒක හොදයි කියලා. ඡන්දෙ දීල ආණ්ඩු පත් කර ගත්තේ මේ ප්‍රශ්න විසදන්න තමා. සත්තුද මිනිස්සුද වටින්නේ? (නදී)
මේ ලංකාදීපයේ ම මෙයාල විල් පත්තුවේ කරන ඒවා පින්තුර සහිතවම පල වෙලා තියනවා .මට තියන ප්‍රශ්නය අපේ රටේ අනිත් දේශපාලකයන්ට , පරිසර සහ වන රක්ෂිතයට , හාමුදුරුවරුන්ට මේවා පෙන්නේ නැත්තේ ඇයි ? සිංහල මිනිස්සු කොළඹට වෙලා රණ්ඩු වෙනකොට මෙයාල රටේ අනිත් පැත්ත අල්ලගෙන. මෙය දැන් ම නතර කළේ නැති වුනොත් මෙය කොටි ප්‍රශ්නයට වඩා බරපතල වෙනවා ඉර හඳ වගේ විශ්වාසයි . (බ)
අනේ එහෙමද ? එහෙනම් හරිම ලේසි මූව ගෙදර යවන්න !! ගියේ නැත්තනම් එලවල දාන්න ඕනේ (බ)
මෙයාලට හොඳට බොරු කියන්න පුළුවන් .කී පාරක්ම අස් වුනාද අර කිව්වා වාගේ.තොප්පිය හැරෙන හැරෙන පැත්තට තමයි වැඩ. (බ)
කවුරුත් මෙතුමාට කිසිම චෝදනාවක් කරන්න එපා. මෙතුමා සත්ගුණවත් ජනතා හිතකාමී ප්‍රගතිශීලි සාධාරණ සත්‍යවාදී ඇමැතිවරයෙක්. ඔය කියන චෝදනා තිබුණා නම් මේ රජයේ ප්‍රබල ඇමතිකමක් ලබා ගනීවිද? මෙතුමා අපේ රටට තව තව සේවය කරන්න දියවන්නාවේ අගමැතිකමට පවා සුදුසුයි කියල මම හිතනවා. (අ)
අපි කාවද විශ්වාස කරන්නේ? (නි)
ඔය කැලෑවල මිනිස්සු කසිප්පු පෙරනවා ඕව ගැන කතා කරන්න මිනිස්සු නැහැ !!! අනේ මන්දා ? (බ)
ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට යට වූ ආණ්ඩු බලයට පත් වුනාම මීට වඩා වැඩි දේවලුත් වෙන්න පුළුවන්. සිංහලයා ජාතිය ගැන කථා කළොත් ඒක ජාතිවාදියි. බෞද්ධයා ආගම ගැන කථා කළොත් ඒක ආගම්වාදියි. අනෙකුත් සජාතීන් හා ආගමිකයින් සිය ජාතිය ගැන ආගම ගැන කථා කිරීම ප්‍රජාතන්ත්‍රවාදියි. මේක පුදුම රටක්. පුදුම පාලනයක්. (බ)
රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් වශයෙන් මිට වඩා වගකීමෙන් ප්‍රකාශ කරන්න ඕනේ. රටේ සිදු වන දේවල් ගැන මිනිස්සු අවධානයෙන් ඉන්නේ. ඉස්සරට වැඩ දැන් මිනිස්සු උගත්. මෝඩයන්ට අන්දන්න ගිහින් ඉබේම මෝඩයෝ වෙන්නේ මෙයලමයි.(හේ)
ඇල්ලුවේ නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ (නි)
මේ කරන අපරාධ වලට කවදා වන්දි ගෙවන්නද?(හේ)
විල්පත්තුවේ වෙන දේ දිගින් දිගටම පළකරන්න අපිට දැනගන්න (නි)
