IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වෙලේ සුදා සමග රංගනයක් නොකළ බව නිළියෝ කියති

ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා සමග තමන්ගේ සම්බන්ධයක් නැතැයි කියමින් ටෙලි නාට්‍ය හා සිනමා රංගන ශිල්පිනියන් පිරිසක් අද (22) කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

සේමිණි ඉද්දමල්ගොඩ, දිල්හානි අශෝකමාලා, නදීකා ගුණසේකර, ලෝචනා ඉමාෂි ඇතුළු නිළියන් රැසක් ඊට එක්වූහ.

පසුගියදා වෙලේ සුදා සමග නිළියන් පිරිසක් සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුණු අතර ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහාද නිලියන් හා වෙලේ සුදා අතර සම්බන්ධතා තහවුරු කෙරෙන ඡායාරූප ප්‍රචාරය කෙරිණි.

නිලියන් 6 දෙනකු සමග වෙලේ සුදාගේ සම්බන්ධයක් ඇතැයි තොරතුරු අනාවරණයවූ බවට පොලිසිය කියා සිටි බැවින් ඔවුන්ගේ නම් හෙළි කරන ලෙස අද මාධ්‍ය හමුවට එක්වූ කලා ශිල්පීහු ඉල්ලා සිටියහ.

web

web-1



අදහස් (0)

වෙලේ සුදා සමග රංගනයක් නොකළ බව නිළියෝ කියති

රන්ජිත් ගංගොඩවිල Thursday, 23 April 2015 05:54 AM

අනේ සුදෝ ඔයාම කියන්නකෝ කව්ද ඇත්ත කියන්නේ මේගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ (ස)

:       1       0

සඳුන් Thursday, 23 April 2015 06:32 AM

පොලිසිය කිව්වද මේ අයමයි වෙලේ සුදා එක්ක ගනුදෙනු කළේ කියලා. මේක නිකම් "ඔන්න අපි නම් කොහේහරි යන මිනීමැරුමක් කළේ නැහැ කියනවා" වගේ වැඩක්නේ. (නි)

:       1       0

ශාන සෞදි Thursday, 23 April 2015 06:36 AM

කලබල වෙන්න එපා. පරීක්ෂණයක් තියලා කියයිනේ කවුද නැටුවෙ කියලා (නි)

:       0       1

සම්පත් වන්නිආරච්චි Wednesday, 22 April 2015 03:19 PM

සමහර නළු නිළියන්ගේ රඟපෑම්වලින් ළමා පරපුරට වන හානිය වෙලේසුදාගේ කුඩු වලටත් වඩා බියකරුයි. (බ)

:       0       0

ලක්මාල් Thursday, 23 April 2015 06:48 AM

එයාලට කොහොමත් හොඳට රඟපාන්න පුළුවන් අයනේ. හරි ඉතින් මොකටද මෙහෙම මාධ්‍ය සාකච්ඡා? මෙයාලව පොලිසියෙන් ඇල්ලුවේ නැහැනේ. බළලා මල්ලෙන් පැනලා වගේ (නි)

:       0       0

විජයබාහු Wednesday, 22 April 2015 03:21 PM

මෙයාල කලින්ම වැට පැනලද (බ)

:       0       0

චන්න Wednesday, 22 April 2015 03:21 PM

අපෝ වෙන්න ඇති. වෙලේ සුදාට තවම කන් හොඳට ඇහෙනවානේ . ඒ නිසා ලෝචනා එක්ක කතා කළා කියලවත් හිතන්න බැහැ. ඇගේ කටහඬ ඒ තරම්ම සුමිහිරියි. (බ)

:       0       0

නිලුෂි Wednesday, 22 April 2015 03:49 PM

හොඳ වෙලාවට ඔය මාධ්‍ය සාකච්චාව තියන්නේ. නැත්නම් අපි හිතුවේ වෙලේ සුදා වෙනුවෙනුත් කට්ටිය කඩේ යයි කියලයි. (බ)

:       0       0

දර්ශන Wednesday, 22 April 2015 03:53 PM

නැව ගියාට මුහුදේ පාර හිටින්නේ නැහැනේ (බ)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Wednesday, 22 April 2015 04:42 PM

මෙතන අර යහපාලනයට සපෝර්ට් කරපු අලුත් පරපුරේ අයත් ඉන්නවනේ (ස)

:       0       0

ජයන්ත පෙරේරා Wednesday, 22 April 2015 04:43 PM

බොරු එපා. (ස)

