හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය සමීප නෑයන් පස් දෙනකුට සහ හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය අංශ නිලධාරියකුට ජනතා මුදල් වැය කර අති සුඛෝපභෝගී නිවාස හයක් අඩු මුදලට ලබා දී ඇතැයි ද, ඒවා භාර දීමේ උත්සවයට රුපියල් ලක්ෂ 69ක් වැය කර ඇතැයි ද නිවා සහ සමෘද්ධි අමාත්‍යංශයට අයත් සීමාසහිත ඕෂන් විව් ඩිවෙලොප්මන්ට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි.
නිවාස සහ දේපොළ සංවර්ධනය සඳහා රජය විසින් පිහිටැවූ මුල්ම රාජ්‍ය සමාගම වන සීමාසහිත ඔෂන් වීව් ඩිවෙලොප්මන්ට් සමාගමේ පසුගිය කාලයේ සිදුවිනැයි කියන මූල්‍ය අක්‍රමිකතා රැසක් ගැන එම නිවේදනයේ සඳහන් වේ.
කිසිදු පිළිගත හැකි ආයතනික ක්‍රමවේදයකින් තොරව දින පොත් විසි දහසක් සහ දින දර්ශන 25,000ක් මුද්‍රණය කිරීමට රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් වැය කර ඇතැයි ද, සමාගම විසින් අලෙවිය සඳහා කහතුඩුවේ සහ මත්තේගොඩ ඉදි කරන ලද රුපියල් හත්කෝටි දස ලක්ෂයක් වටිනා නිවාස හයක් අඩු මිලට තක්සේරු කර ඇමැතිවරයාගේ ඥාතීන් අතර බෙදා දී ඇති බව ද සමාගම කියයි.
පුද්ගලයන් දොළොස් දෙනකු සේවයට බඳවාගෙන ඔවුන් දේශපාලන කටයුතු සඳහා යොදාගෙන ඇති බවත්, ඔවුන්ට වාර්ෂිකව රුපියල් කෝටි හයක් වැටුප් ලෙසා ගෙවා ඇති බවත් සමාගම සඳහන් කරයි.
එම සමාගම හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට ප්‍රශ්න තුනක් යොමු කරයි. ඒවා මෙසේය.
- මත්තේගොඩ සහ කහතුඩුව සුඛෝපභෝගී නිවාස යෝජනා ක්‍රමවලින් නිවා ලබාගත් පිරිස හිටපු විමල් වීරවංශගේ ඥාතීන්ද නැද්ද යන්න ප්‍රකාශ කරන්න.
- ජනාධිපතිවරණය අතරතුර කඩිමුඩියේ රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක දිනපොත් සහ දින දර්ශන මුද්‍රණය කිරීමට අදාළව ඇමැතිවරයාගේ සම්බන්ධයක් නැද්ද ?
- වසරකට රුපියල් කෝටි හයකට වඩා මහජන මුදලින් පඩි ගෙවමින් කිසියම් පිරිසක් නඩත්තු කළේ ද? නැද්ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු රකින්නෙ ඊට වඩා ලොකු හොරු මිසක් අවංක මිනිස්සු නෙමෙයි. (බ)
ප්‍රසිද්ධියේ පසුගිය ආණ්ඩුවට කඩේ ගිය රාජ්‍ය නිලධාරින් තවම යහතින් යහපාලනයට පින්සිද්ධ වෙන්න. නමුත් අදටත් කරන්නේ යටිකූට්ටු වැඩ. කරන්නේ ඉහේ ඉඳන් අග කන එක. (බ)
