විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන මාර්තු 30 වැනිදා තෙක් කල් ලබා දීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීම සඳහා තවදුරටත් කල් ලබා දෙන ලෙස නීතිපති කළ ඉල්ලීමකට අවසර දෙමින් අභියාචනාධිකරණය මෙසේ කල් ලබා දුන්නේය.
පෙත්සම ලබන මාර්තු 30 වැනිදා යළි සලකා බැලීමට නියමිතය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ කැඳවිනි.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විල්පත්තු නඩුව මාර්තු 30ට කල් යයි
ඉමේෂ් Friday, 22 January 2016 02:28 AM
ඔහොම කල්දැම්මොත් ඉතින් කල්ගිහින් කියයිද දන්නෙ නැහැ මෙතන කැලෑවක් තිබුණේ නැහැ කියලා. (නි)
භද්‍රානි Thursday, 21 January 2016 03:51 PM
ඕවා ඔය විදිහට කල්යද්දී වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. (නි)
සුබේ Friday, 22 January 2016 05:05 AM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. දෙවියන් යදිනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නි)
පිටිගල Friday, 22 January 2016 05:10 AM
කවදාවත් සාධාරණය ඉටුවෙන්නේ නැහැ. මොකක්ද ඔය නඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ? පදිංචි කළ අය ඉවත්කර නැවත වන වගාවක් කරන්නද? ඔය නඩුව යහපාලන ආණ්ඩුව තිබෙනතුරුම කල් යාවි. එතකොට ඔක්කොම යට ගිහින්, පැමිණිල්ලටත් නඩුව අමතකවෙලා. (නි)