වල් අලි රංචුවක් පැමිණ 2017 වසරේ පළමු වැනි දා රාත්‍රියේ ස්ථිර නිවාස අටක් කඩා,වී මලු විනාශ කර ඇති බව දිඹුලාගල ඇල්ලේගම සහ පැලෑටියාව ගම්වාසිහු කියති.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් සහ ගම් තුළ ඇති රක්ෂිත වල සැඟව සිටින වල් අලි රංචු මෙලෙස දිගින් දිගටම තම ස්තීර නිවාස කඩා ජීවිත හා දේපළවලට හානි කිරීම පිළිබඳව වනජීවී නිලධාරීන් මෙතෙක් ස්ථීර විසඳුමක් ගෙන නොමැති බවද මහවැලි ගොවිජනතාව පවසති.

ගෙවුන වසර තුළ මහවැලි ‘බී‘ කලාපයේ පමණක් අලි-මිනිස් ගැටුම්වලින් මිනිසුන් 11 දෙනෙකුද,වල් අලි නව දෙනෙකුද මියගොස් ඇති බව පොළොන්නරුව වනජීවි කාර්යාල වාර්තා සනාථ කරයි.

මීට අමතරව අලි පහරදීම නිසා ‘බී‘ කලාපයේ පමණක්  නිවාස 200කට ආසන්න ප්‍රමාණයකට පූර්ණ හා අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවද ප්‍රදේශීය ලේකම් කාර්යාල තොරතුරු තහවුරු කරයි.

පොළොන්නරුව වනජීවි නිලධාරීන් පවසන්නේ වල් අලි සිටින කැලෑ විනාශ කිරීම මෙම අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව බවත් අලි පලවා හැරීමට ප්‍රමාණවත් සම්පත් නොමැති වීමද ගැටළුවක් බවත්ය.

Untitled-1 Untitled-2 Untitled-3