හොඬවැලේ සහ දකුණු පාදයක තුවාල සහිතව අම්පාර බුද්ධංගල අභයභූමියට කොර ගසමින් ආ වල් අලියකු නිර්වින්දනය කැර ප්‍රතිකාර කිරීම ඇරැඹු බව පශූ වෛද්‍ය බී එස් එම් පුෂ්පකුමාර මහතා කියයි.
හොඬවැලේ සහ දකුණු පාදයක තුවාල සහිතව අම්පාර බුද්ධංගල අභයභූමියට කොර ගසමින් ආ වල් අලියකු නිර්වින්දනය කැර ප්‍රතිකාර කිරීම ඇරැඹු බව පශූ වෛද්‍ය බී එස් එම් පුෂ්පකුමාර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සත්තු ටිකවත් ආරක්ෂා කරගත යුතුයි මේ වඳ විගෙන යන විදිහට. (නදී)
මේක නම් ලොකුම ලොකු පින්කමක් (නදී)
කුමාර් නින්ද ගියාම වඩාගෙන ගිහින් ඇඳකින් තියනවා (නදී)
අලි ලෙඩ වෙන කාලයක් මේක (නදී)
හරිම සතුටුයි ලැබී ඇති අදහස් දුටුවාම අපේ අයගෙ. (නි)
වල් අලියෙකු කිව්වට , අලියට හොඳ නුවනක් තිබෙනවා වාගේ , කොර ගහ ගෙන බෙහෙත් ගන්නට අපු එකම (දී)
අලි කියන්නේ හොඳ දියුණු මනසක් තිබෙන සත්තු කොටසක්. නමුත් අපේ මොළයක් නැති වල් අලි මේ සතුන්ව මරණ හැටියට තව ඉස්සරහට දරුවන්ට පෙන්නන්න වෙන්නේ පින්තූර වලින් පමණක් වෙයි. අලි කියන්නේ අපිට සම්පතක්. (නි)
ජීවිතය පරදුවට තබා වනජීවී නිලධාරීන් කරන මේ මහඟු පින්කමට ඔවුන්ට සෙතක්ම ලැබේව (දී)
මේ දවස් වල අලින්ට අපලයි වගේ (නි)
රාජකාරිය නිසියාකාරව කිරීමෙන් මෙම නිලධාරීන්ට පිනකුත් ලැබෙනවා, (දී)
අලියා සනීප කරලා කොහේටද යවන්නේ? (නි)
මඩ ගොඩකනේ අලියව සිහි නැති කරලා තියෙන්නේ, (දී)
බන්දුලවත් අලි පැටවූ එක්කම නිර්වින්දනය කරලම දාන්න බැරිද? (නි)
ඉස්සරත් බුද්ධංගල ඇත් රජෙක්ව වෙඩි තියලා මැරුවා. හම්බන්තොට හිටි අන්තිම දළ ඇතාත් මරුවා. රටේ නීතියක් නැහැ. පාලකයින් මේවා ගැන හොයන්නේ නැහැ. ඡන්දය ඉල්ලන අයගෙන් අහන්නේ මේවා නවත්වනවාද කියලා? (නි)
ජීවිත කාලයන් 3/4 ක් කැලයට වෙලා ධුෂ්කර රැකියාවක නිරත වෙන ජීවී නිලධාරීන්ගේ සේවය ඉතාමත් අගය කල යුතුයි.(දී)
ඔබ සැමට බොහොම පින් මහත්වරුනේ... හැකි නම් අර බන්දුල පෙරේරාටත් ඔයගමන් ප්‍රතිකාරයක් කරන්න. (නි)
හොඩවැලට මොනවා වෙලාද ?.පවු අසරණයා.(ස)
අපේ වල්මත් උන අනික් අලින්ටත් බෙහෙත් ගත්තනම් ඉක්මන් සුවයක් ඔවුන්ටත් අපිටත් ලැබෙනවා (ස)
කුමාර් අලියට අදට එන්න කීව අලියා බැහැ කීවා මේ අලියා ට කාලයක් බහෙත් කරන්න වෙයි. (ස)
නිස්කාරනේ බොරු වියදම්. (ස)
නිලධාරින්ට වඩාත් පහසුකම් සැලසිය යුතුයි. (ස)
