
(අංජුල මහික වීරරත්න)
මැයි 9 වැනිදා කලහාකාරී සිද්ධි අතරතුර ප්‍රහාරයට ලක් ව රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නැවත දේශපාලන කටයුතු සඳහා අවතීර්ණ වී සිටියි.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (15) පැවති රැස්වීමකට ද කුමාර වෙල්ගම මහතා සහභාගී වී සිටින අයුරු දැකගත හැකි විය.එම රැස්වීමට සමගි ජනබලවේගය නියොජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් මහත්වරු ද සහභාගී වී සිටියහ.
ප්‍රහාරයට ලක්වීමෙන් පසු අසනීප තත්ත්වය තත්වය උග්‍ර වීමෙන් කුමාර වෙල්ගම මහතා දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ගෙ දේශපාලනයට නම් මම එකඟ නැහැ, නමුත් අරගලකරුවන්ගේ දැනුම සහ ක්‍රියාවන් හොදින් පෙන්වන එක සිද්ධියක් තමයි මේ. අරගලකරුවො කියන්නෙ නම් ආදරෙන් කියන්නෙ ආදරෙන් කරන්නෙ වගේ වැල් බයිලා, ඒත් ඒවා කියන්නෙ ආයුධ අතේ තියෙන ආරක්ෂක අංශ ඉස්සරහ විතරයි. පාරවල් වහගෙන නිරායුධ මිනිස්සු ඉස්සරහ බලන්න ඕන, එතකොට තමා අරගලයේ නියම මූණ පේන්නෙ. අනික මේ මනුස්සයා එදා ඉදන්ම ගෝඨාභය එපා කියපු මිනිහා.
ගුටිකෑවත් අතහරින්නේ නැහැ නේද? ඒ තරමට දේශපාලනේ රස ඇති.. ඒකයි.