ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා සමග තමන්ගේ සම්බන්ධයක් නැතැයි කියමින් ටෙලි නාට්‍ය හා සිනමා රංගන ශිල්පිනියන් පිරිසක් අද (22) කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.
සේමිණි ඉද්දමල්ගොඩ, දිල්හානි අශෝකමාලා, නදීකා ගුණසේකර, ලෝචනා ඉමාෂි ඇතුළු නිළියන් රැසක් ඊට එක්වූහ.
පසුගියදා වෙලේ සුදා සමග නිළියන් පිරිසක් සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුණු අතර ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහාද නිලියන් හා වෙලේ සුදා අතර සම්බන්ධතා තහවුරු කෙරෙන ඡායාරූප ප්‍රචාරය කෙරිණි.
නිලියන් 6 දෙනකු සමග වෙලේ සුදාගේ සම්බන්ධයක් ඇතැයි තොරතුරු අනාවරණයවූ බවට පොලිසිය කියා සිටි බැවින් ඔවුන්ගේ නම් හෙළි කරන ලෙස අද මාධ්‍ය හමුවට එක්වූ කලා ශිල්පීහු ඉල්ලා සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සුදෝ ඔයාම කියන්නකෝ කව්ද ඇත්ත කියන්නේ මේගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ (ස)
පොලිසිය කිව්වද මේ අයමයි වෙලේ සුදා එක්ක ගනුදෙනු කළේ කියලා. මේක නිකම් "ඔන්න අපි නම් කොහේහරි යන මිනීමැරුමක් කළේ නැහැ කියනවා" වගේ වැඩක්නේ. (නි)
කලබල වෙන්න එපා. පරීක්ෂණයක් තියලා කියයිනේ කවුද නැටුවෙ කියලා (නි)
සමහර නළු නිළියන්ගේ රඟපෑම්වලින් ළමා පරපුරට වන හානිය වෙලේසුදාගේ කුඩු වලටත් වඩා බියකරුයි. (බ)
එයාලට කොහොමත් හොඳට රඟපාන්න පුළුවන් අයනේ. හරි ඉතින් මොකටද මෙහෙම මාධ්‍ය සාකච්ඡා? මෙයාලව පොලිසියෙන් ඇල්ලුවේ නැහැනේ. බළලා මල්ලෙන් පැනලා වගේ (නි)
මෙයාල කලින්ම වැට පැනලද (බ)
අපෝ වෙන්න ඇති. වෙලේ සුදාට තවම කන් හොඳට ඇහෙනවානේ . ඒ නිසා ලෝචනා එක්ක කතා කළා කියලවත් හිතන්න බැහැ. ඇගේ කටහඬ ඒ තරම්ම සුමිහිරියි. (බ)
හොඳ වෙලාවට ඔය මාධ්‍ය සාකච්චාව තියන්නේ. නැත්නම් අපි හිතුවේ වෙලේ සුදා වෙනුවෙනුත් කට්ටිය කඩේ යයි කියලයි. (බ)
නැව ගියාට මුහුදේ පාර හිටින්නේ නැහැනේ (බ)
මෙතන අර යහපාලනයට සපෝර්ට් කරපු අලුත් පරපුරේ අයත් ඉන්නවනේ (ස)
බොරු එපා. (ස)
පුහුල් හොරා කරෙන් දැනේ (ස)
භය කුමට.. නින්දා ප්‍රශංසා ගනු එක ලෙසට.. අනුන් ඔබ කෙරේ දකින අන්දම පිලිබඳ තැති නොගන්න.. අප හදේ ඔබ කෙරේ අනුකම්පාවක් ඇත.... කවුරු වුව ජාතියේ සැබෑ මවුවරු වීමට නොපමාව කටයුතු කරන්න... පෙරමග ගන්න ජාතිය ගොඩනඟන්න උර දෙන්න.. කිසි විටෙකත් වාසියට කටයුතු නොකරන්න.. මේ කොමෙන්ට් එක ඔබ කවුරු හරි දැක්කොත් අනිකාටත් පහදා දෙන්න..(ස)
සියඹලා ඇත්තේම නෑ. (ස)
විකි මහත්තයෝ, ඔබගේ ඔය අදහස පහද ගන්න අපට නම් ඒහැටි ගැටළුවක් නැහැ. හැබැයි කලාකරුවන්ට නම් එක මොනතරම් ගැටලුවක්ද කියල කියන්න මට බැහැ. පහුගිය ආණ්ඩුව කලේ කල කරුවන්ව අපිට තිත්ත උනා. ඒ දේශපාලනය කිරීම නිසා නෙමේ, දේශපාලකයින්ට නිවට ලෙස ආවඩීම නිසා.(ස)
බොරු හුරතල් .....(ස)
ලෝචනා නම් හොඳයි කියල අපි දන්නවා. දැන් යන ගොසිප් නිවුස් විශ්වාස කරන්න බැහැ. හැම කෙනාටම නිවුස් ලියන්න පුළුන්. ඉරිසියා කාරයො ලියන කතා. (ස)
නළු නිළියන්ට පමණක් නොව කිසිම කෙනෙකුට විරුද්ධව නිසියාකාරව කරුණු නොදැන සිය සිතට එන දේ ප්‍රකාශ කිරීම වරදකි. (නි)
මාලනී ෆොන්සේකාට ඇමතිකෙනෙක් කුණුහරපෙන් බනින කොට මේ අය කොහෙද හිටියේ. අබ කාපු අයගේ මුහුණ දානවා කියල නම් කතාවක් මම අහල තියෙනව. (ස)
තවත් ටෙලි නාටකයක් වගේ, මෙයාල රගපාන්න හරිම දක්ෂයි. (ස)
කෝ එතකොට නළු නිලි සංගමය .....ඇයි මෙයාල විතරක් මේකට කලබල වෙලා ....මෙතන මොකක් හරි රහසක් තියෙනවා ...වෙලේ සුදාගෙන්ම දැනගන්න පුළුවන් වෙයි. (ස)
සල්ලි වලට ඕන දෙයක් කරන්න කලින් මේවා හිතන්ඩ තිබුන (බ)
චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය කාලෙකින් ලැබුනේ නැති නම් ජනප්‍රිය වෙන්න මොකක් හරි මාධ්‍ය සංදර්ශනයක් නොතියා බැහැනේ. (ස)
තමන් හරිනම් මොනවට බය වෙනවද මේ වටා තමා කියන්න හැන්ගි හැන්ගි වෙස්මුණු බැන්දට එළීපිට නටන්ඩ වෙනවා කියලා මතක තියා ගන්න.(ම)