පකිස්තානයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර සමග උණ්ඩියල් ක්‍රමයට මුදල් ගනුදෙනු කළැයි කියන පස් දෙනකුගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසෙයි.
දැනට රිමාන්ඩ් භාරයේ සිටින චානක මදුරංග, ධර්මරාජා සුසේන්ද්‍රන්, සුරංග සම්පත්, චමින්ද පෙරේරා හා නිශාන්ත පෙරේරා ලබන 10 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලයේදී රිමාන්ඩ් භාරයෙන් එළියට ගෙන ඔවුන් ගනුදෙනු කළැයි කියන තැන්වලට ගොස් පරීක්ෂණ පැවැත්වීම සඳහා පහසුකම් සලසන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා බන්ධනාගාර කොමසාරිස්ට නියෝග කළේය.
එම පස් දෙනාද මත් කුඩු සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින අයවෙති.
උණ්ඩියල් යනු අධික පොලී ගන්නා සීට්ටු ක්‍රමයක් වැනි තහනම් ගනුදෙනු ක්‍රමයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්ඩියල් යනු පොලි ක්‍රමයක් නොවේ (බ)
බොරු වැඩ නොකර මෙන්න මෙයාටත් නොමිනේෂන් ලබා දෙන්න කරුණාකරලා. මෙයාට වඩා ලොකු කුඩු කාරයන්ට නොමිනේෂන් දීල තියෙනවානේ. (බ)
ඇයි මේ රටක් වනසන කුඩුකාරයන්ට ස්ත්‍රී දුෂකයන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න තවත් රටේ ඉන්න ප්‍රධාන පුරවැසිය ප්‍රමාද ..? (ස)
මූට කුරුණෑගල පැත්තෙන්ම නොමිනේෂන් දෙනවද (බ)
මම කුරුණෑගල අපේ පැත්ත පළාතට එන්න දෙන්නේ නැහැ..? (බ)