IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙරළ රකින්න ජංගම යෙදුමක්

(අංජුල මහික වීරරත්න)

වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදුම (Beach Cleanup Coordination APP) හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

වෙරළ හා සාගර පරිසරයේ තිරසර සංවර්ධනය සඳහා මැදිහත් වන ආයතන හා සංවිධාන විධිමත්ව සම්බන්ධීකරණය කරමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ  මැදිහත්වීමෙන් මෙම ජංගම යෙදුම හඳුන්වා දීමට නියමිතය.

මේ පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 

ගංගා, ඇළ දොළ වලින්  ගලා එන අපද්‍රව්‍ය හා දිගු මුදාහැරීමේ නළ මාර්ග ඔස්සේ මළ අපද්‍රව්‍ය හා ඉවතලන ජලය මුදාහැරීම මෙන්ම  ධීවර වරායන් ආශ්‍රිතව ඉවතලන අපද්‍රව්‍ය හා වෙනත් සාගර ක්‍රියාකාරකම් මගින් වෙරළ හා සාගර සම්පත් දැඩි ලෙස අපවිත්‍ර වන බව මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පෙන්වා දුන් අතර විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල මැදිහත්වීමෙන් කෙරෙන  පවිත්‍රතා කටයුතු  මනා ලෙස සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් මෙම ජංගම යෙදුම භාවිතයට ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය. 



අදහස් (0)

වෙරළ රකින්න ජංගම යෙදුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site