‘යකඩ බට එකතු කරන්න මම වෙල්ඩිං බාස් කෙනෙක් නෙවෙයි‘ හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලංකාදීප එසැණට එසේ  කීවේය.

පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් ලක්ෂ නවයහමාරක පමණ ජී අයි යකඩ බට මිළට ගැනීමෙන් ශ්‍රී ලංකා රූපවාහීනි සංස්ථාවට අදාල නොවන දෙයකට රජයේ මුදල් වැය කළැයි හිටපු ඇමැතිටත් රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේටත් සභාපති විමලසේනටත් එරෙහිව මෙම පැමිණිල්ල කැර ඇත.

රූපවාහිනී සංස්ථාව හසලක,හාරිස්පත්තුව හා කොළාන්ගොඩ ප්‍රවර්ධන කටයුතු සඳහා මිලට ගත් මෙම යකඩ බට ආරක්ෂාව සඳහා කොළඹට ගෙන යන තුරු කුණ්ඩසාලේ ගබඩාවක දමා තිබු බවත් ඔහු කියයි.