අනුරාධපුර විලච්චිය පාරේ පුසියන්කුලම නෙල්ලිකුලමේ බලුකොටුව ගමෙන් ඉවත් කරන්නැයි අනුරාධපුරයේ අමරධම්ම හිමියෝ අද උපවාසයක් ඇරැඹුහ.
දැයට කිරුළට පසුවඇරැඹු මේ බලු කොටුව අයාලේ යන බල්ලන්ගේ නවාතැන් පොළයි.
බල්ලෝ තුන්සීයක් පමණ එහි සිටිති .
බල්ලන්ගේ අපද්‍රව්‍ය අසල වැවට සේදී යන බවත් බලු මැක්කන් ගමේ බෝ වී ඇති බවත් බල්ලන්ගේ බිරීම නිසා ගමේ මිනිසුන්ට රෑට නින්දක් නැති බවත් කියති.
අනුරාධපුර නගරාධිපති එච් පී සෝමදාස මහතා පවසනුයේ බලු කොටුව නඩත්තු කිරීම නගර සභාවට පැවැරී ඇති බවයි.
එහි රැගෙන එන බල්ලන් වඳ භාවයට පත් කර ජලභීතිකා එන්නතද විද යළි මුදා හරින බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'' සුනඛ අයිතිවාසිකම්'' උල්ලංගණය වෙන්නේ නැද්ද" අයිති වාසිකම තිබෙනවා ඒත් පැටව් ලැබෙන්නේ නැති එකයි හොඳේ.(නදී)
අහිංසක සත්තු අයාලේ ගිහින් ජභිතික රෝග හදාගෙන ඒ පළාතේ මනුස්සයන්ට හපකලා මිනිසුන්ට ලෙඩ බෝකරනවට වඩා මේ විදිහට ඒ සතුන්ට ඉන්න ස්ථානයක් වෙන්කරපු එක. නමුත් එක පරිසරයට හානියක් නොවෙන , මිනිසුන්ට කරදරයක් නොවෙන ස්ථානයක් තොරාගත්තනම් නගර සබාව මේ කරන දේ අපි අගේ කරනවා. (දිල්)
ඇයි නගරේ කරදර ගමට ?. බලු සංගම් විදේශ ආධාර වලින් බල්ලෝ බලාගත යුතුයි.(නදී)
පුවක් ගහෙත් දෙබලක්, කිවලු ඔහොම යන්,..... අප ද්‍රව්‍ය වැවට යාමත්, මැක්කෝ බෝවීමත් ගැන බලධාරීන් කටයුතු කලයුතුය , (අ)
මරන්ඩද කියන්නේ (අ)
මේ අහිංසක සතුන්ටත් ගම්වැසියන්ටත් යහපත් විසදුමක් ලබාදීම බලධාරින්ගේ වගකීමක්.(අ)
මේගොල්ලෝ කලින් දේශපාලනය කරපු අය බල්ලෝ වුනාට (අ)
බල්ලො තුන්සියකගෙ මැක්කො මහ ගානක් ඇති කියලා නම් මම හිතන්නේ නැහැ. මැක්කොන්ට වඩා බයානක සත්තු ති වැවේ. නමුත් බල්ලෝ බුරන්න ගියාම නම් එපා වෙනවා. (අ)
මහ පොළොව අයිති මිනිසුනට පමණක් නොවෙයි. ඒ අහිංසක සතුනුත් ජීවත් වෙන්න ඕනෑ නේද? දැනට තිබෙන ගැටලු සතුන්ට ද හානියක් නොවෙන පරිදි සාකච්ඡා මගින් විසඳා ගැනීමයි හොඳම දේ. (අ)
මෙතන තියෙන්නේ ආගමික ප්‍රශ්නයක් නොවෙයි පාරිසරික ප්‍රශ්නයක් (දී)
මේක පටන් ගන්න හිතුන කෙනාට ගෞරව කරනවා.දුක් විඳින මේ වගේ සතෙක් දැක්කමත් ආදරයක් අනුකම්පාවක් දැනෙන නැත්නම් ඒ මිනිස් හිතෙන් වැඩක් නැහැ. (අ)
ඇයි මේ කාටවත් ඒ මිනිස්සු විඳින දුක නොතේරෙන්නේ .බල්ලොත් ඔනේ කොල්ලොත් ඔනේ එක තේරුම් ගනන් නිලධාරින් මෙවා පටන් ගාන් ඔනේ මිනිස්සු වැඩිය නොගැවසෙන .සතුන්ට හිතකර ඒවගෙම කිසි කෙනෙකුට කරදරයක් නොවෙන විදිහටයි සල්ලි තිබ්බ පලියට ගෙයක් හදලා බල්ලො රැක්කට වැඩක් නෑ . .අන්තිමට් බල්ලොයි කොල්ලොයි දෙගොල්ලම අමාරුවේ (අ)
මේ මිනිස්සු දවල්ට ගිනි අවුවේ වැඩකරලා, රෑට නිදාගන්නත් නැතුව දුක් විඳිනවා.නමුත් බල්ලන්ටත් පිහිටක් තිබිය යුතුනිසා , සතවලෝලින්ගේ සංගමයකට මේ වෙලාවේ උදවු කරන්න පුළුවන්. සමහර සත්ව සංගම් මිනිසුන්ට ආදරේ නැති වුනත් සතුන්ට කරුනාවයි. (අ)
බල්ලෝ ඔක්කොම චීනෙට දෙන්න ...බලු මසේ රස දන්නේ චීන්නු ...(අ)
මේ කරලා තියෙන වැඩ කොයිතරම් හොද වැඩක්ද ගමේම ඉන්න බල්ලෝ ටික එක තැනක (දී)
හොද වෙලාවට ලංකාවේ බල්ලෝ මරාගෙන කන්නේ නැහැ (දී)
මොකද කියන්නේ යවමුද කොරියාවට හරි චීනෙට හරි නැත්නම් විඅට්නාමේත් හොඳ ඉල්ලුමක් තියෙනවා බල්ලන්ට (දී)
ඒ කියන්නේ බල්ලකුට වත් ලංකාවේ නිදහසේ ජීවත් වෙන්න නෑ කියන එකද ? (අ) .
