වෙලේ සුදාගේ හෙරොයින් මත් කුඩු ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) පැවසූයේ චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංගගේ බැංකු ගිණුමේ රුපියල් කෝටියක් ආපසු ගැනීමට වාරණයක් ඇත්දැයි වාර්තාවක් ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
වෙලේ සුදා හෙවත් ගම්පොළ විදානගේ සමන්ත කුමාර ටෙලි නාට්‍ය නිළි උදයන්ති කුලතුංගට දුන් බව කියන මුදල් ඇය විසින් ඇගේ සහෝදරියගේ ගිණුමේ තැන්පත් කර ඇතැයිද අධිකරණයේදී සඳහන් විය.
උදයන්ති කුලතුංගගේ සහෝදරිය චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් මේ ගැන කරුණු තහවුරු කරන්නැයි රහස් පොලිසියට නොතිසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහන්, මේ කියන්නේ අර කිසිම වැරැද්දක් නැති අහන්න ආසයි නිළිය තමයි. (බ)
මෙයාල නිළියෝ නෙමෙයි. මෙහෙම කට්ටිය තව ඉන්නවා ඇති. එයාලා සේරම කලාවෙන් ඉවත්කරලා සාමුහික කතිකාවතක් කරලා ශුද්ධයක් දෙන්න ඕනෑ. ප්‍රවීණ දක්ෂ නිළියන් මේ අය නිසා ඉදිරියට එන්නේ නැහැ. (නි)
මේ වගේ අය හින්ද හොඳ නිළියන්ගේත් නම් කැත වෙනවා. (ර)
නුවන්, කවදා ඉදලද ලංකාවේ පොලිසිය ගැන ඔච්චර විශ්වාසයක් ආවේ? දේශපාලකයෝ බලයට එන්නේ අපේ කරපිටින් වුණාට, බලයට ආවට පස්සේ පක්ෂ බේදයෙන් තොරව සාමුහිකව තමන්ගේ වර්ගයා ආරක්ෂා කරන බව තවම තේරුම් ගන්න අමාරුයි නේද? (නි)
' අවසානයක් නැති වෙලේ සුදා...'ටෙලි නාටකය (නි)
වෙලේ සුදාත් මෙයත් එක්ක රඟපෑවද දන්නේ නැහැ .... (නි)
නිළියො පමණක් නෙමෙයි ඕනෑම තරාතිරමක, පසුගිය කාලේ එකපාරට සුපිරි වුණ, සල්ලි විසි කර කර ජීවත් වෙන්න පටන්ගත් අයගේ පැටිකිරිය සෙවුවා නම් මීටවඩා දේවලුත් හොයාගන්න පුළුවන් වේවි. (නි)
දැන් ඔය වෙලේ සුදා දුන් කට උත්තරේ ඉන්නේ මෙයා විතරද? යහපාලනයේ ඔස්තාර්ලා උගුර ලේ රහ වෙනතුරු කෑ ගැහුවා මතකයි, කොළඹ පැත්තේ තරුණ මන්ත්‍රී කෙනෙක් අපි අත්අඩංගුවට ගන්නවා, සියලු සාක්ෂි අපි සතුයි කියලා. මේ රටේ දේශපාලකයන් විසින් නැවතත් පොදු මහජනතාව කොතරම් රැවටීමට ලක්කර ඇද්ද? (නි)
දිලිප් කිව්ව කතාව හරියටම හරි. කව්රු හිරේ ගියත්, මොන ආණ්ඩුව ආවත් අර කිවුව කෙනා එළියේ. (නි)
දිලිප්,සවිත්, ඇයි දැක්කෙ නැද්ද වෙලේ සුදාගෙ ඒ ප්‍රකාශය පරීක්ෂණ නොමඟ යවන්න දීලා තියන එකක් කියලා පොලීසියෙන්ම කියලා තිබුනා. (නි)
දැන්නම් මේ ටෙලිනාට්‍ය අහලම එපා වෙලා. (ර)
ඔය හැම චරිතයක් පිටුපස සිටින්නේ මිනිසා කියන සත්වයායි. තමන් කරන වෘත්තිය දිහා බලලා පුද්ගලයෙකුගේ උසස් සහ පහත් ගති ගුණ මනින්න බැහැ. ඒ සියලු දේ රඳවා පවතින්නේ තමාගේ යහපත් කල්ක්‍රියාවන් මතයි. (නි)
මේ නිළිය තවමත් එනවද වැඩ සටහන් වලට.? (ර)
අනේ මන්දා! යහපාලනයක් කවදා එයිද? (නි)
මේ කියන්නේ අර කිසිම වැරැද්දක් නැති නිළිය නේද? (නි)
දේශපාලනඥයින්ගේ ඥාතීන්ගේ ගිණුම් සියල්ල සොයා බැලුවනම් මිට වඩා සැහෙන මුදල් ප්‍රමාණයක් සොයා ගත හැකි වේවි.(ම)
දැන් තව ටෙලි සුදාලා මේකට සම්බන්ධ වෙලා ඉන්නවද ? (නි)