කඩුවෙල සම්බන්ධීකරණ කමිටු සභාපති ඇමැති විමල් වීරවංශ එම පදවියෙන් ඉවත් කරීමේ යෝජනාවක් ඒකඡන්දයෙන් සම්මත විය.
සන්ධාන මන්ත්‍රීවරු 16 දෙනෙක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.
ජතිත නිදහස් පෙරමුණේ මන්ත්‍රී බුද්ධික ජයවිලාල් හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටියහ.
වීරවංශ මහතා සභාපති කමෙන් ඉවත් කර ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කරන ලෙස යෝජනාව ඉදිරිපත් කළ ඩබ්ලිව් වී සුරේෂ් ප්‍රියදර්ශන මහතා කියා සිටියේය.
වීරවංශ මහතා හිතුවක්කාර තීන්දු ගනිමින් නිලධාරීන්ට බලපෑම් කරමින් රජය අපහසුවට පත්කරන හෙයින් ඔහු එම තනතුරට නොගැලපෙන බව ප්‍රියදර්ශන මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කෝම ද්විත්ව රංගන (නදී)
මිනිසුනේ, මුලා වෙන්න නම් එපා. (නි)
ඕක ලෙහෙසියෙන් අතාරින්න නම් එපා මහත්තයෝ (නි)
ඔය කවුරු කිව්වත් තීන්දුව දෙන්නෙ ඉහලින්නෙ. (නදී)
මේ වගේ පුවතක්වත් පළකරන්නේ ජනතාවගේ පැත්තේ ඉන්න ලංකාදීපය පමණයි.(නදී)
කවුරු කවුරුත් දැන්වත් ඇත්ත තේරුම් ගත්තොත් හොඳයි. (නි)
කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... (නි)
යවන්නයි තියෙන්නේ.(නදි)
රංගන ශිල්පය පළමුව හදාරා ,දෙවනුව මහජන සේවයට පැමිණීම තුලින් ,සෑම කෙනාටම නැවත තනියම ශිල්ප හදාරන්නට කාලයක් පැමිණීම නියතය. (නදී)
අනේ පස්සේ අපි ඕවා කීවේ නැහැ අපිට මතක නැහැ කියයි ද දන්නේ නැහැ.(නදී)
මෙහිදී විරවංශ මහතාව "යවන්න" කැමති ගොඩ දෙනෙක් ඉන්නවා වගේ. ඒ සියල්ලෝම ජනතාවාදී රජයේ සාමාජිකයොත් නොවන බව කොමෙන්ට් ඉතිහාසය ගැන සලකා බැලීමේදී වැටහෙයි. සමහරෙක් ඕනෑම දෙයකට "හරහට" සිටීම විනෝදාංශයක් ලෙසින් ගෙන කොමෙන්ට් දැමීමද කරනවා. සමහරු තමන් කරන පවු ගැන නොසිතා අනුන් කරන පව සහ එහි ඵලය ගැන කියනවා. මගේ පුද්ගලික හැඟීම අනුව මා කියන්නේ, වීරවංශ ඇමතිතුමා රජය විවේචනය කරනවා නොව, තම පක්ෂයට දැනෙන ගැටළුවක් ජාතික මට්ටමින් සලකා පල කරන විරෝධ තාවයක් පෑමකි. එතුමා රජය බිඳ වැටීමට ඉඩ නොදෙන්නෙකි. වීරවංශ ඇමතිතුමා රජයට සම්බන්ධ වූ දා සිට එල්ටීටිය පරදවා ජනතාවට සාමය උදා කරවීම සඳහා සුවුශේෂ භූමිකාවක ඇප කැප වූ ආකාරය ඔබ සිහියට ගත යුතුය. උතුරේ පළාත් සභා ඡන්දය පැවැත්වීම ඉක්මන් වැඩියැයි අරගල කළේ ඔහුය. එහි ඇත්ත අද අපට දැකිය හැකිය. එතුමාගේ ක්‍රියා කලාපය තුල දුරදක්නා බවක් නිරතුරුවම විද්‍යමාන විය. ඔහු පක්ෂයක් වශයෙන් සන්ධානය තුළ සිට කරන ප්‍රකාශන ඇතැමුන්ට තිත්ත අබිං මෙනි. එහෙත් ඔහු සන්දානය කඩාගෙන යන්නේ නැත. යා යුතුද නැත. එවන් රටට ආදරේ කරන අය සන්ධානයෙන් යනතුරු විරුද්ධවාදීන් ඇඟිලි ගැන ගැන සිටිතත් වීරවංශ මහතාගේ පක්ෂය රජයට සහය දෙමින් එහි රැඳී සිටින්නේ අපේ රටට කිසියම් සේවයක් කරන්නට හැකි දැනට ඇති එකම සන්ධානය එය බැවිනි. (නදී)
