පොළොන්නරුවේ ස්ථාන නවයකින් වැලි නිකුත් කිරීම අද (22) සිට දින නියමයක් නොමැතිව කල් දැමීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වැලි ප්‍රවාහන ටිපර් රථ හිමියෝ කියති.
ස්ථාන දෙකකදී බදාදා (21) රාත්‍රියේ කඩාකප්පල්කාරී පිරිසක් ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇතැයි ද මනම්පිටිය ජී.එස්.එම්.බී තාක්ෂණික සේවා සමාගමේ ව්‍යාපෘති කළමනාකාර තරිඳු වික්‍රමනායක මහතාගේ රියටද හානි සිදුවී ඇතැයි කියති. එම සමාගම මහවැලි හා පරිසර අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇත. සමාගමේ සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවී ඇතැයි ද පැවසේ.
වැලිකන්ද , මනම්පිටිය, අරලගංවිල, ලංකාපුර ඇතුළු ස්ථාන නවයකින් වැලි නිකුත් කිරීම කල් දමා ඇති අතර වික්‍රමනායක මහතාගේ පැමිණිල්ල අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොළොන්නරු පොලිසිය කියයි.
වැලි නිකුත් නොකිරීමත් සමග සේවකයෝ 400ක් පමණ පීඩාවට පත්ව සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිහාල්, එහෙම කියක් එපා. පරිසරය රැකගන්න ඕනෑ නිසානේ අපි වැලි ගොඩදාන්න දෙන්නේ නැත්තේ. ඔයාට ඕකවත් තේරුම් ගන්න මොළයක් නැද්ද? අපි කොච්චර කාලයක් ඔය පරිසරය බදාගෙන වෙන කාටවත් වැලි ගන්න දෙන්නේ නැතුව රැකගත්තද? බලන්නකෝ දැන් එහේ මහවැලි ගඟේ පළල විතරක්! (නි)
මේක ලොකු ප්‍රශ්නයක්. අපේ ගෙවල් හදන එක දැනටමත් නැවතිලා. ගොඩක් අයගේ රැකියා වලට බලපාන ප්‍රශ්නයක්. චීනෙන්වත් ගෙන්වන්න වෙයිද (නි)
ලෝකයේ දියුණු රටවල කරන ආකාරයට ගැඹුරු මුහුදෙන් වැලි ගොඩබිමට පොම්පකර පවිත්‍රකර වෙළඳපොළට නිකුත් කිරීමට කාලය පැමිණ ඇත (නි)
අනේ මන්දා මේ රට යන්නේ මොන පැත්තටද කියලා (නි)
රටේම තියන වැලිවල බල අධිකාරිය ඇත්තේ කාටද කියලා දන්නවනේ. (නි)
අනේ මන්දා මේ රට චිකාගෝවක් වෙන්න යනවද කියලා (නි)
සිද්දිය වෙලා තියෙන පළාත දැක්කම හිතාගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියල. (බ)