හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම අද (01) පොල්ස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවනු ලැබීය. ගිය රජය සමයේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලංගමයට බස් අමතර කොටස් ආනයනය කළැයි කියන සිද්ධිය ගැන ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කළේය.
හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම අද (01) පොල්ස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවනු ලැබීය. ගිය රජය සමයේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලංගමයට බස් අමතර කොටස් ආනයනය කළැයි කියන සිද්ධිය ගැන ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එෆ් සි අයි ඩි යන එක ගැන දගලන්නේ ඇයි නලින් පෙරේරා තමා හොදම උත්තරය දීලා තිබුනේ. තමන් වැරදි කරලා නැත්නම් උත්තර දෙන්න දහස් පාරක් හරි එනවා කියලා (බ)
එෆ්.සී.අයි.ඩී එකට කැඳවන හැමෝම අපරාධකාරයින් නොවියහැකි වගේම එහි ගොස් ආපසු එන හැමෝමත් අපරාධකාරයින් නොවන බවට සහතිකයක් ද නැත.(හේ)
එෆ් සී අයි ඩි කැඳවනවා. කටඋත්තර ගන්නවා. ඊටපසුව මේ උදවිය එළියට බහිනකොට, වීරයෝ වගේ මාධ්‍යයට ඇවිල්ලා පම්පෝරි ගහනවා කිසිම දෙයක් කරපු නැති විදියට. අපිටත් දැන් ප්‍රශ්නයක් වෙලා ආණ්ඩුව ජනතාව මුලා කරනවාදෝ කියලා මේ උදවියගේ කතා අහනකොට (නි)
දැන් බලනකොට එෆ්සීඅයිඩී නොගිය කෙනෙක් නැතුවා වගෙයි (නි)
කියමනක් තියෙනවනේ 'අපරාධකරුවන් දහ දෙනෙක් නිදහස් කර යවන එක හොඳයි එක අහිංසකයෙක් වරදකරු කරනවට වඩා' කියලා. ඒ හින්දා හෙමින් වුණත් හොඳින් පරීක්ෂණ කරලා සැබෑ වරදකරුවන් බව පෙනෙන අයට පමණක් නඩු පවරනවා නම් පොලිසියට හොඳ කීර්ති නාමයක් ලැබෙයි. හැබැයි, එ්කේ අනික් පැත්තත් එහෙමයි. (නි)
හැමදාම එෆ්.සී.අයි.ඩීයට නම් යනවා ඒත් සිදුවෙන දෙයක් නැනේ. (ර)
උසාවියේදී ඔප්පු කරන්න බැරිනම් මොන අපරාධයක් කෙරුවත් ඒක වරදක් වෙන්නේ නැතිලු! ඒ විදිහට නම් එකෙකුට පිහියෙන් ඇනලා මැරුවත් උසාවියෙන් ඔප්පු කරන්න බැරිනම් ඒක ප්‍රාණඝාත අකුසල කර්මයක් නෙවෙයි කියලාත් ඊළඟට කියාවි! (බ)