ආණමඩුව මුදලක්කුලිය ගෝනි වැව ඉස්මත්තේ පවත්වාගෙන යන නීති විරෝධි වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක් අද දහවල් ගියද ඔවුන් සිය යන්ත්‍රෝපකරණ ද රැගෙන ගොස් තිබුණි. විශේෂ කාර්ය බලකාය පැමිණෙන බවට කලින් ලැබුණු ඔත්තුවක් මත මොවුන් පැන යන්නට ඇතැයි සැකකරයි
ගෝනි වැව ඉස්මත්තේ සිදු වන මෙම වැලි ජාවාරම නිසා අක්කර හැත්තෑ පහකින් සමන්විත ගෝනි වැවට හා එයින් පෝෂණය වන කුඹුරු යායටද බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදු බව ප්‍රදේශවාසීහු කියති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ක්‍රමයකින් හරි මේවා නැවැත්විය යුතුයි (නි)
මේ අය කොහොමද මේවා කලින් දැනගත්තේ? (නි)
ඔන්න ඔත්තුව දුන්නේ මම නම් නෙමෙයි! (නි)
ඕකට තමා අපේ පැරැන්නෝ කියන්නේ "ඇස්වලට වැලි ගහලා පැනලා යනවා කියලා".කාගෙන්ද "ටිප්" එකක් ලැබුන නිසා තමයි "ටිපර් " ටික එහෙම අරන් පැනලා යන්න පුළුවන් වුණේ.මේ ඔත්තුව දුන් අය හොයා බරපතල දඬුවම් දියයුතුමයි, අනිත් ඔත්තුකරුවන්ටත් පාඩමක් වීම සඳහා ..... (නි)
කවුද දන්නෙ නැහැ ඔත්තුව දුන්නේ? (නි)
මේ සමහර වාහන වල පෙනෙන අංක වලින් ඇයි ඒවායේ අයිතිකරුවන් අත්අඩංගුවට ගන්න බැරි? (නි)
වැලි ජාවාරම් වලට බලවතුන් සහ දේශපාලකයෝ සම්බන්ධ බවට හොඳම නිදසුනකි මේ. ඔවුන්ව වටළන්න යනවා නම් ඔවුන්ට කලින්ම ඔත්තුව ලැබේ (නි)
ඔත්තුව ගිය විදිය හෙවුවා නම් හොඳයි නේද? (නි)
ලොරියක අංකයක් තියෙන්නේ අල්ලන්න පුළුවන් නේද ? (නදී)
මේවා පිටුපස හොර මගෝඩිස් තුමාලා ඉන්නවා. පොලිසියට වැට කඩුලු වහලයි මේවා පටන් ගන්නේ. වාහන වල අංක තහඩු තිබුනත් අපේ මහත්වරුන්ට ඒවා ගැන හොයන්න වෙලාවක් නැහැ.(නදී)
මෙවන් ක්‍රියා සදහා දැඩි නීති පැනවිය යුතුයි. මේ ස්ථාන වලින් අත්අඩංගුවට ගන්න සියලුම යන්ත්‍ර හා වාහන කිසිදු නඩු විභාගයකින් තොරව රාජසන්තක කළ යුතුයි. අත්අඩංගුවට ගන්න අයට අවමය වසර 10 සිරදඩුවම් පැනවිය යුතුයි .(නදී)
ඇයි ඉතින් මෙවැනි තැන් වලට මුරපොළවල් දාන්න බැරි? (බ)