හොරු කවුරුත් අල්ලන්න ඕනෑ. තව සමහරුත් ඔය අස්සේ චෝදනා පිට චෝදනා ලබලා නේද ඉන්නේ? (නි)
කෙවින්, සමහරුන්ට මැට්ටෝ කියන එක මැට්ටන්ට කරන අපහාසයක් ! (බ)
මට පේන්නේ පසුගිය කාලේ ආණ්ඩුව දිව්වේ මෙයාගේ කටේ බලෙන් ද කොහෙද ! (බ)
මෙදා පාර ලංකාවේ මාරු වුණු සෙනසුරු මාරුව ලක්ෂ 58 කට තදින්ම ඔලුවටම ගහලා වගේ පෙනෙන්නේ ? (බ)
කෙවින් ,මේ වගේ අය යවන්නෙත් අපි වගේ මැට්ටෝ නේ ඉතින් (බ)
මුරලි මොකද්ද සංදර්ශනේ ? . මම ඉන්නේ හෝකන්දර කිට්ටුව මෙය ආණ්ඩුවේ පඩියෙන් හදපු භවන කිට්ටුව. . බොරු සංදර්ශන නෙවෙයි බොරු වයස දාල පාස්පෝට් ගත්තේ කවුද ? (බ)
මොවුන්ව නිහඬ කළයුතුයි (නි)
ඔය කටින් ගහල වැඩ පෙන්වන කට්ටිය අන්තිමේ තමන්ගේ වංක වැඩ හංගන්නේ කටේ බලෙන් තමයි. (බ)
උසස් පෙළ අධ්‍යාපන සුදුසුකමක් වත් නැතිව දේශපාලනයට මිනිස්සුන්ට නාම යෝජනා දෙන්න හොඳ නැහැ. ඡන්දෙ ඉල්ලන්න කලින් තමන්ගේ වත්කම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඕන. තමන්ගේ ව්තරක් නෙවෙයි . බිරිඳගේ පවා. . අපිට ආරංචියි සමහරු නැන්දම්මලාගේ නමටත් දේපල මිලට අරන් කියලා. (බ)
ඔප්පු වෙනකන් පිළිගන්නේ නෑ (බ)
විමල්ට මඩ නොගහා චෝදනා ඔප්පු කරන්නකෝ. ඇයි විමල්ට මේ තරම් බය ? (බ)
එයාගේ වචන වලින් කියනවා නම් ඔකත් තව ක්‍රමන්ත්‍රණයක් (ම)
නිහාල්, දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ කියලා තමයි කියන්න තියෙන්නේ. ඔප්පු කරන්න කලින් ඇස් ගෙඩි දෙකට පේන ඒවා තියෙනවනේ. ඒවා නැහැ කියන්න බැහැනේ.(බ)
පවුල් වතක්ම නැතුව හරිහමන් රස්සාවක් නැතුව අතන මෙතන හිටපු අය තට්ටු මාලිගා හදන්නෙ, සැප වාහන වල යන්නේ දෙයියො දීලද? තව මොනවා ඔප්පු කරන්නද? (බ)
මොකක්ද මේ ලක්මාල් කියන්නේ? බය බවක් කොතැනකවත් මටනම් පේන්න නැහැ. බය නැති නිසානේ ප්‍රසිද්ධියේ චෝදනා කරලා තියෙන්නෙ සහ නිතිය ක්‍රියාත්මක වෙන්නේ? (බ)
වෘර්තීමය විධියට හොරකම් කරන අයගේ හොර අල්ලන්න ටිකක් අමාරුයි තමයි. ලක්මාල් හරි. (බ)
චෝදනා ඔප්පු කරන්න අහු වෙන්නේ ගමේ කෙහෙල් කැන කපපු දුප්පත් හොරා විතරයි. කම්බ හොරු ඔප්පු කරන්න පුළුවන් විදියට හොරකම් කරන්නේ නැහැනේ. (බ)
ලක්මාල් , විමල්ට බය නෙවෙයි විමල් අහු වෙනවාට බය කට්ටිය නම් ඇති. මොකද එතකොට ඒගොල්ලන්ගේත් පටි රෝල් වෙන නිසා. (බ)
