IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැලි ජාවාරම් කරුවෝ පැන යති

ආණමඩුව මුදලක්කුලිය ගෝනි වැව ඉස්මත්තේ පවත්වාගෙන යන නීති විරෝධි වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක් අද දහවල් ගියද ඔවුන් සිය යන්ත්‍රෝපකරණ ද රැගෙන ගොස් තිබුණි. විශේෂ කාර්ය බලකාය පැමිණෙන බවට කලින් ලැබුණු ඔත්තුවක් මත මොවුන් පැන යන්නට ඇතැයි සැකකරයි

ගෝනි වැව ඉස්මත්තේ සිදු වන මෙම වැලි ජාවාරම නිසා අක්කර හැත්තෑ පහකින් සමන්විත ගෝනි වැවට හා එයින් පෝෂණය වන කුඹුරු යායටද බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදු බව ප්‍රදේශවාසීහු කියති.

269  270 271 272 273 274 275 276



අදහස් (0)

වැලි ජාවාරම් කරුවෝ පැන යති

යසීර් Saturday, 27 June 2015 03:21 PM

මොන ක්‍රමයකින් හරි මේවා නැවැත්විය යුතුයි (නි)

:       0       0

ට්‍රිෂාන් Saturday, 27 June 2015 03:24 PM

මේ අය කොහොමද මේවා කලින් දැනගත්තේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 27 June 2015 03:43 PM

ඔන්න ඔත්තුව දුන්නේ මම නම් නෙමෙයි! (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 27 June 2015 03:43 PM

ඕකට තමා අපේ පැරැන්නෝ කියන්නේ "ඇස්වලට වැලි ගහලා පැනලා යනවා කියලා".කාගෙන්ද "ටිප්" එකක් ලැබුන නිසා තමයි "ටිපර් " ටික එහෙම අරන් පැනලා යන්න පුළුවන් වුණේ.මේ ඔත්තුව දුන් අය හොයා බරපතල දඬුවම් දියයුතුමයි, අනිත් ඔත්තුකරුවන්ටත් පාඩමක් වීම සඳහා ..... (නි)

:       0       0

ටියුඩර් Saturday, 27 June 2015 04:07 PM

කවුද දන්නෙ නැහැ ඔත්තුව දුන්නේ? (නි)

:       0       0

උපාලි Saturday, 27 June 2015 04:07 PM

මේ සමහර වාහන වල‍ පෙනෙන අංක වලින් ඇයි ඒවායේ අයිතිකරුවන් අත්අඩංගුවට ගන්න බැරි? (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 27 June 2015 07:19 PM

වැලි ජාවාරම් වලට බලවතුන් සහ දේශපාලකයෝ සම්බන්ධ බවට හොඳම නිදසුනකි මේ. ඔවුන්ව වටළන්න යනවා නම් ඔවුන්ට කලින්ම ඔත්තුව ලැබේ (නි)

:       0       0

නිමල් Saturday, 27 June 2015 07:39 PM

ඔත්තුව ගිය විදිය හෙවුවා නම් හොඳයි නේද? (නි)

:       0       0

අමරවීර - බෙංතොට Sunday, 28 June 2015 01:55 AM

ලොරියක අංකයක් තියෙන්නේ අල්ලන්න පුළුවන් නේද ? (නදී)

:       0       0

බණ්ඩාර- කැකිරාව Sunday, 28 June 2015 03:15 AM

මේවා පිටුපස හොර මගෝඩිස් තුමාලා ඉන්නවා. පොලිසියට වැට කඩුලු වහලයි මේවා පටන් ගන්නේ. වාහන වල අංක තහඩු තිබුනත් අපේ මහත්වරුන්ට ඒවා ගැන හොයන්න වෙලාවක් නැහැ.(නදී)

:       0       0

ශාන සෞදි Sunday, 28 June 2015 03:48 AM

මෙවන් ක්‍රියා සදහා දැඩි නීති පැනවිය යුතුයි. මේ ස්ථාන වලින් අත්අඩංගුවට ගන්න සියලුම යන්ත්‍ර හා වාහන කිසිදු නඩු විභාගයකින් තොරව රාජසන්තක කළ යුතුයි. අත්අඩංගුවට ගන්න අයට අවමය වසර 10 සිරදඩුවම් පැනවිය යුතුයි .(නදී)

:       0       0

ඇන්ටන් Sunday, 28 June 2015 06:08 AM

ඇයි ඉතින් මෙවැනි තැන් වලට මුරපොළවල් දාන්න බැරි? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 85 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 139 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 940 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site