විල්පත්තුවේ වටිනාකම රටේ පාලකයෝ නොදනී.(හේ)
ආණ්ඩු වට්ටන්න ජනතාවට කිසිම ඕන කමක් නැහැ. රටේ සම්පත් තමන්ට ඕන විදියට තමන්ගේ හෙන්චයියන්ට රටේ නීතිය තඹ සතේකට ගණන් නොගෙන දේශපාලන බලය යොදාගෙන විනාශ කර තවදුරටත් කටමැත දොඩවන ආකාරය පිළිකුල් සහගතයි . නීති විරෝධී පදිංචිකරුවන් වහා ඉවත් කළ යුතුයි. ඒ වගේම මොහුට විරුද්ධව මේ කළ අපරාධයට රටේ නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කර දැඩි දඬුවම් දිය යුතුයි (බ)
වහාම මේ අපරාධය නැවැත්විය යුතුයි.(හේ)
කොළඹ ගාල්ල අධිවේගී මාර්ගය මත්තල ගුවන් තොටුපළ ආදිය ඉදි කලේ සාමාන්‍ය ජනතාවගේ පොදු පහසුකමක් විදිහට . විල්පත්තුව කැපුවේ එක්තරා ජන කොටසගේ හිත සුව පිණිස, (හේ)
ඉක්මන් පියවර නොගත්තොත් මේ රට පාකිස්තානයේ කොටසක් වෙනවා ඉතාමත් ළඟදීම. (නි)
හර්ෂ, දැන් කියලා තියෙන්නේ පුළුවන්නම් ඔප්පු කරන්න කියලා. මේ ගැන මහා ප්‍රචාරයක් ගෙනියන අයට පුළුවන්නේ චෝදනාව තහවුරු කරලා පෙන්වන්න (නි)
දියවන්නාවේ නෙවෙයි විල්සන්, වෙනකොහේ හරි මෙයාගේ ලොක්කා ජනාධිපති වුණු දවසක මෙයා හොඳයි වෙනත් අගමැතිකමකට (බ)
ශ්රී ලාංකීය ජනතාවට හිසට සෙවණක් ලබාගැනීම සඳහා ඉඩම් බෙදා දී ඇත්නම් එය වරදක් වන්නේ කෙසේද? ඔවුන් ශ්‍රී ලාංකීකයන්ය. සෙසු සියළුම පුරවැසියනට හිමි අයිතීන් ඔවුනටද හිමිය.රැකිය යුත්තේ සතුන්ද? මිනිසුන්ද? (නි)
ශ්රී ලාංකීය මරක්කල /මුස්ලිම් ජනතාවට හිසට සෙවනක් ලබා ගැනීම සඳහා ඉඩම් බෙදා දී ඇත්නම් එය වරදක් වන්නේ කෙසේද? ඔවුන් ශ්‍රී ලාංකීකයන්ය, සෙසු සියළුම පුරවැසියනට හිමි අයිතීන් ඔවුනටද හිමිය. රැකිය යුත්තේ සතුන්ද? මිනිසුන්ද? 1948න් පසු පිහිටවූ රජය ගොවි ජනපද ව්‍යාපාර ඇති කළේ මහ ඝන කැළෑ එලි කිරීමෙනි. ඒ ගැන, උද්ගෝෂන නඟන කල්ලි කාරයින් හා මාධ්‍ය කාරයින් දන්නේ නැද්ද? උද්ගෝෂන නඟන මාධ්‍ය හා සෙසූ පිරිස් පහත කරුන දන්නවාද. අරාබි ජාතිකයන් ලංකාවට පැමිණෙන විට කාන්තාවන් රැගෙන ආවේ නැත. ඔවුන් විවාහ වූයේ මෙරට වැසි සිංහල දෙමළ ජාතික කාන්තාවන් සමඟය. එහෙයින් ඔවුන් සිංහලයන්ය. ඔවුන් ශ්‍රී ලාංකීකයන්ය. අපේ සහෝදර රටවැසියන්ගේ හිසට සෙවනක් ලබා දීමට එරෙහි නොවනු. සතුන්ට පළමුවෙන් මිනිසා රැකිය යුතුය. (නදී)
