
(ඉන්දික අරුණ කුමාර)
වන අලියෙකු පහරදීමෙන් නාඋල රජාවෙල ගම්මානයේ පනස් හැවිරිදි තිදරු පියකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි නාඋල පොලිසිය කියයි.
යාබද මළ ගෙදරකට සහභාගී වී නිවසට පැමිණෙමින් සිටියදී තිදෙනකු පසුපස දී වන අලියා පන්නා පහර දී ඇති බවත් දෙදෙනකු දිවි බේරාගෙන ඇත.
තිදරු පියා වන අලි ප්‍රහාරයට ලක්වී මියගොස් ඇති බවත් රජාවෙල ගම්වාසිහු කියා සිටිති.
මෙසේ වන අලි පහරදීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ යු.ජි.චමින්ද බණ්ඩාර (50) නැමැති ගැහැණු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
කුළි වැඩකරමින් සිය පවුල් ජිවිතයට අත්වැලක් වු චමින්ද බණ්ඩාර මිය යෑමෙන් පසු දරු තිදෙනාද බිරිද ද අන්න අසරණ තත්ත්වයට පත්වී සිටින බව රජාවෙල ගම්වාසිහු කියා සිටියහ.
මාධ්‍යයට අදහස් දැක්වු රජවෙල ගම්වාසින් කියා සිටියේ සිය ගම්මානය ආසන්නයෙන් අලි වැටක් ඇතැත් එහි විදුලිය නොමැති බවයි.
සිය ගම්මානයට වන අලි පැමිණෙන බවත්,සිය දරුවන් පවා පාසල් යෑම් වල දි වන අලින්ගේ ගැටළු හේතුවෙන් පිඩා විදින බව ද ඔවුහු කියා සිටියහ.
මොරගහකන්ද ජලාශය ඉදිවීමත් සමග වන අලි සිය ගම්මානයට පැමිණෙන බවත් බලධාරින් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ගම්වාසිහු කියා සිටියහ.
අලින්ට ගම භාරදී තමන්ට ජිවත් වියහැකි ස්ථානයක් ලබාදෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ. මේ වන විට මොරගහකන්ද තමන්ට සාපයක් වී ඇති බව ද රජාවෙල ගම් වාසිහු එක හඩින් කියා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ පවුලක් අපි සියලු දෙනා පුළුවන් විදියට මෙයාලට උදව් උපකාර කරමු මොවුන්ගේ අධ්‍යාපාන කටයුතු වෙනුවෙන්.
දුරකථන අංකයක් දෙන්න...!
උදව් කරන්න මාර්ගයක් දන්වන්න ප්ලීස්... ලිපිනය, දුරකථන, වට්ස් ඇප්...!