පව්! ඒ අලියාගේ කකුලේ ගෙඩියක් නේද ..?අනේ! ලොකු ලොක්කන්ගෙන් අලියව ප්‍රවේශම් කරගන්න. අලියාව සනීප කරලා කැලේට යවන්න. ජාති ජාතිත් ගොඩාක් පින් සිදුවෙන වැඩක් ...!!! (නි)
බන්දුල පෙරේරාට ලෙඩක් හැදෙන්න ඕනෑ. එතකොට එයාට තේරෙයි (නි)
නාමල්ගේ කතාව සම්පූර්ණ ඇත්ත. ඡන්දදායකයින්ගෙන් අහන්න ඕනෑ මේ පාරවත් නුසුදුස්සන් එළවනවද කියලා (නි)
බන්දුල පෙරේරා හරි විහිළුකාරයෙක්ද කොහෙද? (නි)
බන්දුල පෙරේරා මහත්මයා, ඔබත් අලියෙක් වෙලා ඉපදිලා වේදනාවෙන් බෙහෙතක් සොයා ආවා නම් ඔබ ඔහොම කියන්නේ නැහැ (නි)
අනෙක් ලෙඩවූ අලිත් නිර්වින්දනය කර බෙහෙත්කර රටේ සංවර්ධනයට යොදාගත්තොත් නරකද? (නි)
බන්දුල පෙරේරා,මොකක්ද නිස්කාරනේ වියදම් කියන්නේ? මේ ඉන්නේ තමන්ගේ නිජබිම් අහිමිවුණ අනාථයෝ.උන් අනාථවෙලා තියෙන්නේ අපි වගේ මිනිසුන් නිසා.එහෙම සතෙකුට බෙහෙත් කිරීම පවා හෙළාදකින ඔබ ඇත්තටම මනුෂ්‍යයෙක්ද...? (නි)
අනේ! අසරණ බන්දුල පෙරේරා (නි)
ඇත්තෙන්ම මේ වනජීවී නිලධාරින්ට තව බොහෝ පහසුකම් සපයන්න ඕනෑ. මෙයාලා ජීවිතයත් මරණයත් අතර අසීරු රාජකාරියක් කරන්නේ (නි)
ඈත දුරාතීතයේ සිටම බෞද්ධ සිද්ධස්ථාන හා අලි ඇතුන් අතර විශාල සම්බන්ධකමක් තිබුනා. වනයේ හුදකලාවූ බුදුන් වහන්සේට උවැටන් කළ පාරිලෙය්‍ය ඇතා පිළිබඳවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍යය වටා ඉදිකරනලද ඇත් පවුරද මීට නිදසුන් දෙනවා. ඉවක් බවක් නැතුව අලි ඇතුන් මේ පුණ්‍යවන්ත භූමියෙන් වඳකර දමන්න උත්සාහ කරන්නේ කවුරුන්ද කියා ජනතාව ඉතාමත් සිහිකල්පනාවෙන් සිටිය යුතුයි. (නි)
මනෝජ්-සාජා, අලින්ට මේවා කරන්නේ කැලෑ අල්ලාගෙන ඉන්න මිනිස්සු. වෙඩි තියලා, උගුල් අටවලා, හක්කපටස් දාලා, වස කවලා අලි විනාශ කරනවා, ඉතුරු ටිකත් අල්ලාගන්න. (නි)
වනජීවී නිලධාරීන් කරන්නේ අමාරුම රාජකාරිවලින් එකක්. අද ලංකාවේ මේක ගණන් ගන්නේ නැති රැකියාවක් ගණනට වැටිලා.මේ නිලධාරීන් වැඩ කරන්නේ සෑහෙන අමාරුකම් මැද. වාහන , බෙහෙත් ප්‍රමාණවත් විදිහට නැතුව. (නි)
සතුන්ට මිනිසුන්ට වඩා බුද්ධිය තිබෙනවා වගෙයි (නි)
බන්දුල පෙරේරා කියලා තියෙන දේ කට්ටියට තේරෙන්නේ නැද්ද? එයා කියන්නේ එයාව ලොකුමහත් කරන්න වියදම් කළ සල්ලි අපරාදේ කියලා (නි)
අනේ පවු! (නි)
මේක ඉතා වටිනා දෙයක්. අප කවුරුත් අගය කල යුතුයි. මෙහෙම කලේ නැත්නම් මේ සතා වේදනා විඳලම අන්තිමට මැරිලා යනවා. (නදී)
කුමාර් වැරදියි. සිහිනැති කරන්න කලින් පොටෝ එක වැව ලගදී අරන් තියෙන එක වැරදියි. සිහිනැතිකරලා තියෙන්නේ කැලේ ඇතුලේ පේන්නේ නැද්ද. (නදී)