වැලිගම දෙදරු මවක පොල්ලකින් ගසා මරා දැමීමට සතියකට පෙර පොලිසියට පැමිණිල්ලක් කළත් ක්‍රියාමාර්ගයක් නොගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පොලිසියකට කරන පැමිණිල්ලක් ගැන විසි හතර පැයක් ඇතුළත විමර්ශන පවත්වන්නැයි පොලිස්පති උපදෙස් දී ඇති බවත්, එය නොතකා මෙම පැමිණිල්ල විභාග නොකළ බවට ඔප්පු වුවහොත් අදාළ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු පොලිසිය අහිංසක ජනතාවට සාධාරණය ඉටුකිරීමේ සාධාරණත්වය කොතරම් සාධාරණද කියලා? එම සාධාරණය වුණ අන්දමද පළකිරීමට ලංකාදීපයට හැකිවේවා! (නි)
ඔය පොලිසි වල ඉන්න නොගැළපෙන අය සියල්ල ගැන තීරණයක් ගන්න ඕනෑ (නි)
සමහර නියෝග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න සමහර රාජ්‍ය ආයතන වලට නොහැකියි. ඊට හේතුව අවශ්‍ය සම්පත් වල අවමකමයි (නි)
සොයලා බලලා අපිටත් කියන්නකෝ (නි)
නොගැළපෙන මිනිසුන් සිටිනවිට මෙහෙම වෙනවා. පොලිසියෙන් මිනිසුන්ට පිහිටක් නැහැ කවදාවත් (නි)
දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
දැන්ද හොයන්න මතක් උනේ? (නදී)
පැමිනිල්ලක පිටපතක් ගන්න මමත් පොලිසියට ගියා වලස්මුල්ලේ. නිලදාරීන් අසල උත්සවයට ගිහිල්ලා. පෝයෙන් පස්සේ එන්න කිව්වා (නදී)
1988 දවසක මම හොරණ පොලිසියට පැමිණිල්ලක් කළා. තවමත් එ්ක එහෙමමයි (නදී)
විමර්ශනය කරන්න දෙයක් නොමැත. එයා විසින්ම පොල්ලකින් ගසාගෙන මියගොස් ඇත. (නදී)
බලාගන්න බැරියෑ...තව ටික දවසකින් සිද්ධියට මොකද වෙන්නේ කියලා මේ සිරිලක (නි)
දැන් හොයලා වැඩක් නැහැ (නි)
බලමු මොකක්ද වෙන්නෙ කියලා (නි)
දැන් හොයලා මොනවද කරන්නේ? (නි)
බලමුකෝ මොකක්ද කියලා තීරණය (නි)
කිව්ව විදිහටම වැඩේ වෙනවා නම් තමයි අපිත් කැමති. (නි)
මොනව කරත් දැන් වැඩක් තියනවද? අහිංසක දරු පැටව් දෙන්නෙකුට මව නැති වෙලා? (නදී)
පසුගිය දිනක යතුරුපැදියෙන් යනවිට පිටුපසින් පැමිණි පුද්ගලික බස් රථය මාව යටකළා.මම බේරුනේ පුරුවේ පිනකට. රෝහලේ සිට පැමිණ දින තුනකට පමණ පසු මම යතුර ගන්න පොලිසියට ගියත් වාහන පරීක්ෂා කළ යුතු බව පවසා මට ඒ පැත්තටවත් යන්න දුන්නේ නැහැ. නමුත් බස් රථයේ රියදුරු ගෙදරින් ගෙනා යතුරින් බසය පණගන්වා අඩුපාඩු සකසා ගැනීමෙන් පසු වාහන පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කළා. ඔන්න පොලසියේ හැටි. ඉතින් මට ඉදිරි වැඩකටයුතු වෙන්නේ කොහොමද කියලා හිතාගන්න පුළුවන් (නි)
ඔය කිවුවට පොලිසියකට එන හැම පැමිණිල්ලක්ම පැය 24 විභාග කරන්න පුලුවන්ද? සමහර පොලිසි වලට දවසකට පැමිණිලි 20ක් විතර එනවා. ඒ වුණාට විභාග කරන්න ඉන්නේ නිලධාරීන් 2ක් හරි 3ක් හරි වගේ ගණනක් (නි)
පැයක් ඇතුළත විමර්ශනය කළ පැමිණිලි ගණනත් හොයා බැලුවොත් හොඳයි (නි)
මම නම් පොලිසිය ගැන කතාකරන්නවත් කැමැති නැහැ (නි)
අර අලුතින් දුන්න 600 සීසී යතුරුපැදි ලැබුණේ නැති නිසාවද්ද දන්නෙ නැහැ (නි)
පොලිසියේ දමපු පැමිණිල්ලක පිටපතක් ගන්න මම මාරවිල පොලිසියට ගියා. පළවෙනි දවසේ කිව්වා අද රාජකාරි වැඩියි හෙට එන්න කියලා. දෙවෙනි දවසේ කිව්වා නිලදාරීන් මදි ඉන්න අය යුද්දෙට ගිහින් කියලා. ඔය විදියට දවස් පහක් රස්තියාදු කෙරුවා. (නදී)