ඕවා පිටපතේ නැති කෑලි (නදී)
මෙතන තියෙන්නෙ බුද්ධදාස - වීරවංශ අතර කඩුවෙලට තියෙන සටන. පටන්ගත්තෙ මහ නගර සභා ජන්දයෙන්. වීරවංශ පාර්ශවයේ බුද්ධික ජනතාව කැමති පුරපති කියන පාඨයෙන්. මේ ගැටුමෙන් අපට සෙතක් නැත.(නදී)
බුද්දදාස කඩුවෙලට තරු පහේ බස් ස්ටෑන්ඩ් එකක් දුන්නා. නමුත් මාලඹේට කුඩම්මාගේ සැලකිලි. (නදී)
ඇහැලේපොල එලවන්න මොල්ලිගොඩත් ඔය වගේ වැඩ ඉස්සර කරලා තියනවා. දැන් තමා තේරෙන්නේ ඒවා ඔක්කොම තමන්ගේ බඩ වඩා ගන්න මිසක් රටට සෙතක් කරන්න නෙමේ කියා. නුවර එහෙම උනාට කඩුවෙල එහෙම නෙමේ නේද ? (නදී)
කාටර කව්රු ඕන උනත් එපා උනත් මහා ජනයාට වැඩක් නැහැ (දී)
ඕවා ඉතින් කොහොමත් කාලෙන් කාලෙට ඕන වෙනවා එපා වෙනවා නේ (දී)
දැන් එපා කියලා මොකද වෙන්නේ? (දී)
ඉඟුරු දීලා මිරිස් ගන්නා එක අපේ මුතුන් මිත්තන් විසින් ඔප්පු කර තිබෙනවා නොවැ.? (නදී)
ඉඟුරු වල සැර ඉවසන්න බැරි වුණහම මිරිස් වල සැර ගැන හිතන්න මිනිසුන්ට අමතක වෙනවා. ඒක අතීතයේදීත් එහෙම වෙන්න ඇති. (නි)
වීරවංශ මහතාගේ නව ක්‍රියා පිළිවෙත ජනතාව අතර කොතරම් ජනප්‍රිය වේවිද කියන එක ලබන මැතිවරණයේදී බලාගන්න පුළුවන්.මේවා දැකලා දැකලා අපිට දැන් හොඳටම ඇති වෙලා (නි)
ඕන වෙනවා එපා වෙනවා විහිළුවක් (දී)
අනේ හොඳයි එලවපු එක (නදී)
ආණ්ඩුවේ ඇමතිවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කරුණාකර තම සගයන්ට විරුද්ධව ආඩ පාලි කිය කිය ඉන්න එක නවත්වලා තම පක්ෂයට සහ රටට සේවයක් කරන්න බලන්න. වැරදි කරන තම දේශපාලන සගයන්ට පුද්ගලිකව කතා කර යහ මගට ගන්න බලන්න. බැරි නම් නීතිමය පියවරක් ගන්න. බලය තිබෙන්නේ අපිට නොව ඔබලාටය. බොරුවට ආඩපාලි කිය කිය හිටියට ලබන පාර ඔබලාට මනාපය ලැබෙන එකක් නැත.(නදී)
ඉඟුරුවල තිබෙන සැර පරදිනවා මිරිස් වල සැරට. ඒකයි එදා අපේම ඇත්තෝ කොරගත්තු දේ ගැන පස්සෙන් පහු ලත උනේ. (නදී)
ආණ්ඩුවේ තවත් තිර රචනයක්. (දී)
එපා උනත් යලි ඕනෑ වෙයි .........(දී)
ඊලග දෙබස වීරවංස : ගනු කඩුව එනු සටනට බුද්ධදාස : .. මගේ කොලේ නැති වෙලා උබේ කොලේ පොඩ්ඩක් පෙන්නපන් (දී)
පා පැදියක් වත් ගන්න සල්ලි තිබුනේ නැහැ කියපු මෙයා කෝටිපතියෙක් වුනේ කොහොමද අප්පා? (දී)
බහින කලාව ලංවෙලා වගේ (නදී)
රට කන එක පිලිවෙලකටම කන්න. ලොකු අය වැඩිපුර කන නිසා තමයි ගැටලුව. තව ඉතින් බොහොම පොඩ්ඩක් නොවැ ඉතුරුවට තියෙන්නේ.(නදී)
රජකම් කෙරුවත් කළකම් පළදේ... (නි)