මේ ඉහළ සිට පහළටම දෙන ගේමක්.ඒකනේ ඔය පැරදුණු අයව යළිත් කරළියට ගේන්න මේ අය උගුර ලේ රහවෙනකං බෙරිහන් දෙන්නෙ. කඩුවෙල පැත්තෙත් මෙයාගෙ හෝ මෙයාගෙ ඥාතියෙකුගෙ මන්දිරයක් තියෙනව කියලත් ආරංචියි. ඒකට අනුග්‍රහය ලබාගෙන තියෙන්න නිවාස සංවර්ධනෙන් කියලත් කියැවෙනව.මෙයාල විතරක් නොවෙයි පළාත් පාලන ආයතනවල සමහර හිටපු ප්‍රධානීන් පවා හොද වැඩකාරයෝ.සමහරුන්ට බිරින්දෑවරු පමණක් ඉන්නව හිසේ කෙස් ගානට.කොන්ත්‍රාත්වලින් කොමිස් ගත්ත විතරක් නොවෙයි.තමන්ගෙ බල ප්‍රදේශෙයේ වැලි ටික බොරලු ටික පවා හොරාට විකුණගෙන කාපු අය ඉන්නව.එහෙම හොරා කාපු සමහරු දවසකට දහස් ගණන් හෝටල්වලට වියදම් කළ බව කියැවෙනව.මේ අය සම්බන්ධවත් පරීක්ෂණ පටන් ගන්න කියල රජයෙන් ඉල්ලා සිටිනව. (බ)
මට තියන ප්‍රශ්නය , මෙයා බිලියනයක් හොරකම් කළා අරය කෝටියක් හොරකම් කළා අරය කුඩු ගේනවා මෙයා කුඩු ගේනවා කියනවා . ඔය ඔක්කොම විස්තර ඇතිව දන්නවනම් මොකද මෙයාල ට දඩුවම් කරන්නේ නැත්තේ ? කොතනද වරද ? කාගේද වරද ? පත්තර වල දානවා . අපි කියවනවා .අපේ ඇගේ ලේ වතුර කරගන්නවා .(බ)
මේවා වහගන්න තමයි මෙයා වේදිකාවල පුප්පගෙන බෙරිහන්දෙන්නේ (බ)
නන්දන ,අචල,වගේම මෙයත් (විමලෙත්) නුදුරු දිනේක යු.එන් .පි.යත් එක්ක එකතු වෙනවා එ්ක ස්ථිරයි..(බ)
විමල්ගේ හොර ගෙවල් මගඩියට සම්බන්ධ තව කෙනෙක් තමා හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති!! නැත්තම් බස් කොන්දාස්තර වැඩේ කරපු කෙනා අද බස් සමාගමක ඉඩකඩම් ගෙවල් මහා සල්ලි කාරයෙක්? (බ)
ඔන්න යහ පාලනයේ තවත් සංදර්ශනයක්.මේ ආණ්ඩුව මැතිවරණයට කලින් දඩයම් කරන බව පැහැදිලිව පේනවා. කුමන්ත්‍රණවලට ඕනෑම දඩයමක් කරනවා. (බ)
මට පේන්නේ ප්‍රකාශ්ටත් කාගෙන් හරි ගෙයක් හම්බ වෙලා වගේ. අරයා ජාත්‍යන්තර කුමන්ත්‍රණ විශ්ලේෂක ! ප්‍රකාශ් අභ්‍යන්තර කුමන්ත්‍රණ විශ්ලේෂක . පොඩි වෙනසයි තියෙන්නේ. (බ)
ප්‍රකාශ් , එතකොට අර තිරිහන් වෙන්න වයස අඩුවෙන් ලියපු එකත් කුමන්ත්‍රණයක්ද ? (හේ)
ගෙවල් නෙවෙයි පවුල් වුන හැටිත් අපි දන්නවා. ඒත් ඒවා මෙතන ලියන්න සුදුසු නැහැ. (බ)
දේශපාලකයකුගේ වැදගත්කම බිරිඳගේ චර්යාවෙන් මනින්න පුළුවන්. . (බ)
මීට වඩා දරුණු අපරාධ කරපු අය ඇමැති මණ්ඩලයට රිංගල බේරිලා ඉන්නවා..? (බ)
