(නිමල කොඩිතුවක්කු)
වැලිකඩ ඝාතනයේ සාක්කිකරුවන්ට වහාම ආරක්ෂාව ලබාදෙන ලෙසත් ඝාතන වලට සම්බන්ධ පිරිස් වලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් රජයට බලකර සිටින බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (5) පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ වැලිකඩ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරු සුදේශ් නන්දිමාල් මහතාගේ නිවසට එල්ල වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් රාජගිරිය කැෆේ සංවිධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වැලිකඩ ඝාතන සිද්ධිය වී වසර 05ක් ගත වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවද කීර්ති තෙන්නකෝන් මහතා එහිදී සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිකඩ සිද්ධියක් ගැන දන්නේ නැහැ කියලනේ කියන්නේ... මොනවටද ඉතින් ආරක්ෂාවක් ?
සමහරුන්ගේ මැර බලය තවමත් තියෙනවා. හිරකරුවන් මැරුවේ කුඩු ඒකාධිකාරයක් හදාගන්න නේද? අපරාධකරුවන්ට උපරිම දඬුවම් දෙන්න.
ඔවුන්ව ඝාතනය කරන්න කරන්න උත්සහා කරන්නේ එදා හිටපු නිල නොලත් ඝාතකයෝ තමයි.මේ රජයත් ඔවුන්ට උදවු කරනවද?
යුද්ධයට බයේ පැනගොස් ආත්මාර්ථය නිසාම නැවත කරලියට පැමිණි අපරාජිත ලොවක අරාජික වන්නට කිරුළ පළඳින්නට හදන විටම සුන්දර සිහිනයක් දකින විටම ඇහැරෙන්නාසේ දෛවයේ සරදමකටම එය මග හැරුණු මිනිසකුගේ අසුන්දර මෙහෙයුමක දරුණු පැතිකඩ...!!!
අපරාදකාරයන් කන්න බොන්න දිදී ඇතිකරනාවට වඩා රටෙන් තුරන්වීම මුළු රටටම යහපතකි. නමුත් හිරකරයෝද මනුස්සයෝය. වැරදි නොකළ අය සිර ගෙවල් වල නැත. සාමාන්‍ය අහිංසක ජනතාව ඍජුව සහ වක්‍රව තලා පෙලන්නෝ දේසපාලුවෝ සහ සමාජයේ සිටි දැන් හිරකරයෝය.
අපිටනම් මේක දැක්කහම මතක් වෙන්නේ සයිටම් එක වෙඩි තැබීම. මේකත් ඒවගේම එකක් වගේ තමා පේන්නේ
එදා හිර කාරයෝ නීතිය අතට ගත්ත එක ගෙන cafe එකමොකද කියන්නේ