හර්ෂණ තුෂාර සිල්වා
විල්පත්තු වන උද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර හයක් සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) අත්සන් තැබීය.
ජනාධිපතිවරයා එම ගැසට් නිවේදනයට අත්සන් තැබුවේ රුසියාවේ මොස්කව් නුවර සිට බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඒ අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එකතු කර තනි සංරක්ෂිත වනාන්තර වශයෙන් පත් කර තිබේ. ඒ අනුව මාවිල්ලු, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල ‘මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය’ ලෙස අද සිට හැඳින්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැම නීතියක්ම දේශපාලන බලයක් නැති සිංහලයන්ට පමණි
අපගේ උත්තමාචාරය. හැබැයි ඉතින් නම් කරලා විතරක් මදි පවත්වාගෙන යන්ඩත් ඕනේ. අපි ඔබතුමාගෙන් මේවා තමයි බලාපොරොත්තු වුනේ.
දැන් සාස් ගාලා ඔක්කොම කැලේ කපන එක නිට්ටාවට නවතියි. නිකන් රට හිනස්සන වැඩ, නීති රකින්නේ නැතිව නීති දාලා මොනවාටද?
අරහෙන් රජයේ වනාන්තර සහ රක්ෂිත වලින් සංවර්ධන කටයුතු වලට අවශ්‍ය පස්, බොරළු, වැලි කපන්න රහසේම අවසර දෙන ගමන් ප්‍රසිද්ධිය පිණිස, විනාශ කරපු වනාන්තරයක් ආයෙත් රක්ෂිතයක් කරන්න ගැසට් ගහනවා. ඇයි මෙහෙම මේ රට විනාශ කරන්න ඉඩදීලා හැමදේම වුනාට පස්සේ තීරණ ගන්නේ කියල මට තේරෙන්නේ නැහැ. පව් අපේ රට.!
හැමදාම කරන්නේ අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහපු එකනේ. ......අර මහා බැංකු මන්කොල්ලයට මොකද වුනේ දන්නේ නැහැ නේද ? .......වැටත් නියරත් ගොයම් කා නම් කට පවසම් දෝ දෝසා!