හරියට හරි . පාස්පෝට් කුමන්ත්‍රණය ගැන ප්‍රකාශ් මොකද කියන්නේ ? ඒකත් කලේ පවතින ආණ්ඩුවද ? නැති නම් ඡන්දෙ දුන්න මහජනතාවද ? (බ)
අමතක කරන්න එපා මේ අය චේ ගුවේරා පරපුරෙන් බිහිවුන අති ධාවනකාරී සමාජවාදීන් බව. (බ)
දිෂණ, මෙයාට රිංගන්නවත් තැනක් ඉතිරි වෙලා නැහැනේ. රිංගන්න තිබෙන හැම තැනින්ම රිංගලා. (බ)
ගිරවම තමයි (නදී)
ඔය දේපල එකක්වත් මේගොල්ලන්ගේ නමට නැහැ. පුංචි අම්මල නැන්දම්මලා , කළු නංගි, උක්කුන් මල්ලි , වෙලේ ගෙදර බාප්පා , ලොකු මාමා, චුටි අයියා , සුදු අක්කා, හීන් නැන්දා , හිච්චි මස්සිනා, මද්දුම නැන්දා ආදී ඉඩම් හිමි වැවිලි කරුවන් ගේ නමට ඇත(නදී)
කෝ මේ සුමුදු හේවා ? ගෙවල් ගණන් කරන්න ගිහිල්ලාද ? (නදී)
ඇස් පනා පිට ඔප්පු වෙනවා, ආරංචි කතා,ප්‍රබන්ධ, ප්‍රති පාක්ෂිකයන් එකිනෙකාට චෝදනා කරන නිසා උසාවියෙන් ඔප්පු විය යුතුයි. චෝදනා වලට හිරේ දාන්න ගියොත් ගම්වල එක මිනිහෙක් වත් නැහැ (නදී)
තමන්ගෙ හරි නම භාවිත නොකර ආරූඩ නමක් දාගෙන ඉන්න කෙනා. ආත්මයක් නැහැ මහින්ද පිටින් ගියොත් තමා ආත්මයක් තියෙන්නේ. ඉතිං ඒකටනේ ඔය වලිකන්නේ. අධ්‍යාපනයක් නැතිකම. ජේ.වී.පී. එකේ හිටිය කෙනෙක්ද කියලත් හිතෙනවා. මේ වගේ අයව ජනතා සේවයට ආයෙ නම් අරින්න එපා. (බ)
මට හිතෙනවා කටට හක්කපටස් එකක් දමන්න (නදී)
මේ ආණ්ඩුව ඉතා නිහින ආකාරයට විරුද්දවදීන් මර්දනය කරන්න මාධ්‍ය යොදා ගන්නවා. (බ)
අපේ හිටපු ජනාදිපති රාජපක්ෂ බලයේ හිටියා නම් මේ කිසි දෙයක් නැහැ. එදා කවුරුත් මේ වාගේ චෝදනා නැගුවේ නැහැ. අපේ කරුමෙට එතුමා පරාදයි (නදී)
අනේ අම්මේ ආනන්ද දොඩම්ගොඩ ඔයා නම් පුදුම බුද්ධිමතෙක්. අල්ලගෙන ඉඹින්න තියෙනවානම් (බ)
මෙයා තමයි ගම රට කෑවේ, කට මුකරි වගේම වැඩත් මහින්ද මහත්තය තාම මෙයාලව විශ්වාස කරනවා, මහින්ද මහත්තයාගේ ළගම නෑයොත් එදා වේල කන්න නැතිව අදත් ඉන්නවා. මෙය සත්‍යක් . (බ)
ඔයා ඉස්සර අවංකව රට ගැන කතා කළ කොන්ද පන තියාගන හිටපු මිනිහෙක් වගේ පෙනුනේ . පස්සේ ලොක්කන්ගේ ජරාව රහ වැටුන .දැන් ඉතින් සිංහ හමකින් වහගන හිටපු හිවලාගේ සැබැ ස්වරුපය ඉස්මතු වුණා (බ)
බටහිර විජාතික කුමන්ත්‍රණ විමල් කියන්නේ සැබෑ ගිරවෙක් ! බටහිර බිල්ලෝ මවන විමල් අද වල්මත්වෙලා ! (බ)
