මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ සොහොයුරා මත් කුඩු සමග අද (17) පස්වරුවේ කොහුවලදී අත් අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
ගම්පොළ විදානගේ ඉන්දික (35) නමැති සැකකරු මත්කුඩු තොගයක් රැගෙන නිවසට පැමිණි බවට පොලිසියට ලැබුණ තොරතුරක් මත කොහුවල කඩවත පාරේ නිවස අසලදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබිණි. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 300 ක් තිබූ බවත පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම මිනිහව දැලට දාගන්න එක හරිම දුෂ්කර කාර්යයක් වගෙයි. අනේ අපේ රටට දෙවියන්ගේම පිහිටයි! (නි)
හොදටම තේරෙනවා මුව අත්අඩංගුවට ගන්න ඕනේ නිසා පොලිසියෙන් මේ ටික දාල අල්ලලා තියෙන්නේ. (බ)
කෝ ඉතින් මහා පරිමාණයෙන් මේවා ගෙන්නපු ප්‍රබාලයෝ එකෙක්වත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි .? (ර)
අපේ රටට ගිය කලක්.(නදී)
හාල්මැස්සන් ඇල්ලීම අපි අනුමත නොකරමු (නි)
නමුත් උවමනාම කට්ටිය නොදැලේ. (නි)