ජයන්ත සමරකෝන්

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් සිටින සිර මැදිරියක පසුගිය සිකුරාදා රාත්‍රී මත්පැන් සාදයක් පවත්වා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. මෙම වාට්ටුව පරීක්ෂා කරද්දී මත්පැන් බෝතලයක් සහ  ජංගම දුරකතනකයක් සහිත පාර්සලයක් සොයා ගත් බව බන්ධනාගාර ප්‍රකාශයෙක් පැවසීය.

හිස් බීම බෝතලයකට මෙම මත්පැන් පුරවා බන්ධනාගාර තාප්පයෙන් ඇතුළට දමා ඇතැයි ද, මත්පැන් සාදයෙන් පසු කාන්තා රැඳවියන් කිහිප දෙනකු නටමින් විනෝද වී ඇතැයි ද බන්ධනාගාර ආරංචි පවසයි.

මේ සම්බන්ධයෙන් සැකපිට කාන්තා සිරකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.