කිසිදු දේශපාලනඥයෙක් වංචා දූෂණ අහුවෙන විදියට කරන්නේ නෑ. යමෙකු එසේ කර ඇත්නම් ඔහු නියත වශයෙන්ම බලයේ සිටින කණ්ඩායමට එකතු වී ආරක්ෂාව ලබා ගන්නවා. ශ්‍රී ලාංකීය දේශපාලනයේ මෙතෙක් පැවති ක්‍රමය එයයි. ඉදිරියටත් එය එසේම සිදුවේවි. (බ)
පුදුම හොරකම්නේ මේවා! (නි)
කෝ දැන් මෙයාලට කඩේ යන කට්ටිය? (නි)
මේවා මහජන මුදල්, තව හිටියානම් තව මොනවා කරයිද? කන්ඩ නැතුව සමහරු දිවි නසා ගන්නවා (බ)
ඕක තමා මහින්දට ඔච්චර ආදරේ (බ)
තාමත් රෙදි ඇඳගෙන කතා කරනවා. (බ)
අනේ අප්පේ අපි වගේ මෝඩ රැලක්. මේවගේ මිනිස්සුන්ව නේද උලුප්පල තියන්න හදන්නේ ජනතා සේවයට කියලා. (බ)
මෙන්න පිළි්තුරු 1. තුන් සිංහලයම නෑදෑයෝ (එක රජකෙි) 2. කිසිම සම්බන්ධයක් නැත. විදේශ කුමණ්ත්‍රණ කරුවන් ආර්ථික ඝාතකයා එක්ව කළ ව්‍යාපෘතියකි. 3. නැත. නඩත්තු කිරීමක් නොව වැටුප් ගෙවීමකි (බ)
මේ මිනිස්සු හිරේ දමන්නයි වටින්නේ (බ)
ඕව කියල වැඩක් නෑ...අපි දන්නවා ඒ අය හොරකම් කළ විත්තිය. කෝ දඬුවම්..තවමත් බුර බුර ඔය රට වටේ යන්නේ.(බ)
මෙතන ලියන සමහරුන්ටත් ගෙවල් බෙදලා වගේ කියලා අපිට නම් හිතන්නේ .(බ)
කඩවත පාන් කියාගන්න බැරුව හිටපු කෙනා මාලිගා දෙකක් තමන්ටම හදා ගන්නකොට ඕන මෝඩයෙක්ට තේරෙනවා අපේ සල්ලි හොරකම් කරලා තමයි කියලා. දැන් ඉතින් කාගේ හරි එල්ලිලා මේවා යට ගහ ගන්නයි බලන්නේ. (බ)
අපේ සල්ලි සම්පත් හොරා කාල තවත් අපිව රවට්ටන්න එනවා හන්දි ගානේ මීටිං තියල, අපි තවත් මෝඩ නැහැ (බ)
මේ කිසි දෙයක් පිළිනොගන්නා උදවියත් ලංකාවේ ඉන්න එකනේ වැඩේ. (බ)
ඕක තමයි මෙයා මහින්ද මහත්තයාට තිබෙන ආදරේ රහස ! (බ)
ඒ අතරේ වයස අඩුවෙන් ලිය කියවිලි වලට දාල තිරිහන් කල නෑදෑයොත් ඉන්නවද දන්නෙ නැහැ. (බ)
දැන් ඉතින් ඔන්න පපුව අල්ල ගෙන හාන්සි වේවි. බැරිය එතකොට ලොක්කාට මාධ්‍ය කණ්ඩායමකුත් එක්ක මගේ ගෝලයන්ගෙන් පළි ගන්න හැටි කියාගෙන රෝහලට යන්න. (බ)
දේශප්‍රේමී ලේබලය ගහගත් ජනතා ද්‍රෝහියෝ (බ)
බටහිර කුමන්ත්‍රණවලින් රට බේරාගත් මනුස්සයා කළ පොඩි ඥාතී සංග්‍රහායක්.ඕක ලොකු වරදක්ද?ඒ වගේද බටහිර කුමන්ත්‍රනවලින් රට අරාජික වුනොත්. (බ)
ඇත්ත දොඩම්ගොඩ, රටේම ඉන්න කම්බ හොරුන් නිසා තමයි මහින්ද පරාද වුණේ (නි)
ඕකට තමයි වීරවංශ මහත්තයෝ කියන්නෙ කටේ නරිවාදන් රෙද්දපල්ලෙන් බේරෙනව කියල. (බ)
