(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ අද (28) දවස පුරා සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිවසක නිදන ඇදක් යට බෑගයක සගවා තිබු රුපියල් එක් කෝටි විසිඑක් ලක්ෂ පනස් දහසක් සමග එම නිවස හිමිකරු අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
එම මුදල් උපයා ගත් ආකාරය හෙලි කර ගැනීමට එම සැකකරු අපොහොසත් වු බව පොලීසිය සදහන් කරයි.
ඒ තරම් විශාල මුදලක් එකවර ඔහුට ලැබුණු ආකාරය කෙසේ දැයි සෙවීමට විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
එම සැකකරු සෞදියේ පරිගනක අලෙවි කරන්නෙකු ලෙස රැකියාව කර ඇති බවද ඔහු සහ බිරිද ඉකුත් දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණ තිබෙන බවද කියති.
එහෙත් ඔවුන්ගේ නිවස දෙස බැලීමේදී එතරම් වත්පොහොසත්කම් ඇති පවුලක් නොවන බවට හෙළි වන බවද උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
කෙසේ වෙතත් 49 හැවිරිදි නිවසේ හිමිකරු හෙට (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක යකාගේ වැඩක්නේ. ත්රස්තවාදය වෙනදෙයක්, ගෙදර සල්ලි තිබෙන එක වෙනදෙයක්. මිනිසුන්ට ගෙදර සල්ලි, මැණික් තියාගන්න බැරිද?
පිටරට වැඩ කරල උපයාගත්ත සල්ලි වෙන්න ඇති. ලංකාවෙන් ඩුබායි ගිහිල්ල වැඩකරල කෝටි 1000 ක් විතර වටිනා මැරියට් හෝටලය පටන් ගත්තේ ලංකාවේ මනුස්සයෙක්නෙ.
ඔහොම අයව අල්ලනවනම් හැම කෙනාවම පරික්ෂා කරන්න . මුදල් උපයා ගත් ආකාරය හෙලි කර ගැනීමට බැරී අය හැමතැනම ඉන්නවා එකම ජාතියක් ඉල්ලක්ක කර ඔහොම කිරීම මගින් සිදුවන්නේ හොද මිනිස්සුත් ත්රස්තවාදීන් දෙසට තල්ලුවිම