ජයන්ත සමරකෝන්
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් සිටින සිර මැදිරියක පසුගිය සිකුරාදා රාත්‍රී මත්පැන් සාදයක් පවත්වා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. මෙම වාට්ටුව පරීක්ෂා කරද්දී මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනකයක් සහිත පාර්සලයක් සොයා ගත් බව බන්ධනාගාර ප්‍රකාශයෙක් පැවසීය.
හිස් බීම බෝතලයකට මෙම මත්පැන් පුරවා බන්ධනාගාර තාප්පයෙන් ඇතුළට දමා ඇතැයි ද, මත්පැන් සාදයෙන් පසු කාන්තා රැඳවියන් කිහිප දෙනකු නටමින් විනෝද වී ඇතැයි ද බන්ධනාගාර ආරංචි පවසයි.
මේ සම්බන්ධයෙන් සැකපිට කාන්තා සිරකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මේ සම්බන්ධයෙන් සැකපිට කාන්තා සිරකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ" එතකොට බන්ධනාගාරයේ ඇතුලේ ඉන්න අය අත්අඩංගුවට අරගෙන කොහාටද යවන්නේ ?
කාන්තා රැඳවියන් බොහෝ විට අසම්මත ක්‍රියා වලට බෙහෙවින් ඇබ්බැහි වීම ගැනද යම් පියවරක් ගත යුතුයි.
"රැඳවියොත් මනුෂ්‍යයෝය".
ලංකාවේ වෙන දේවල් එක්ක බැලුවම, ඒ කට්ටිය කාටත් කරදරයක් නැතුව, පොඩි අඩියක් අරන් සන්තෝස උනාම මොකද වෙන්නේ.?? හොර දෙසපලුවෝ බන්දනාගාර ගත උනාම, ගෙවන සැප ඉස්පිරිතාලවලට වෙලා සැප ගන්නකොට කිසිම ප්‍රස්නයක් නැහැ කාටත්.
වෑලිකඩ බන්ධනාගාරයේ තේමාපාඨය " සිරකරුවෝද මනුශ්‍යයෝය" යන්නය...
බන්ධනාගාර රැඳවියන් සමග කටයුතු කිරීම ප්‍රවේශමෙන්!! බොහෝ රටවල් වල බන්ධනාගාර රැඳවියන් කැරලි ගසා ජීවිත විනාශ වෙලා තියෙනවා!! මතකද වැලිකඩ මෙයට අවුරුදු ගණනකට පමණ පෙර සිදු වූ ඛෙදවාචකය !! චන්ද්‍ර
පිටිගල මිලානෝ බන්ධනාගාර කොමසාරිස් කරලා එව්වොත් කාන්තා අංශය හදල ගනීවි එයා හරි මනමාලයා !!
සිරකරුවෝද මනුස්සයෝය...
රැඳවියන් බලා ගන්න පත් කරලා ඉන්න බන්ධනාගාර නියාමකවරියන් මේවා දන්නෙම නැද්ද? පැයකට සැරයක්වත් මේ අය ගැන සොයන්නේ බලන්නේ නැතිද?
සිරකරුවොත් අප වැනි මිනිසුන්මය...
අපේ මානව හිමිකම් කඩලා නේ එයාල ඇතුලට ගිහින් තියෙන්නේ .ඒ නිසා එයාලගේ මානව හිමිකම් ඇතුලෙදි කැඩුනට කමක් නැහැ .