අම්බලන්තොට වැලිපටන්විල මුහුදු වෙරලේ සෙල්ලම් කරමින් සිටි අක්කා නඟෝ දෙදෙනකු (අවුරුදු15-13) මුහුදේ ගසා ගෙන ගොස් නංගී බේරා ගත් බවත් අක්කා අතුරුදන් වී ඇති බවත් පොලිසිය කියයි.
මීගොඩ වටරැක පදිංචි මොවුන් අම්බලන්තොට ඥාතී නිවසක පැමිණ සිටියදී මෙම අනතුරට ලක් වී තිබේ.
යෙෂිනි විද්‍යා (15) මෙසේ මුහුදේ අතුරුදන් වී ඇති අතර බේරාගත් ඇගේ සහෝදරිය අම්බලන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
2025 දෙසැම්බර් මස 18
293
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙරළේ සෙල්ලම් කළ දැරිය මුහුදට බිලි
සෙන්රත් Wednesday, 20 August 2014 03:32 AM
ගොඩක් දෙමාපියන්ට සාමාන්‍ය දැනීම නෑ. අනතුරක් වෙනකම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ. උනාට පස්සේ පොලවේ හැපී හැපී අඩනවා. බලන්න පාරේ ළමයි අරගෙන යන විදිය. ළමය පාර පැත්තේ දෙමව්පියෝ හොද ආරක්ෂාවට අයිනේ යනවා. දෙමවිපියෝ මෙයිට වැඩිය හිතන්න ඕනා. අනතුරක් වෙන්න යන්නේ තත්පරයි නැත්නම් දෙකයි. (නදී)
රිකාස් Wednesday, 20 August 2014 03:39 AM
දෙමාපියන්ගේ නොසැලකිල්ල. මේක රටට නරක කාලයක්. (නදී)
රංජිත් සිල්වා Wednesday, 20 August 2014 03:42 AM
තාක්ෂණ විෂය වගේම රට වටේ තියන මුහුදෙන් සහ මැද්දේ තියන වැව් වලින් බේරෙන්න පීනන්න උගන්නන්න පටන් ගන්න අපේ ඉස්කෝල බාර දෙවි වරුන්ට ඇස් ඇරේවා. (නදී)
ඉසුරන්දි Wednesday, 20 August 2014 04:02 AM
අනේ මන්දා මේ දරුවෝ මොනා කරගන්නවද කියලා. ජල ගිනි එක්ක සෙල්ලම බොහොම අනතුරුදායකයි. (නදී)
අසංක Thursday, 21 August 2014 05:54 AM
මමත් පුංචි පුතෙකුගේ තාත්තා කෙනෙක්. මේ වාගේ දේවල් අහන්න ලැබෙන හැම වෙලාවේම හිත දවස් ගානකට දුක්බර වෙනවා. අනේ දෙමව්පියනි,විනෝද ගමන්,නෑදෑ ගමන්,වන්දනා ගමන් යනවිට දරුවන්ට වතුරට බහින්න දෙන්න එපා. ඔබට පීනන්න පුළුවන් නම් දරුවන් එක්ක වතුරට බැස්සට කමක් නැහැ. නැත්නම් දරුවන්ගේ ජීවිත අනතුරේ!! (නි)
අසංක Thursday, 21 August 2014 05:58 AM
රංජිත් සිල්වා හරි. මම අදත් දුක් වෙනවා මට පීනන්න බැරි එක ගැන. (නි)
කොස්වත් Tuesday, 19 August 2014 03:00 PM
එන්නේ පව් අහන්න කොටම මගේ පපුව මොනවද උනා, එ් දැරියට මෝක්ෂ සුවය පතමි (අ)
විජේ Tuesday, 19 August 2014 03:23 PM
සමහර අපේ දෙමවුපියෝ මුහුදු වෙරළට ඇවිත් ළමයිනට මුහුදේ නාන්න දීල සුද්දෝ වගේ ගොඩට වෙලා බලාගෙන ඉන්නවා . එයාල හිතන්නේ ඒක මෝස්තරයක් කියල ,(අ)
ප්‍රියා Tuesday, 19 August 2014 04:09 PM
බොහෝවිට දෙමාපිය නොසැලකිල්ල විය හැක (අ)
නිසංසලා සෙනෙවිරත්න Wednesday, 20 August 2014 07:44 PM
මුහුදු වෙරළ කියන්නේ සෙල්ලම් පිටියක් නොවේ, කුඩා ළමයින්ට. නමුත් දුප්පත් වෙරළේ ජීවත්වන මොවුන් සෙල්ලම් කරන්නේ බොහෝ විට මාරයා සමග බව මොවුන් දන්නේ නැහැ(නි)
පිටබැද්දර ජයා Tuesday, 19 August 2014 10:49 PM
අනේ ඔව්! සමහර දෙමවුපියෝ සතුටු සාමීචියේ දරුවන් මුහුදේ. මම නම් කරන්නේ පළමුව මම මුහුදට බැහැලා ගැඹුර බලලා ඉමක් හදාගෙන දරුවන් සෙල්ලම් කරනකම් බලා ඉන්නවා (නි)
ලුම්බිණි Wednesday, 20 August 2014 12:06 AM
බොහෝ දෙනෙක් මුහුදේ තිබෙන අනතුරුදායක බව ගැන කිසිම අවබෝධයක් නැතුව නාන්න බහිනවා. මෙවැනි අවාසනාවන්ත දේවල් වෙන්නේ ඒකයි. (නි)
චානක. Wednesday, 20 August 2014 12:20 AM
සාමාන්‍යයෙන් වෙරළේ සිටින කෙනෙක් විශාල රළක් නොගසා මුහුදට බිලිවෙන සම්භාවිතාවය අඩුයි.මුහුදු රැල්ල නිතරම ගොඩටයි ඇදෙන්නේ. එම නිසා කෙනෙකු මුහුදට වැටුනත් මුහුද ඇතුළට යන එක සිදුවෙන්නේ ඉතා සෙමින්. ප්‍රශ්නය වෙන්නේ කෙනෙකු පිහිනීමට දන්නේ නැතුව අසාමාන්‍ය ලෙස වතුර පාරකට මැදිවුනාම ඔහු ව්‍යාකූලවීමෙන් තත්වය දරුණු අතට හැරීමයි.මෙයින් මිදීමට දරුවන්ට පිහිනීම හුරුකළ යුතු අතර වතුරට යවනවිට ආරක්ෂක මෙවලම් අන්දවා තිබීම, කළයුතුයි. (නි)