IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැලිගම පැමිණිල්ල දවසකින් විභාග කළාදැයි සොයයි

වැලිගම දෙදරු මවක පොල්ලකින් ගසා මරා දැමීමට සතියකට පෙර පොලිසියට පැමිණිල්ලක් කළත් ක්‍රියාමාර්ගයක් නොගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

පොලිසියකට කරන පැමිණිල්ලක් ගැන විසි හතර පැයක් ඇතුළත විමර්ශන පවත්වන්නැයි පොලිස්පති උපදෙස් දී ඇති බවත්, එය නොතකා මෙම පැමිණිල්ල විභාග නොකළ බවට ඔප්පු වුවහොත් අදාළ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කරයි.



අදහස් (0)

වැලිගම පැමිණිල්ල දවසකින් විභාග කළාදැයි සොයයි

චන්ද්‍රා Sunday, 06 July 2014 05:01 PM

බලමු පොලිසිය අහිංසක ජනතාවට සාධාරණය ඉටුකිරීමේ සාධාරණත්වය කොතරම් සාධාරණද කියලා? එම සාධාරණය වුණ අන්දමද පළකිරීමට ලංකාදීපයට හැකිවේවා! (නි)

:       0       0

පැතුම් Sunday, 06 July 2014 05:03 PM

ඔය පොලිසි වල ඉන්න නොගැළපෙන අය සියල්ල ගැන තීරණයක් ගන්න ඕනෑ (නි)

:       0       0

සෙලනිකස් Sunday, 06 July 2014 05:17 PM

සමහර නියෝග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න සමහර රාජ්‍ය ආයතන වලට නොහැකියි. ඊට හේතුව අවශ්‍ය සම්පත් වල අවමකමයි (නි)

:       0       0

ඩොනල්ඩ් Sunday, 06 July 2014 05:55 PM

සොයලා බලලා අපිටත් කියන්නකෝ (නි)

:       0       0

සුපුන් Sunday, 06 July 2014 06:31 PM

නොගැළපෙන මිනිසුන් සිටිනවිට මෙහෙම වෙනවා. පොලිසියෙන් මිනිසුන්ට පිහිටක් නැහැ කවදාවත් (නි)

:       0       0

සුධීර Sunday, 06 July 2014 06:33 PM

දැන් ඉතින්‍ මොනවා කරන්නද? (නි)

:       0       0

පිටිගල Monday, 07 July 2014 11:07 AM

දැන්ද හොයන්න මතක් උනේ? (නදී)

:       0       0

මාලක සිල්වා Monday, 07 July 2014 11:32 AM

පැමිනිල්ලක පිටපතක් ගන්න මමත් පොලිසියට ගියා වලස්මුල්ලේ. නිලදාරීන් අසල උත්සවයට ගිහිල්ලා. පෝයෙන් පස්සේ එන්න කිව්වා (නදී)

:       0       0

රොකී Sunday, 06 July 2014 08:41 PM

1988 දවසක මම හොරණ පොලිසියට පැමිණිල්ලක් කළා. තවමත් එ්ක එහෙමමයි (නදී)

:       0       0

පෙරේරා Sunday, 06 July 2014 09:11 PM

විමර්ශනය කරන්න දෙයක් නොමැත. එයා විසින්ම පොල්ලකින් ගසාගෙන මියගොස් ඇත. (නදී)

:       0       0

ජයරත්න Sunday, 06 July 2014 10:31 PM

බලාගන්න බැරියෑ...තව ටික දවසකින් සිද්ධියට මොකද වෙන්නේ කියලා මේ සිරිලක (නි)

:       0       0

අතුල Sunday, 06 July 2014 10:45 PM

දැන් හොයලා වැඩක් නැහැ (නි)

:       0       0

හරිීන් Sunday, 06 July 2014 01:39 PM

බලමු මොකක්ද වෙන්නෙ කියලා (නි)

:       0       0

සුරේන්ද්‍ර Sunday, 06 July 2014 01:49 PM

දැන් හොයලා මොනවද කරන්නේ? (නි)

:       0       0

චන්දන Sunday, 06 July 2014 02:36 PM

බලමුකෝ මොකක්ද කියලා තීරණය (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 06 July 2014 02:41 PM

කිව්ව විදිහටම වැඩේ වෙනවා නම් තමයි අපිත් කැමති. (නි)

:       0       0

සිසිර Monday, 07 July 2014 12:58 PM

මොනව කරත් දැන් වැඩක් තියනවද? අහිංසක දරු පැටව් දෙන්නෙකුට මව නැති වෙලා? (නදී)

:       0       0

විජේවීර Monday, 07 July 2014 05:38 AM

පසුගිය දිනක යතුරුපැදියෙන් යනවිට පිටුපසින් පැමිණි පුද්ගලික බස් රථය මාව යටකළා.මම බේරුනේ පුරුවේ පිනකට. රෝහලේ සිට පැමිණ දින තුනකට පමණ පසු මම යතුර ගන්න පොලිසියට ගියත් වාහන පරීක්ෂා කළ යුතු බව පවසා මට ඒ පැත්තටවත් යන්න දුන්නේ නැහැ. නමුත් බස් රථයේ රියදුරු ගෙදරින් ගෙනා යතුරින් බසය පණගන්වා අඩුපාඩු සකසා ගැනීමෙන් පසු වාහන පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කළා. ඔන්න පොලසියේ හැටි. ඉතින් මට ඉදිරි වැඩකටයුතු වෙන්නේ කොහොමද කියලා හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ශාලිකා Monday, 07 July 2014 05:21 PM

ඔය කිවුවට පොලිසියකට එන හැම පැමිණිල්ලක්ම පැය 24 විභාග කරන්න පුලුවන්ද? සමහර පොලිසි වලට දවසකට පැමිණිලි 20ක් විතර එනවා. ඒ වුණාට විභාග කරන්න ඉන්නේ නිලධාරීන් 2ක් හරි 3ක් හරි වගේ ගණනක් (නි)

:       0       0

සඳුන් පෙරේරා Sunday, 06 July 2014 03:09 PM

පැයක් ඇතුළත විමර්ශනය කළ පැමිණිලි ගණනත් හොයා බැලුවොත් හොඳයි (නි)

:       0       0

චානක Sunday, 06 July 2014 04:02 PM

මම නම් පොලිසිය ගැන කතාකරන්නවත් කැමැති නැහැ (නි)

:       0       0

සංජය Sunday, 06 July 2014 04:37 PM

අර අලුතින් දුන්න 600 සීසී යතුරුපැදි ලැබුණේ නැති නිසාවද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ගයාන් Monday, 07 July 2014 08:51 AM

පොලිසියේ දමපු පැමිණිල්ලක පිටපතක් ගන්න මම මාරවිල පොලිසියට ගියා. පළවෙනි දවසේ කිව්වා අද රාජකාරි වැඩියි හෙට එන්න කියලා. දෙවෙනි දවසේ කිව්වා නිලදාරීන් මදි ඉන්න අය යුද්දෙට ගිහින් කියලා. ඔය විදියට දවස් පහක් රස්තියාදු කෙරුවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site