මොනරාගල, සෙවණගල, 14 කණුව ප්‍රදේශයේ නිවසකට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ලවූ වල් අලි ප්‍රහාරයකින් 14 හැවිරිදි දියණිය හා ඇගේ වැඩිමල් සොයුරා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවන් දෙදෙනා හම්බන්තොට රෝහලට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි පවසයි. වල් අලින්ගෙන් බේරීමට නිවැසියන් පළා යාමට උත්සාහ කරද්දී මෙම ප්‍රහාරයට දරුවන් දෙදෙනා ගොදුරුවී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා! ඊයෙ ඩිස්කවරි චැනල් එකේ පෙන්නුවා අලි තර්ජන තියනවා නම් මී මැසි පෙට්ට් වැටවල් වල තියන්න කියලා. අලියා ඒ පැත්තටවත් එන්නෙ නැහැ. (නි)
හරිම දුකයි ...මේ අලි මිනිස් කරදරේට අහුවෙන්නේ අසරණ දුප්පත් මිනිස්සු. (ස)