
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වල් අලි රංචුවක් කඩා වැදි මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැගිලි වලට හානි කර අසල පිහිටි වෙළද සැලක් වනසා දමා ගොස් ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
දිගින් දිගටම මහකුඹුක්කඩවලයට කඩා වදින වල් අලි රංචු හේතුවෙන් මේ වන විට ගම්මාන වලට කඩා වැදි භෝග වගාවන් වනසමින් ජන ජීවිතය සම්පුර්ණයෙන් අවුල් සහගත තත්වයට පත් කර ඇති බව ජනතාව පවසයි.
එසේ කඩා වදින අලි රංචු නිරන්තරයෙන් වල්පාළුව තේක්ක රක්ෂීතය හා අවට ප්‍රදේශ වල රැදි සිටිමින් ගම්මාන වෙත කඩා වැදිම සිදුවන බව ජනතාව කියයි.
මේ වන විට වල් අලි රංචු මහකුඹුක්කඩවල කුඩා කැලැ ප්‍රදේශ වල රැදි සිටිමටත් පුරුදුව ඇති බවත් කොස් හා අඹ වාරය හේතුවෙන් ගම්මාන වෙත කඩා වැදිම වැඩි වි ඇති බව ජනතාව පවසයි.
කෙසේ නමුත් අද( 28 ) අලුයම කඩා වැදි ඇත්තේ එක් වල් අලියකු බවත් වෙළද සැලට පහර දෙන විට ප්‍රදේශ වාසින් එළවා ඇති අතර නැවත අලුයම කාලයෙ කඩා වැදි මෙලෙස වනසා ඇති බව කියයි.
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ අලුතින් ආරම්භ කල ගොඩනැගිල්ලකට ද පහර දී ඒ සමගම අසල පිහිටි ආණමඩුව ප්‍රාදේශීය සභාව මගීන් කුලි පදනමට ලබා දී තිබු වෙළද සැලක් මෙලෙස කඩා බිද දමා ලක්ෂයක තුනකට අධික හානියක් වෙළද සැලට කර එහි තිබු ලක්ෂ දෙකක පමන උපකරණ හා අනිකුත් දෑ වනසා ඇති බව කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම දුක්ඛිත ජීවිතයක් මිනිස්සු ගෙවන්නේ. සතුන්ටත් මිනිසුන්ටත් හානියක් නොවන හිතකර පියවරක් ඉතා ඉක්මනින්ම ගත යුතු වෙනවා මේ ප්රශ්නයට..., රජය විසින්...