:       0       0

කියවන්නා Wednesday, 22 April 2015 04:48 PM

පුහුල් හොරා කරෙන් දැනේ (ස)

:       0       0

විකී Wednesday, 22 April 2015 04:58 PM

භය කුමට.. නින්දා ප්‍රශංසා ගනු එක ලෙසට.. අනුන් ඔබ කෙරේ දකින අන්දම පිලිබඳ තැති නොගන්න.. අප හදේ ඔබ කෙරේ අනුකම්පාවක් ඇත.... කවුරු වුව ජාතියේ සැබෑ මවුවරු වීමට නොපමාව කටයුතු කරන්න... පෙරමග ගන්න ජාතිය ගොඩනඟන්න උර දෙන්න.. කිසි විටෙකත් වාසියට කටයුතු නොකරන්න.. මේ කොමෙන්ට් එක ඔබ කවුරු හරි දැක්කොත් අනිකාටත් පහදා දෙන්න..(ස)

:       0       0

කේ දිසානායක Wednesday, 22 April 2015 05:47 PM

සියඹලා ඇත්තේම නෑ. (ස)

:       0       0

රවින්ද්‍ර Wednesday, 22 April 2015 06:03 PM

විකි මහත්තයෝ, ඔබගේ ඔය අදහස පහද ගන්න අපට නම් ඒහැටි ගැටළුවක් නැහැ. හැබැයි කලාකරුවන්ට නම් එක මොනතරම් ගැටලුවක්ද කියල කියන්න මට බැහැ. පහුගිය ආණ්ඩුව කලේ කල කරුවන්ව අපිට තිත්ත උනා. ඒ දේශපාලනය කිරීම නිසා නෙමේ, දේශපාලකයින්ට නිවට ලෙස ආවඩීම නිසා.(ස)

:       0       0

මැගී Thursday, 23 April 2015 07:44 AM

බොරු හුරතල් .....(ස)

:       0       0

කමල් Thursday, 23 April 2015 07:55 AM

ලෝචනා නම් හොඳයි කියල අපි දන්නවා. දැන් යන ගොසිප් නිවුස් විශ්වාස කරන්න බැහැ. හැම කෙනාටම නිවුස් ලියන්න පුළුන්. ඉරිසියා කාරයො ලියන කතා. (ස)

:       0       0

සමන්ති Thursday, 23 April 2015 12:00 AM

නළු නිළියන්ට පමණක් නොව කිසිම කෙනෙකුට විරුද්ධව නිසියාකාරව කරුණු නොදැන සිය සිතට එන දේ ප්‍රකාශ කිරීම වරදකි. (නි)

:       0       0

රණසිංහ Thursday, 23 April 2015 04:18 AM

මාලනී ෆොන්සේකාට ඇමතිකෙනෙක් කුණුහරපෙන් බනින කොට මේ අය කොහෙද හිටියේ. අබ කාපු අයගේ මුහුණ දානවා කියල නම් කතාවක් මම අහල තියෙනව. (ස)

:       0       0

මාටින් Thursday, 23 April 2015 04:18 AM

තවත් ටෙලි නාටකයක් වගේ, මෙයාල රගපාන්න හරිම දක්ෂයි. (ස)

:       0       0

රේණුක Thursday, 23 April 2015 04:39 AM

කෝ එතකොට නළු නිලි සංගමය .....ඇයි මෙයාල විතරක් මේකට කලබල වෙලා ....මෙතන මොකක් හරි රහසක් තියෙනවා ...වෙලේ සුදාගෙන්ම දැනගන්න පුළුවන් වෙයි. (ස)

:       0       0

මේනක විජේසුරිය Thursday, 23 April 2015 04:48 AM

සල්ලි වලට ඕන දෙයක් කරන්න කලින් මේවා හිතන්ඩ තිබුන (බ)

:       0       0

මලික් Thursday, 23 April 2015 04:55 AM

චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය කාලෙකින් ලැබුනේ නැති නම් ජනප්‍රිය වෙන්න මොකක් හරි මාධ්‍ය සංදර්ශනයක් නොතියා බැහැනේ. (ස)

:       0       0

ජයවර්ධන Thursday, 23 April 2015 05:06 AM

තමන් හරිනම් මොනවට බය වෙනවද මේ වටා තමා කියන්න හැන්ගි හැන්ගි වෙස්මුණු බැන්දට එළීපිට නටන්ඩ වෙනවා කියලා මතක තියා ගන්න.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site