සම්පත්,ඔයාගේ කතාව හරි. (නි)
ජයරත්නට තේරෙන ටික අනිත් අයට වැටහෙන්නේ නැහැ (නදී)
රටට අබ සරණද? (ත)
එතකොට කැලේ මැද්ද කවුද ගෙවල් හදන්න ඉඩ දුන්නේ? (ත)
විල්පත්තුවේ සත්තු දැන් නෑ (ම)
මෙම පදිංචි කිරීම් පටන්ගත්තේ 2013 දී. දැන් ඒක වඩාත් ආක්‍රමණශීලිව කරගෙන යනවද කියල බලන ඒක මේ ආණ්ඩුවේ යුතුකම.ජවිපෙ එ්ක ඒ පැත්තේ ගිහින් බලල ඒ ගැන විස්තරයක් ජනතාවට ඉදිරිපත් කරන්න පොරොන්දුවීම අගය කරමි. (බ)
මේ ඉතින් බලය වෙනුවෙන් ඕනෑම කෙනෙක් දන් දෙන්න ලැහැස්ති වෙස්සන්තර පුතලානේ. ඉතින් කොහෙවත් තියෙන රක්ෂිතයක් කියන්නේ කජ්ජක්ද? (අ)
ඔප්පු කළොත් ඇත්තටම යනවද ඇමතිකම දාලා.(හේ)
ඩේවිඩ් සිල්වා වගේ අය මේ රටේ තව බෝ උනොත් .... ... මම හිතන්නේ මේ සිල්වා ගේ නමටඉස්සරහින් තියෙන එම් අකුර හංගල (බ)
ඉස්සර හට යන්න වෙයි දෙන්න දෙයක් නෑ දේපලත් රාජ සන්කත කරයි. (ම)
යනවා යන්න (බ)
ඉඩමක් නැති මිනිසකුට ඉඩමක් දුන්නම ඇති වැරැද්ද මොකක්ද? (බ)
මෙයාලව විශ්වාස කරන්නම බෑ. අයි එස් අයි එස් වගේ (බ)
ලංකාවේ සිංහල මිනිස්සු හැමදාම කළේ නිල් කොළ පාටවලට බෙදිලා මරාගත්තු එක. බලාගෙන යනකොට ලංකාවේ සුළු ජාතිය සිංහලයි. මොකද එහෙම කියන්නේ දෙමල මුස්ලිම් මිනිස්සුන්ට ඕන දේවල් ඕනෑම රජයකින් පහසුවෙන් ඉල්ලීම් කරලා ගන්නවා. සිංහලයට තියෙන්නේ හැමදාම දැවෙන ප්‍රශ්න (බ) ලුසෙනා බුබායි
ඔය සුළු ජාතීන් කියන පිරිස මහ ජාතීන් වන දිනය වැඩි ඈතක නෑ. ඒ මිනිස්සු කටයුතු කරන්නේ තමන්නේ ඊළග පරම්පරාව ගැන හිතල සිංහල දේසපාලුවො කටයුතු කරන්නෙ ඊළග මැතිවරණය ගැන හිතල වෙනස ඕකයි. කාටද ඉතිං කියන්නෙ.(බ)
ඕකවත් තේරෙන්නේ නැද්ද එරංග. මේ අලකලංචි ඔක්කොටම වගකියන්න ඕනෑ කවුද කියලා තේරෙන්නෙ නැද්ද? (නි)
තවත් බලන් ඉන්න එපා.(හේ)
ප්‍රියන්තට තේරෙන්නේ නැහැ වනාන්තරයක වටිනාකම. කටු කන බවයි මට පේන්නේ. ඉඩම් මදිය කියල වනාන්තර එලි කලාම හරිද? ජනගහනය අඩු කල යුතුයි. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි එළවලා දමමු. (නදී)
දේශපාලන වසයෙන් බෙදී මරා ගන්න සිංහලය ගැනත්, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන සිංහල අයිතිය උදුරා ගන්න අසිංහල ජාතිවාදී ගැනත් අදහස් දැක්වූ ඔබ සැමට ස්තුති.එහෙත් සිංහල අය ගැන මර නින්දේ පසුවෙන නාමික සිංහල දේශපාලකයන්ට විය යුත්තේ කුමක්ද? (බ)