මේ වගේ ආයතනයක් ලංකාවේ තියනවා කියලා මම දැන ගත්තේ මේ පුවතින් . මේ ගැන අපි සතුටු වෙන්න ඕනි . ඒ වගේම මේ වගේ තැන වලට අදාර කරන්නත් ඔවුන් දිරි ගන්වන්න කටයුතු කරන්න වටිනවා . (අ)
අයාලේ යනවට වඩා හොදයි ඔහෝම ඉන්න එක. (අ)
මේ ආයතනයට ආදාර කරන්න මම කැමතියි ! (අ)
මීට වඩා ප්‍රශ්න රටේ තියනවා. නගරසභාව ලඟට ගියා නම් නේද හොඳ? පවු. (අ)
අපේ රෙටේ තරම් බල්ලෝ නැතිව ඇති කොහෙවත් (අ)
මහා පාරේ තැන තැන ,අපිරිසිදු කරමින් , ලෙඩ රෝග හැදිලා ,ඉන්දෑද්දී මේ කැගහන අයට ප්‍රශ්න මොකුත් තිබුනේ නැද්ද දන්නේ නැහැ මේ සත්තුන්ගෙන්,,,,දැන් මේ සත්තුන්ගෙන් වෙන හානිය අවම වෙලා තියෙන්නේ මේ මහඟු සත්කාරය කරපු උතුම් මිනිසුන් නිසා,,, හාමුදුරුවෝ උපවාස කරලා මේවා නතර කරන්න නෙවෙයි ,උතසාහ කලයුතු,, මේ මිනිසුන්ව තවත් දිරිමත් කරලා,, ඉදිරියේදී මේ සතුන් බෝවීම වැළකෙන එක ගැන හිතල සතුටු වෙන්නයි,,,, (දී)
බල්ලෝ මරමු. උන් බුදු ගේ වැටෙත් චු කරනවා, දන් ගෙටත් රිංගනවා. රැකට වත් හාමුදුරුවන්ට එලියට යන්න බෑ බුරනවා.(නදී)
ඔවුන් ඔක්කොටොම ඡන්ද බලය ලබා දෙන්න. එතකොට දේශපාලන කාරයෝ ඔවුන්ට බොහොම හොඳට සලකාවි. අනේ මේ, පිස්සු නැතුව ඉස්සර වගේ මේ දඩාවතේ යන බල්ලන් මරලා දාන්න. සමහර පින්වතුන් මයිත්‍රීය අනුකම්පාව දක්වන්නේ සත්තුන්ට විතරයි. මිනිසුන් ගැන කිසිම කරුණාවක් තියන බවක් නම් පෙනෙන්න නැහැ.(නදී)
හාමුදුරුවනේ කරුණාව මෛත්‍රිය ගැන හිතමු නේද? (නදී)
හොද දෙයක් කරන කොට කාටත් දරා ගන්න අමාරුයි අසරණ සතෙකුට පිහිට විම උපවාසයක් කරන්න තරම් දෙයක් තොවෙයි (දී)
ඒ අහිංසක සත්තුන්ට පාරේ ඉන්නත් නැහැ මෙහෙම තැනක ඉන්නත් නැහැ (දී)
සත්තු රැකබලා ගන්නවා කියන්නේ මහත් පිනක් (දී)
බල්ලොත් එක්ක බෑ අප්පා (දී)
අසරණ බල්ලටවත් ජිවත් වෙන නිදහසක් නෑ (දිල්)
එතකොට සත්ව කරුණාව නැද්ද? (දිල්)
අයාලේ පාරේ යනවට වැඩ මේ සත්තු මෙහෙම ඉන්න එක කොච්චර දෙයක්ද.(දිල්)
මමත් ළඟදීම මෙම ආයතනයට උදව් කරනවා.(දිල්)
බුදුන්ගේ ධර්මය අනුව කටයුතු කරන හාමුදුරු කෙනෙක්නම් මේ බල්ලන්ව සුවපත් කරන්න කියලා උපවාස කරනවා මිසක් උන්ව එලවන්න උපවාස කරන්නේ නැහැ.(දී)
බල්ලන්ට වඳ බෙහෙත් ? එතකොට '' සුනඛ අයිතිවාසිකම්'' උල්ලංගණය වෙන්නේ නැද්ද ?(දිල්)
අයාලයේ යන සුනකයන්ව අල්ලලා මේවගේ තැනක් හදල තියන එක කොපමණ හොදද,හාමුදුරු කෙනෙක් විදිහට මෙතන තවත් දියුණු කරන්න බල කිරීමක් නගර සබාවට කලානම් කොපමණ හොදද, (දී)