මුළු ලෝකෙන්ම අඩුම අධ්‍යාපන මට්ටමක් ඇති එහෙත් ඉහල තනතුරු දරන දේශපාලකයන් ඉන්නේ ලංකාවේ. (බ)
එක්තරා දේශපාලකයෙක් දෙක දෙකෙන් බෙදුවාම බින්දුවයි කියලා. මෙහෙම දැන උගත් කට්ටියට රට භාර දෙනකොට මේ වගේ ආශ්චර්යමත් ප්‍රතිපල තමයි ලැබෙන්නේ. (බ)
ඔය ඔක්කොම කතා පමණි චෝදනා ඔප්පු කරන්න. (බ)
තව කටේ සද්දේ කොහොමද ? තලවතුගොඩ පැත්තේ නිවාස සංකීර්ණයක් අරන් කියලත් ආරංචියි. (බ)
සමාජවාදය රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා ! ඒත් කටේ නම් අඩුවක් නැහැ. . පහුගිය කාලයේ මෙයා ලව්වා ප්‍රතිවාදීන්ට කටින් මඩ ගස්සපු අයටත් රෙදි ඇඳන් පාරේ යන්න පුලුවන්ද කියලා මම නම් දන්නේ නැහැ. (බ)
සමහරු මේ වගේ කට්ටිය ළඟින් තියා ගත්තේ මොකටද කියල අපිට දැනුයි තේරෙන්නේ. (බ)
මෙයාල හිතන්නේ ලංකාවේ මිනිස්සු මරි මෝඩයෝ කියලා. අධ්‍යාපන සුදුසුකම් හෝ වෘත්තියක් තියා සමහරුන්ට වගේ පරම්පරා දේපලවත් නැති මිනිස්සු හිටි ගමන් ලක්ෂේට කොඩිය දාන කොට නොතේරෙන්නේ කාටද ? මේ වගේ කට්ටිය ගේ තිබෙන එකම සුදුසු කම ප්‍රතිවාදීන්ට කටින් අපහාස කරලා මඩ ගහන්න යොදා ගන්න දේශපාලක ඉත්තෙකු වීම.(නදී)
මේගොල්ලන්ගේ නෝනලාටත් මේ රටේ අනෙක් සාමාන්‍ය මිනිස්සුන්ගේ නෝනලාට වලංගු නීතිය බලපානවා කියල අපිට නම් පේන්නේ නැහැ. (නදී)
ප්‍රස්නාර්ත ලකුණක් අගට තියෙනවා. අදහස් ලියන්නේ කොහොමද ? (නදී)
රණතුංග, රෙදි අඳින්න ඕන කියල හිතන කට්ටිය මෙයා වගේ හයියෙන් බෙරිහන් දෙන්නේ නැහැනේ. (නදී)
අල්ලා ගන්න ඕන මෙයාව නෙවෙයි මෙයාට අත දිග ඇරලා බෙදන්න ඉඩ දුන්න කෙනාව. (නදී)
මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. මෙයා කිසිම වරදක් කරපු කෙනෙක් නෙවෙයි (නදී).
වරදක් කර ඈති නම් නඩු දමා නීතියෙන් කටයුතු කරන්න ....බොරු සංදර්ශන නොදමා......හොරුන් අල්ලනවා මිස බොරු සංදර්ශන වැඩක් නැත. (නදී)
රටකෑව මදිවට තව කයිවාරු ගහන්නත් එනවා. මේ විතරක් නෙමෙයි මීට පහළ ස්ථර වල හිටපු එක එක අමාත්‍යංශ හෙංචයියොත් රටේ සල්ලි හොරා කෑවා. නමුත් ඔවුන් තාමත් යෙහෙන් ඉන්නවා එම පුටු වලම. ඒවත් හොයන්න. ඒවත් අපේ සල්ලි. (නදී)
මීට පස්සෙ ඡන්දෙට නාමයෝජනා දෙනකොට අධ්‍යාපන සුදුසකමුත් ප්‍රසිද්ධ කරන්න කියලා නීතියක් ආවනම් හරි. එතකොටවත් ටිකක් හරි මැට්ටෝ පාර්ලිමේන්තු යවන එක නතර වෙයි.(නදී)