සාලිය වැව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් අබේනායක මහතා නුවරඑළිය පොලිසියට මාරු කරනු ලැබ සිටී.
පසුගිය හය වෙනිදා අනවසර වැලි ට්‍රැක්ටරයක් රැගෙන ගිය බව කියන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කිරීමට මුල් වූයේද මේ පොලිස් නිලධරයාය.
එම සිද්ධියේදී මෙම පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියා කළාපය පුත්තලම මහේස්ත්‍රාත්වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.
සිද්ධිය වු අවස්ථාවේදී පහර කෑමට ලක් වු පොලිස් කොස්තාපල්වරයා ගැනද නොසලකා සැකකරු පොලිස් ඇප මත මුදා හැර තිබිණි.
බී වාර්ථාවද වෙනස් කර ඇතැයි මහේස්ත්‍රාත්වරයා එදා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය රකින්නන් මෙසේ වූ කල සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? (නි)
අනේ මන්දා අපිට නම් මේවා තේරෙන්නෙ නැහැ. අවසානයේදී වෙන දේ බලා ඉන්නවා ඇරෙන්න අපි වෙන මොනවා කරන්නද? (නි)
ලොකු තනතුරක් ළඟදීම ලැබෙනු ඇත. දුක් නොවන්න. අපි ලාංකිකයෝ (අ)
මෙයා මාරු කළ යතුමයි (අ)
එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිවුවලු (නි)
වදරක් කළා නම් කවුරුන් වුවත් දඩුවම් විඳිය යුතුයි (නි)
පොලිස් පරීක්ෂකවරයා මහේස්ත්‍රාත්තුමාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණේ ඇයි? මොකක්ද මේ වෙන්නේ? (නි)
එහෙත් වැලි තියෙනවා (අ)
ඇයි පිටිගල මහත්තයා මේක දන්නේ නැද්ද? පීසී මහත්තයා රෝහල්ගත වන තරමට පහරදීමට ලක් කළ කෙනා නිදහස් කරන එක වැරදියි. මම පොලිසිය කරන හැම දෙයක්ම විවේචනය කරන්නෙ නැහැ.නමුත් මේක ඉතාමත් වැරදි ක්‍රියාවක් (නි)
නීතිය හැමොටම එකයි කියල අපේ ලොකු ලොක්කෝ කියන්නේ ඕක තමයි. අනේ දෙවියනි!!!(දී)
මාරු කිරීම දඬුවමක්ද? හිරමනේ ලන්ඩන් ගියත් කරන්නේ පොල් ගාන එකනේ. (නදී)
අසධාරනයක්ද වෙලා තියෙන්නේ (දී)
රටකට සමාජයකට ගිය කල (දී)
අපිටත් දැන් වෙලා තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න තමයි. (නි)
මේ හැමදේටම මුල දේශපාලන ඇඟිලි ගැසීම් (නි)
ලංකාවේ නීතිය පොතේ විතරයි. දැන් නම් මිනිසුන්ගේ රතු කට්ට පන වේලාව. තව පොඩ්ඩක් ඉවසමු. (දී)
මේක එච්චර සැලකිය යුතු දෙයක් නෙවෙයි (දී)
මේක ඉල්ලන් කෑවේ(දී) .
දේශපාලනය අරහන් ලංකාවේ (දී)
මහේස්ත්‍රාත්වරයා අන්දන්න බැහැ, ඒ ඉස්සර මහේස්ත්‍රාත්වරු , ඒ වැලි අත්ට්‍රැක්ටරයක් කියන්නේ කියුබ් 1/4ක්. ඇල්ලුව හේතුව හිතා ගන්න පුළුවන්නේ, (දවසේ වේල) (දී)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
මේ අයි. පී. ගැනත් සාධාරණ විදියට හිතන්න බලන්න (නි)
නීතිය රකින්නන් අනෙක් අයට ආදර්ශයක් වියයුතුයි නේද? (නි)
මේ ප්‍රශ්නයේ ස්වභාවය ගැන අපි ගැඹුරින් නොදනිමු. එනිසා අවසානය වෙනතෙක් ඉවසීමෙන් බලාසිටිමු (නි)
මම නම් හිතන්නේ කෙනෙක් අත්අඩංගුවට ගත්ගමන් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ (නි)