මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) පහර දුන් බව කියන පොරව සිද්ධිය සිදු වු කදුරුවෙල හතරේ ඇළ ගරාජයක් අසල ස්ථානයක තිබී සොයා ගත් බව පොළොන්නරු පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලීසියට බාර වු ඔහුගේ මිතුරකු බව කියන ලක්මාල් අද (27) පොළොන්නරුව පෙලීසියට රැගෙන ගොස් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි.
ප්‍රියන්ත සිරිසේන මහතාට (වැලි රාජු) පොරෝ පහරක් දුන් බව කියන ලක්මාල් සපුතන්ත්‍රි (34) ගරාජ හිමියකු බවත්, ඔහුගේ හොඳම මිතුරකු බවත්, ඔහුගේ වාහන අලුත් වැඩියා කළ පුද්ගලයා බවත් කියති.
බ්‍රහස්පතින්දා සවස තවත් සිව් දෙනකු සමඟ රාජු මිතුරා හමුවීමට ගොස් ඇතැයි ද, ලක්මාල් පවසා ඇත්තේ ‘රාජු මහත්තයා‘ ඔහුගේ පියාට හා මවට පහර දුන් බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට දේශපාලනය ගාව ගන්ඩ එපා. එයා කියන්නේ ඇත්තක්ද කියලා කොහොමද දන්නේ. වයසක ජෝඩුවකට මේ මනුස්සයා ගහයි කියලා හිතන්න පුලුවන්ද? එතකොට එතන හිටපු අනිත් හතර දෙනා මොනවද කලේ. අල්ලගත්ත ගමන් සඟවපු ආයුද පෙන්නන්න එක්කන් යයි කියලා බයට නීතිඥයෙක් මාර්ගයෙන් බාර වෙන්න ඇති. නීතිඥයා එහෙම කියන්න කියලා නීති උපදෙස් දෙන්න ඇති. (ස)
පහර දීපු කෙනා සඟවපු ආයුද පෙන්නන්න එක්කන් යයයිද? (නදී)
මේ වැලි කෙලියක් නිසා මහියංගන වැලි ගජරාමෙට ගණන් උස්සලා. නිවෙස් හදන ගම්බද මිනිසුන් ලොකු අමාරුවක දමලා වැලි සපයන්නෝ (නදී)
ඇමෙරිකාවේ ඔබාමාගේ මල්ලි අප්‍රිකාවේ ඉන්නේ . රජ්ජුරුවෝ වගේ නෙවෙයි නේ. (ත)
හොරට කන්න ගියාම ඔහොම තමඊ ලොක්කගේ කාඩ් කුඩු නේද (ස)