මේ ගැන වැඩිපුර හොයලා බැලුවොත් නේද හොඳ?(හේ)
පව් අප්පා මෙයා හරි අහිංසකයි .(බ)
කලින් විල්පත්තුවේ පදිංචි වෙලා හිටිය දහස් ගණනක් සිංහල අයව හොයලා දෙන්ඩ පදිංචි කරවන්ඩ. බැන බැන ඉන්න වෙලාවේ. බෙදිලා මරා ගන්නේ නැතුව. ඕක පටන් ගත්තේ හිටපු ජනාධිපති. ඒකයි බය නැතුව අස්වෙනවා කියන්නේ. මෙතන මහලොකු ජාතිවාදයෙන් කතා කරන අය මත්වතුර බොන, කුඩු ගහන, කාන්තාවන්ට විවිධ හිංසා කරලා මරලා දාන අය ගැන මොනවද කියන්නේ. (අ)
ශ්රී ලංකා අයි.එස්.අයි.එස් (නදී)
ඔහොම යමුකෝ... (නි)
කමල්, සමන්ති,මොලේ උඩද ඉඳගෙන ඉන්නේ. දන්නේ නැද්ද එයාගේ දේවල් දුන්නට අපට කමක් නෑ. කිසිම අහිතකුත් නෑ මේවා පොදු දේපොළ. එ්ත් අමතක කරන්න එපා අද ටිකක් හෙට ගොඩක් (නදී)
කොළඹ ගාල්ල අධිවේගී මාර්ගය මත්තල ගුවන් තොටුපළ ආදිය ඉදිකිරීමට එළිකළ වනය ප්‍රමාණයෙන් විල්පත්තුවේ එළිකළ ප්‍රමාණයට වඩා කිහිප ගුණයක්. ඒවා ගැන කතාකරන්නේ කවුද ? (නි)
අනේ මගේ කට! (නි)
අනේ මගේ කට. දැන් කී පාරක් අස්උනාද? අස් වෙනවනම් ලොකු උදව්වක්!! (බ)
විල්පත්තු අභය භූමියම අල්ලලා නැහැ.ඉහළ මායිම විතරයි දැනට අල්ලලා තියෙන්නේ. (නි)
ගෙවල් හදල තියෙනවා.තවම ඒවායේ මිනිස්සු පදිචිකරලා නෑ (ම)
මත්තල ගුවන් තොටුපල හදනකොට කවුරුත් කෑගැහුවේ නැහැ වනාන්තර වනසනවා කියලා.අලි ඇතුන්ව හාමුදුරුවරු තියාගෙන ඉන්නකොට කාටවත් වන සතුන් ගැන එච්චර තැකීමක් තිබුණේ නැහැ.මේකට මෙච්චර සද්දේ මොකද? (නි)
වහාම ඒ අය විල්පත්තු අභය භූමියෙන් ඉවත්කරන එකයි සුදුසු (නි)
රජයේ කැලය කොල්ලකන එක අපරාධයක් විදියට නොදකින්නේ මොකද දන්නෙ නැහැ (නි)
ගිහිල්ලා බලලම මෙවැනි ප්‍රකාශ කළොත් නරකද? (නි)
ලබන මැතිවරණයේදී ඒක බලාගන්න පුළුවන්වෙයි. (නි)
මේකෙන් ආණ්ඩුවක් වැටෙන්නේ නැහැනේ. ආණ්ඩුවක් ඈදලා අරගෙන ප්‍රශ්නය මඟහරින්න එපා. (නි)
අනේ යන්න යන්න..කවුරුත් තමුන්ව නතර කරන්නේ නැහැ.මිනිස්සු නැත්නම් කාවද පදිංචි කරලා තියෙන්නේ? ලංකාවේ නෙමෙයිද ඉන්නේ? (නි)
හැමෝම ඉතින් කොහොම කොහොමහරි තමන්ට අවශ්‍ය දේ කරගන්නවා (නි)