වරල්ල යෝල්ටා තේ කම්හල මැයි 20,21 වෙන්දේසියට ඉදිරිපත් කළ එෆ් බී ඕ පී එෆ් - එක්ස් එස් පී වර්ගයට අයත් තේ කිලෝවකට ඉතිහාසයේ වැඩිම මිලක් ලබා ගැනීමට හැකි වු බවත් කිලෝවක් රුපියල් 5850 අලෙවි වු බවත් තේ කම්හලේ නව පාලන අධිකාරී ශිරාන් ගුණවර්ධන මහතා පැවසීය.
මෙම තේ තොගය සිලෝන් ටී බ්‍රෝකර් සමාගමෙන් වෙන්දේසියට ඉදිරිපත් කළේය.අක්බාර් බ්‍රදර් සමාගම එම තේ මිලට ගත්තේය.
යෝල්ටා තේ කම්හලේ නව අධිකාරී ගුණවර්ධන මහතා පැවසුයේ ප්‍රදේශයේ තේ දළු සහ ආයතනයේ තේ නිෂ්පාදන අංශය හා සේවක මණ්ඩලයේ උනන්දුව මත මෙම ජයග්‍රණය කරා යොමු වු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් සුභ පැතුම්! (නි)
වසා දමන ලද තේ කම්හල් බද්දට ගන්නා පිරිස් ඒ අවට ප්‍රදේශවල ඇති තේ කම්හල් වලින් කසල තේ රැගෙන විත් කරනු ලබන හොර තේ කොළ ජාවාරම් වැළකෙන්නේ නම් අපේ රටේ හොද තේ කොළ වලට මීටත්වඩා ඉහළ මිලක් ලැබෙනු ඇති. (දී)
ඔබ ආයතනය ලද ජයග්‍රහණයට අපේ උණුසුම් සුබ පැතුම්......! (දී)