IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වෙලේ සුදාගේ සල්ලි නිළියගේ නංගිගේ පොතේ?

වෙලේ සුදාගේ හෙරොයින් මත් කුඩු ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) පැවසූයේ චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංගගේ බැංකු ගිණුමේ රුපියල් කෝටියක් ආපසු ගැනීමට වාරණයක් ඇත්දැයි වාර්තාවක් ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

වෙලේ සුදා හෙවත් ගම්පොළ විදානගේ සමන්ත කුමාර ටෙලි නාට්‍ය නිළි උදයන්ති කුලතුංගට දුන් බව කියන මුදල් ඇය විසින් ඇගේ සහෝදරියගේ ගිණුමේ තැන්පත් කර ඇතැයිද අධිකරණයේදී සඳහන් විය.

උදයන්ති කුලතුංගගේ සහෝදරිය චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් මේ ගැන කරුණු තහවුරු කරන්නැයි රහස් පොලිසියට නොතිසි නිකුත් කළේය.

 



අදහස් (0)

වෙලේ සුදාගේ සල්ලි නිළියගේ නංගිගේ පොතේ?

සමන්ති Thursday, 11 June 2015 03:11 PM

සහන්, මේ කියන්නේ අර කිසිම වැරැද්දක් නැති අහන්න ආසයි නිළිය තමයි. (බ)

:       0       0

ලියොන් Friday, 12 June 2015 06:42 AM

මෙයාල නිළියෝ නෙමෙයි. මෙහෙම කට්ටිය තව ඉන්නවා ඇති. එයාලා සේරම කලාවෙන් ඉවත්කරලා සාමුහික කතිකාවතක් කරලා ශුද්ධයක් දෙන්න ඕනෑ. ප්‍රවීණ දක්ෂ නිළියන් මේ අය නිසා ඉදිරියට එන්නේ නැහැ. (නි)

:       0       0

සෑම් Thursday, 11 June 2015 03:48 PM

මේ වගේ අය හින්ද හොඳ නිළියන්ගේත් නම් කැත වෙනවා. (ර)

:       0       0

දිලිප් Friday, 12 June 2015 07:06 AM

නුවන්, කවදා ඉදලද ලංකාවේ පොලිසිය ගැන ඔච්චර විශ්වාසයක් ආවේ? දේශපාලකයෝ බලයට එන්නේ අපේ කරපිටින් වුණාට, බලයට ආවට පස්සේ පක්ෂ බේදයෙන් තොරව සාමුහිකව තමන්ගේ වර්ගයා ආරක්ෂා කරන බව තවම තේරුම් ගන්න අමාරුයි නේද? (නි)

:       0       0

දුමින්ද Thursday, 11 June 2015 04:37 PM

' අවසානයක් නැති වෙලේ සුදා...'ටෙලි නාටකය (නි)

:       0       0

නිමල් Thursday, 11 June 2015 05:39 PM

වෙලේ සුදාත් මෙයත් එක්ක රඟපෑවද දන්නේ නැහැ .... (නි)

:       0       0

කපිල Thursday, 11 June 2015 10:20 PM

නිළියො පමණක් නෙමෙයි ඕනෑම තරාතිරමක, පසුගිය කාලේ එකපාරට සුපිරි වුණ, සල්ලි විසි කර කර ජීවත් වෙන්න පටන්ගත් අයගේ පැටිකිරිය සෙවුවා නම් මීටවඩා දේවලුත් හොයාගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

දිලිප් Thursday, 11 June 2015 10:40 PM

දැන් ඔය වෙලේ සුදා දුන් කට උත්තරේ ඉන්නේ මෙයා විතරද? යහපාලනයේ ඔස්තාර්ලා උගුර ලේ රහ වෙනතුරු කෑ ගැහුවා මතකයි, කොළඹ පැත්තේ තරුණ මන්ත්‍රී කෙනෙක් අපි අත්අඩංගුවට ගන්නවා, සියලු සාක්ෂි අපි සතුයි කියලා. මේ රටේ දේශපාලකයන් විසින් නැවතත් පොදු මහජනතාව කොතරම් රැවටීමට ලක්කර ඇද්ද? (නි)

:       0       0

සචිත් Friday, 12 June 2015 01:52 AM

දිලිප් කිව්ව කතාව හරියටම හරි. කව්රු හිරේ ගියත්, මොන ආණ්ඩුව ආවත් අර කිවුව කෙනා එළියේ. (නි)

:       0       0

නුවන් Friday, 12 June 2015 03:43 AM

දිලිප්,සවිත්, ඇයි දැක්කෙ නැද්ද වෙලේ සුදාගෙ ඒ ප්‍රකාශය පරීක්ෂණ නොමඟ යවන්න දීලා තියන එකක් කියලා පොලීසියෙන්ම කියලා තිබුනා. (නි)

:       0       0

පැතුම් මිහිරංග Thursday, 11 June 2015 01:16 PM

දැන්නම් මේ ටෙලිනාට්‍ය අහලම එපා වෙලා. (ර)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 12 June 2015 04:05 AM

ඔය හැම චරිතයක් පිටුපස සිටින්නේ මිනිසා කියන සත්වයායි. තමන් කරන වෘත්තිය දිහා බලලා පුද්ගලයෙකුගේ උසස් සහ පහත් ගති ගුණ මනින්න බැහැ. ඒ සියලු දේ රඳවා පවතින්නේ තමාගේ යහපත් කල්ක්‍රියාවන් මතයි. (නි)

:       0       0

ශෂික Thursday, 11 June 2015 01:31 PM

මේ නිළිය තවමත් එනවද වැඩ සටහන් වලට.? (ර)

:       0       0

ප්‍රභාත් කුලතුංග Thursday, 11 June 2015 01:42 PM

අනේ මන්දා! යහපාලනයක් කවදා එයිද? (නි)

:       0       0

සහන් Thursday, 11 June 2015 02:25 PM

මේ කියන්නේ අර කිසිම වැරැද්දක් නැති නිළිය නේද? (නි)

:       0       0

රකිත් Friday, 12 June 2015 05:32 AM

දේශපාලනඥයින්ගේ ඥාතීන්ගේ ගිණුම් සියල්ල සොයා බැලුවනම් මිට වඩා සැහෙන මුදල් ප්‍රමාණයක් සොයා ගත හැකි වේවි.(ම)

:       0       0

ෂෙහාන් Thursday, 11 June 2015 02:40 PM

දැන් තව ටෙලි සුදාලා මේකට සම්බන්ධ වෙලා ඉන්නවද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site